( ශාන්ත චන්ද්‍රසිරි)
අඹේවෙල- රේන්දපොල මාර්ගය කලුපාලම ප්‍රදේශය ආසන්නයේදී නායයාම හේතුවෙන් එම මාර්ගයේ රථවාහන ගමනාගමනය සම්පුර්ණයෙන් අද (12) සිට නවතා දැමීමට පියවර ගෙන ඇති බව නුවරඑළිය දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂ නිමල් බණ්ඩාර මහතා පැවැසීය.
පවතින දැඩි වර්ෂාව හේතුවෙන් මෙම මාර්ගයේ විශාල කොටසක් නායයාමට ලක්ව ඇති බවත්, එම නිසා මාර්ගයේ රථවාහන ගමනාගමන සම්පුර්ණයෙන් නවතා දැමීමට පියවර ගෙන ඇති බවද බණ්ඩාර මහතා කීය.
මාර්ගයේ විශාල කොටසක් නායයාමට ලක්ව පහළින් පිහිටි ප්‍රපාත ප්‍රදේශයට කඩා ගෙන ගොස් ඇති බවත්, නායයාම සිදුවන අවස්ථාවේ එම ස්ථානයේ නවතා තිබු ත්‍රී රෝද රථයක්ද නායයාමට හසුව පස් තට්ටුවත් සමග ප්‍රපාතයට ඇදගෙන යාම හේතුවෙන් එම රථයට දැඩි හානි සිදුව ඇතැයිද බණ්ඩාර මහතා පැවැසීය.

2025 දෙසැම්බර් මස 18
182
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
159
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
961
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අඹේවෙල-රේන්දපොල මාර්ගය නාය යයි