
(ඩී.ජී.සුගතපාල)
ගාල්ල දඩල්ල කනත්ත අසලදි යතුරු පැදියකින් ගමන් කරමින් සිටි අඹු සැමි යුවලකට මීට සුව වේලාවකට පෙර එල්ල කළ වෙඩි පහරකින් සැමියා එම ස්ථානයේම මියගොස් තුවාල ලැබු බිරිඳ කරාපිටිය රෝහලට ඇතුලත් කළ බවත් ගාල්ල පොලිසිය පවසයි.
මෙසේ ඝාතනයකර ඇත්තේ වංචාවල මැලැගොඩ පදිංචි 45 හැවිරිදි බරණසුරිය පටබැඳිගේ පැතුම් හෙවත්සඳමිණි ලොක්කා නමැති අයෙකි.
ඔහු බිරිඳ සමග යතුරු පැදියෙන් ගිංතොට සිට ගාල්ල දෙසට එමින් සිටියදි යතුරු පැදියකින් පැමිණි දෙදෙනකු කනත්ත අසලදි ටී.56 ගිනි අවියකින් වෙඩිතබා ගාල්ල දෙසට පලාගොස් ඇති බව පොලිසිය පවසයි.
වෙඩි වැදි යතුරු පැදිය සමග වැටුන පසුද වෙඩික්කරුවන් යලිත් වෙඩි තබා ඇති බවද පරික්ෂනවලදි අනාවරණයවි තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි 3න් 2ටත් වැඩියෙන් ආණ්ඩුවට දුන්නා. කෝ තවම පාතාලය ආණ්ඩු කරන්නේ..!
මේ ඝාතන නවත්වන්න නම්, වහාම මෙවැනි දේ සඳහා විශේෂ උසාවියක් පිහිටුවා, පරීක්ෂණ මාසෙන් ඉවර කර චූදිතයන් එල්ලා මරණ නීතිය නැවත ගෙන එන්න. එතකොට මිනීමැරීම් වහාම නවතීවි.
අනේ මන්දා කවදා මේවා නතර වෙයිද?