(කාංචන කුමාර ආරියදාස)
නාඋල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ගම්මාන නමයකට ගමන් කිරීමට ඇති එකම මාර්ගයේ අඹන් ගඟ හරහා පිහිටා ඇති අඹන පාලම පසුගියදා ඇතිවූ ගංවතුර තත්ත්වය නිසා දැඩි ලෙස අවදානම් තත්ත්වයට පත්ව ඇතැයි ප්‍රදේශවාසීහු පෙන්වා දෙති.
දින හතරක පමණ කාලයක් එක දිගටම මෙම අඹන් ගඟ හරහා වැටී ඇති අඹන පාලම මතින් අඩි තිහකට වඩා ඉහළ ජල කඳක් බෝවතැන්න ජලාශයේ වාන් දොරටු විවෘත කිරීමත් සමඟ ගඟ හරහා මොරගාකන්ද ජලාශයට ගලා බසින්නට විය.
කෙසේ වෙතත් මෙම ගම්මාන නවයක ජනතාව දින හතරක් තිස්සේ ගමට කොටුවී සිට 30 දින උදෑසන වන විට වතුර ප්‍රමාණය අඩුවීමත් සමඟ ඔවුන් මහමගට බැසීම ආරම්භ කරන්නට විය.
උදෑසන සාමාන්‍ය පරිදි රාජකාරී කටයුතු සිදු කිරීමට පැමිණ පරීක්‍ෂා කර බැලීමේදී අඹන් ගඟ හරහා තම ගම්මාන නමයකට ගමන් කිරීමට ඇති එකම මාර්ගය පාලම තැනින් තැන කඩාගෙන ගොස් ගමනාගමනයට පවා දැඩි අවදානම් තත්ත්වයක පවතින බව ඔවුහු පෙන්වා දෙති.
මීට පෙර අවස්ථා ගණනාවකදීම අඹන් ගඟ හරහා වැටී ඇති මෙම පාලම අවදානම් බවත් එය කඩිනමින් පිළිසකර කර දෙන ලෙස බලධාරීන්ගෙන් ඉල්ලීම් කළ ද කිසිදු අවධානමක් යොමු නොවුණු බව ජනතාව පෙන්වා දුන්හ.
මෙම මාර්ගයේ බස් රථ ගමනාගමනය කෘෂිකර්මාන්තයේ ජීවත් වන බහුතර ජනතාවගේ නිෂ්පාදන වෙළදපොලට රැගෙන යෑම ආදී සියලු ජන ජීවිත සඳහා අඹන් ගඟ හරහා වැටී ඇති පාලම උපයෝගී වන බව ඔවුහු පෙන්වා දෙති.
මේ වන විටත් අඹන් ගඟ හරහා වැටී ඇති මෙම පාලමේ පාලම් කටවල් රැසක් ලී දඬු සහ ජලයේ ගසාගෙන ආ කොටන් සිරවීමෙන් මෙ තත්වය තවදුරටත් බලපා ඇති බව ඔවුහු පෙන්වා දෙති.
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
අඹන් ගඟේ අඹන පාලම ගංවතුරින් වැනසිලා