IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


අයි.එම්.එෆ්. ණය ගැන ජනතාව අවදියෙන් ඉන්න

(යොහාන් භාසුර)

රට බංකොළොත් පිරිසට නැවත රට ගොඩනැගිය හැකිදැයි ගැටලුවක් ඇති බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් (අයි.එම්.එෆ්.) රට බංකොළොත් පිරිසටම ණය දී ඇති නිසා ජනතාව අවදියෙන් සිටිය යුතු බවත් කොළඹ තරුණ බෞද්ධ සංගමයේ සභාපති මහේන්ද්‍ර ජයසේකර මහතා අද (24) පැවසීය.

අයි.එම්.එෆ්. ණය ලැබීම පිළිබඳව ජනතාව සතුටුවීම නොව සැනසුම් සුසුමක් හෙළිය යුතු බව කී මහේන්ද්‍ර ජයසේකර මහතා එම ණය පීඩාවට පත්ව සිටින ජනතාවට හුස්ම ගැනීමට ලැබුණු අවස්ථාවක් බව ද සඳහන් කළේය.

පනත් සම්මත කිරීම සහ නව ආර්ථික ප්‍රතිපත්ති ගෙන ඒම වර්තමාන ආර්ථික අර්බුදයට විසඳුමක් නොවන බවත් 2003 වසරේ සම්මත කළ මූල්‍ය වගකීම සහතික කිරීමේ පනත වසර 20 කට පසුව එය සම්ම්ත කළ පිරිසට නැවත මතක් වී ඇති බවත් ඒ මහතා වැඩි දුරටත් කීය.

සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් කොළඹදී අද (24) පැවැත්වූ විශේෂ මාධ්‍ය හමුවකදී කොළඹ තරුණ බෞද්ධ සංගමයේ සභාපති මහේන්ද්‍ර ජයසේකර මහතා එසේ පැවසීය. 



අදහස් (0)

අයි.එම්.එෆ්. ණය ගැන ජනතාව අවදියෙන් ඉන්න

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 434 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 241 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1031 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site