මානව ශිෂ්ඨාචාරයේ ආරම්භය විකාශනය පිළිබඳව කිසියම් ඉඟියක් වර්තමානයට දිය හැකි සාධක කිහිපයක් මහව අඹන්පොල ගුරු ගොඩ කැනීම්වලින් සොයා ගෙන ඇතැයි එහි පර්යේෂණ නිලධාරී රසික බංඩාර මහතා පවසයි.
ප්‍රාග් ඓතිහාසික මානව ශිෂ්ටාචාරය හා සබඳකම් ඇති වාරි ශිෂ්ටාචාරයත් ගුරුගොඩ ගල් සොහොන් කොතත් ඒ පිළිබඳව සාක්කි සපයන බව පර්යේෂකයෝ කියති.
යාපහුව-ගල්ගමුව අතර අඹන්පොළ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ අතරගල්ල ගම්මායිමට ආසන්නව පිහිටි 131 ගුරුගොඩ ප්‍රදේශයේ දී මෙම තොරතුරු වසරක කැනීමකින් අනතුරුව සොයා ගැනීමට හැකි වූ බව ඔවුහු පවසති.
මෙම ප්‍රදේශයේ පැවති වාරිශිෂ්ටාචාරයට අඹකොලවැව, මැඩියාව, අතරගල්ල, පාළුකඩවල හා මීඔය සාක්කි සපයයි.
මෙම ගල් සොහොනට අවුරුදු 30,000කට වැඩි දිගු ඉතිහාසයක් ඇති බවට ඔවුහු විශ්වාසය පළ කරති.
ඊට හේතු ලෙස පෙන්වා දෙමින් ප්‍රධාන පර්යේෂණ නිලධාරී බංඩාර මහතා මෙසේ කියයි.
‘ලංකාවේ පැරණි මානව ශිෂ්ටාචාරය ස්ථාපිත කිරීමට ජලය මූලික කර ගෙන තියෙනවා. මෙම ප්‍රදේශයේ පරිසරය ජීවත් වීමට සුදුසු භූමිකාවක් කරගෙන ඇත. සොහොන පිහිටි ස්ථානයේ බිම අඩි දෙකක් තුනක් පහළට පස් ගත් විට බොරළු පසක් දක්නට ලැබෙනවා. එහි කිසිදු කෘෂි කටයුත්තක් කරන්න බෑ. ඒ නිසා එම කොටස සොහොන් කොතට භාවිතා කරන්නට ඇතැයි සිතනවා.
‘වටේම තැබූ ගල් මත ඉහළ ගල් ආවරණයක් යොදා එහි යට (පොළොව) මැරුණ අයගේ පිලිස්සූ අළු තැන්පත් කර ඇති බවට තොරතුරු අනාවරණය වුණා.
නොදියුණු සම්ප්‍රදායික ලක්ෂණ මෙන්ම එවැනි සම්ප්‍රදායක් කර පින්නාගත් පිරිසක් සිටි බවට අනුමාන කරනවා. අදටත් මෙහි ජීවත් වන ජනයා ඒ සම්ප්‍රදාය මත කටයුතු කරන පිරිසක් බවට පත්ව සිටිනවා.
වැදි පරම්පරාවකට සම්බන්ධකම් ඇති බවට එම ප්‍රදේශයේ ජනයාගේ වාසගම් වලින් පිළිබිඹු වෙනවා.
ඇදිදුන්න විවිදිතිලක සිංහ සිංහ ප්‍රතාප වන්නිනායක රංගේ බංඩාර මුදියන්සේලාගේ ආදී වාසගම් දක්නට ලැබෙනවා. මෙයින් පැහැදිලි වෙනවා ඉතා දිගු කාලීන ඉතිහාසයක් මෙම පිරිසට නෑකම් ඇති බවට.
මෙහිදී ක්‍රිස්තු පූර්ව හාරසිය සියවසේ අක්ෂර හමුවී තිබෙනවා. එයින් භාෂාව සාහිත්‍ය සන්නිවේදනය ගැන තොරතුරු රාශියක් මතුවෙනවා.
අනුරාධපුර, පොළොන්නරු යුගවලට අයත් යැයි සැලකෙන කාසි හා රන්මාලයක යැයි සැලකෙන පබළු 500ක්, දේව රූප යැයි සැලකෙන මැටි පිළිම 10ක් රන් මාල කෑලි කිහිපයක්, ගෘහ නිර්මාන සඳහා යොදා ගත ගඩොල් වර්ග හැඩතල 20ක් ආදිය හමුව තිබේ.
මෙහිදී සොයා ගෙන ඇති සෙල්ලිපියෙන් ඓතිහාසික තොරතුරු රැසක් හමුව ඇති බව රසික බණ්ඩාර මහතා පෙන්වා දෙයි.
සෙන්ටි මීටර 180ක් දිග සෙන්ටි මීටර 40ක් පමණ පළල මෙම සෙල්ලිපියෙහි දළ වශයෙන් අක්ෂරයක පළල සෙන්ටිමීර පහක් පමණ වේ. මෙහි අක්ෂර ලක්ෂණවලට අනුව ශිලා ලේඛනය ක්‍රිස්තු වර්ෂ පස් වැනි සියවසට පමණ අයත් යැයි සැළකේ. මෙහි එකම ස්ථානයේ සෙල්ලිපි තුනක් පමණ පිහිටුවා ඇති බව හදුනා ගෙන ඇත.
වඩා හොදින් කියවා ගත හැක්කේ එක් සෙල්ලිපියක් පමණි.
එහි තනි පෙළක් වශයෙන් ලියවී ඇති බව සිතිය හැකි අතර අවසන් පද කිහිපය පමණක් හඳුනා ගත හැකිය.
‘ම(නි) .. යන චිදි වහරල
අර්ථය - .... යන් වහරල මුදවන ලදී.
දෙවැනි ලිපිය -
පළමු ලිපියට පහළින් දෙපෙළක් වශයෙන් ලියා ඇත. මේවා එකිනෙකට වෙන් කර හඳුනා ගැනීමට දුෂ්කරය. වැදගත් කරුණ වන්නේ සෙල්ලිපි පිහිටි එම නටබුන් විහාරයෙහි පැරණි නාමය සදහන් වේ.
පෙළ - අතරගල වි(හ) වෛඩු මිහිදලහ වරිල .... (ත).. රිග
අර්ථය - අතරගල විහාරයෙහි වඩු මිහිදල ගේ වහරල. (වහරල යනු වහල් යැයි කියැවේ)
මෙම තොරතුරු අතරගල විහාරයේ නටඹුන් වලට හොඳම සාක්කියකි.
මෙම ස්ථානය අවට පිළිම ගෙයක්, ප්‍රාකාර බැම්ම, ගොඩනැගිලි, ගල් කණු ආදියෙහි ලක්ෂණ හදුනා ගත හැකිය. අතරගල්ල යනුවෙන් ගම්මානයක් ද අද වන විටත් පවතී.
මෙම කැනීම් මධ්‍යම සංස්කෘතික අරමුදල, වයඹ සංස්කෘතික චතුරස්‍රය හා සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍යංශය එක්ව සිදු කෙරේ.
මධ්‍යම සංස්කෘතික අරමුදල අධ්‍යක්ෂ ජනරාල් ගාමිණී අධිකාරී, යාපහුව ව්‍යාපෘති කළමනාකරු පී ආර් එස් බංඩාරනායක, සහකාර අධ්‍යක්ෂ සුමේධ කරනරත්න හා පුහුණු පර්යේෂණ නිලධාරීන් වන ගයනී චතුරිකා, උදේශිකා මෙම කැනීම් කටයුතුවලට දායක වූහ.
ප්‍රධාන පර්යේෂණ නිලධාරී රසික බණ්ඩාර මහතා
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කෙනත් ඒහෙනමි අපිත් දැන් වැදි පරපුෙර් මිනිස්සු නේද ?
පුරාවිද්‍යා නිලධාරීන්ට මෙවැනි උරුමයන් සංරක්ෂණය කිරීම ගැන ප්‍රණාමය. මේවා රැක ගැනීමත් කිරීමත් සිදු කරන්න. මෙම වැදගත් පුවත සමග පින්තූර පළ කිරීම ගැන ලංකාදීපයට ස්තුතියි (අ)
වෙන්න පුළුවන් සජිත්. ඒ උනාට කෙනත්ගේ අදහස විහිලුවට ගන්න එපා. මේ අය ක්‍රිස්තු පූර්ව හාරසිය ගණන් වලදී සන්නිවේදනය සඳහා අක්ෂර භාවිත කල දියුණු මිනිසුන් කොට්ටාශයක්. කොළ අතු එල්ලගෙන නෙවෙයි, රන් හා පබළු ඇඳි පිරිසක්. ආඩම්බර වෙන්න අපේ උරුමය ගැන. (නදී)
ඔය පබළු හදලා තියෙන්නෙ ප්ලාස්ටික් වලින්ද? (නදී)
අපි සල්ලි පස්සේ දුවනකොට පිරිසක් අපේ පස්සේ ඉතිහාසය සොයනවා. කැපකිරීම්වලට ගොඩක් ස්තුතියි.(නදී)
නිධානයක් වගෙයි මට නම් පෙනෙන්නේ. (නි)
එඩ්මන්, ඉතිහාසය සංස්කෘතිය සහ උරුමය නොදත් කොන්දක් නැති නිවට පරපුරක් බිහිවීම වලක්වීමටයි අපේ ඉතිහාසය ගැන ඉගෙනගන්න ඕන. අපේ යටගිය දැනුම, එක්තැන් කර දියුණු කිරීමෙන් බටහිර දැනුමට අභියෝග කරන ජාතියක් ගොඩනගුනොත් අපිට ස්වාදීනව නැගිටින්න පුළුවන්. බටහිර අධ්‍යාපනය අපේ බොදු සංස්කෘතිය ප්‍රතික්ෂේප කරනවා, මෙතුලින් බිහිවෙන ළමයි අනාගතේ බටහිර රුකඩ වෙනවා. මේකට පිළියම අපේ අධ්‍යාපනය සැකසීම , හෙළ විද්‍යා දැනුම ඉගැන්වීම. මේවට පරීක්ෂණ අධ්‍යයන මදි , හේතුව ඒ චින්තනය අපට පවතින අධ්‍යාපන ක්‍රමයෙන් නොලැබීම. නැත්නම් හෙට ජාත්‍යන්තර පාසල් වලින් බුරුතුපිටින් එලියට එන හෙළ සිරිත් නොඅගයන දරුවන් අපිව බටහිර කොලනියක් කරයි.(දිල්)
වටිනා සොයා ගැනීමක්.සියලු දෙනාට ගොඞාක් ස්තුතියි. අපේ ආරම්භය තව බොහෝ දුරයි.බුද්ධ දර්ශනය දවසින් දවස මොනවට ඔප්පු වෙනවා. (නි)
අපෙන් සුභ පැතුම්! (නි)
කෙනත් ඔබ හරි අපි අපේ ඉදිරි පරපුර දැනුවත් කරන්න ඕන අපේ අබිමානවත් පෞඩ සිංහල ඉතිහාසය ගැන. එත් සමහර බත්ගොට්ටන්ට නම් ඔබ කියපු වටිනා දේ විහිළුවක් වෙලා (අ)
ටෙනිසන්, මම නම් පෞද්ගලිකව කැමතියි විජයගෙන් පැවතගෙන එන කෙනෙක් කියල හිතනවට වඩා රාවණගෙන් පැවතගෙන එන කෙනෙක් කියල හිතන්න, ඒ මම මා ගැන හිතන විදිහ. සැබෑම ශ්‍රී ලංකික රාවණගේ කාලේ, මේ රට ඉතාම දියුණු තත්වයක තිබුන බවට සාක්ෂි තියෙනවා. (අ)
ඉන්දු කාගැනද මේ ආඩම්බර වෙන්න කියන්නේ. මට නම් මේක මහා අන්ඩර දෙමළයක්.මේ කැනීම් වල සියවස් තුන්සියයක් ගැන කතා කරන්නේ. අපි පැවතෙන්නේ විජය ගෙන්ලු. විජයාවතරණයට තවම සියවස් තිහක්වත් නැහැ .අනේ මන්දා දන්නා කෙනෙක් පැහැදිලි කරලා දුන්නොත් හොදයි.(නදී)
අපේ ඉතිහාසය ගැන කියනකොට ලොකු සතුටක් දැනෙනවා. (නදී)
අපි හොද ඉතිහාසයක් තියෙන මිනිස්සු කියල මුළු ලෝකෙටම කියන්න හොද අවස්ථාවක්.(නදී)
අපේ දුපතේ මම හෑරුවා වලක්. බැරල් වලලන්නයි කියලා. කිරි අප්පට බල්ලෝ පැනපි මල්ලියේ. පෞරානික කල්දේරම් වගයක් හමු වුනා. ඒවාත් ඒ කාලේ පෙරපු අයගේ වෙන්න ඇති. කොහේද ප්‍රසිද්ධ කරන්න පුලුවනෑ. දැන් ඒවා මම අපේ වැඩට පාවිච්චි කරනවා.(නදී)
අපොයි පෙන්වන්න එපා ,බැකෝ එකක් ගෙනත් හරා ගනීවි. (නදී)
සමහරු ශීත කාමරවල ඉඳගෙන මේ රටේ ශත වර්ෂ ගණනාවක් තුළ පැවත ගෙන එන අපේ සංස්කෘතිය වළට ඇදලා දාන්න පිඹුරු පත් සකස් කරන්න දඟලනවා. මේ ඇත්තෝ අපේ මුතුන් මිත්තෝ දිවි හිමියෙන් ආරක්ෂා කරගෙන මතු පරපුරට දායාද කළ ස්පර්ශ, අස්පර්ශ උරුමය වලෙන් ගොඩ ගන්න අව්වට වේලෙමින් වැස්සට තෙමෙමින් රුදුරු මැසිකලන්ගේ පීඩාවට පත් වෙමින් මතු නොව සිය අඹු දරුවන් ට ස්වාමියෙකුගෙන් හා පියකුගෙන් ඉටුවිය යුතු යුතුකම් හා වගකීම් පවා පසෙක තබා, දරන්නා වූ අප්‍රතිහත ධෛර්ය ට, මහන්සියට, උත්සාහයට සහ කැපවීමට උපහාරයක් ලෙස අපේ ප්‍රණාමය! අද මේ රටේ පිදෙන තරමක් උපහාර ,පදක්කම්, තාන්න මාන්න ,බහුතරය පිදෙන්නේ සිය අන්තේ වාසිකයන්ට හා රිසි රිසි පරිද්දෙන් සිය සිත පමණක් නොව ගතද සනහන අවස්ථාවාදීන්ට පමණි.(නදී)
රසික බණ්ඩාර මහත්තයෝ කරුණාකර පුළුවන් නම් අර ගල්පුවරුවේ ඇති අක්ෂර ටික කියවන්න බලන්න. අව්ව වැස්ස නොබලා කරන සේවයටට අපි නයගැතියි.(නදී)
කාගේ හරි ප්‍රසිද්ධ වත්තක් තියෙනවා නේද ඔය පැත්තේ? (නදී)
"වන්නිනායක, රංගේ බණ්ඩාර, මුදියන්සේලාගේ" වාසගම් ඇවිල්ල වැද්දෝ නොවෙයි. එයාල නියම ගොවිගම. නියම සිංහල ගොවියෝ. මෙයාලගේ පර්යේෂණ පිලිබඳ ඒකෙන්ම හිතා ගන්න පුළුවන්.(නදී)
අනේ දැන් ඉතින් පෝලිමට නිදන් හාරන්න යාවිද දන්නේ නැහැ. (නදී)
‘වටේම තැබූ ගල් මත ඉහළ ගල් ආවරණයක් යොදා එහි යට (පොළොව) මැරුණ අයගේ පිලිස්සූ අළු තැන්පත් කර ඇති බවට තොරතුරු අනාවරණය වුණා. "නොදියුණු සම්ප්‍රදායික ලක්ෂණ මෙන්ම එවැනි සම්ප්‍රදායක් කර පින්නාගත් පිරිසක් සිටි බවට අනුමාන කරනවා. අදටත් මෙහි ජීවත් වන ජනයා ඒ සම්ප්‍රදාය මත කටයුතු කරන පිරිසක් බවට පත්ව සිටිනවා. " මම නම් මේකට එකග නැහැ, අදාහන චාරිත්‍ර සහ අළු සොහොන් කිරීම නොදියුණු ලක්ෂණ නොවෙයි, ඒවා ඉතා දියුණු ශිෂ්ඨාචාර ලක්ෂණයි. අනෙක මෙහි පුරාවිද්‍යා ස්තර දෙකක් ගැන කතා වෙන හැඩයි, ප්‍රාග් ඓතිහාසික යුගයක් මෙන්ම සිංහල බෞද්ධ වාරි ශිෂ්ඨාචාරයකුත් (අනුරපුර යුගය) මෙහි ඇති බවයි පෙනෙන්නේ. (නදී)
නමුත් අපේ මුතුන් මිත්තෝ සැමතැනම සෙල් ලිපි ගල් පුවරු වල ගලේ කොටලා විස්තර කරලා තිබීම නිසා , කාටවත් බැහැ මේවා දෙමල ජනාවාස කියල ඔප්පුකරන්න, සිංහල මහාවංශයත් ඊළාම්වාදීන්ගේ බොරු බේගල් වලට තිබෙන ප්‍රභල භාධාවක් නිසයි, දෙමල ජාතිවාදයට පොහොර දමන බටහිර විද්වතුන් මහාවංශ යට පහර ගහන්නේ. ඒ විවේචන දැනුමක් වෙලා මෙරට අධ්‍යාපන ග්‍රන්ථ තුලටම රිංගීම නිසා අද පරපුර මහාවංශය හුදු ප්‍රවාදයක් ලෙස බැහැර කරනවා. මෙය විශාල කුමන්ත්‍රණයක්. සිංහල අපි උතුම් මහාවංශය, දීපවංශය, තුපවංශය , ධාතුවංශය රැකගන්න ඕනා. සෑම දෙමාපියෙක්ම සිංහල මහාවංශය තමන්ගේ ගෙදර තබගන්නත් දරුවන්ට එය කියවීමට දීමත් අනිවාර්යෙන්ම කල යුත්තක්.(නදී)
කෙනත් අපේ ළමුන්ට වංශයය ගැන කියා දෙන්න වංශේ කපබල් ගාන්න තමයි වෙන්නේ.(නදී)