IMG-LOGO

2025 ජුලි මස 05 වන සෙනසුරාදා


අඹ අත්ත ගහේ තියෙද්දීම බටනළාවක් හදා වාදනය කළ ඉන්දික රජින්ත

2016-07-28-ent-58

ඉන්දික රජින්ත ලක්මාල් යනු දෙස් විදෙස්හි බටනළාවෙන් දස්කම් පානා නැතුවම බැරි වාද්‍ය ශිල්පියෙකි. මෑතක බිහිවූ නිර්මාණ බොහොමයකම පාහේ වාදනයෙන් දායක වන ඔහුට සංගීත භාණ්ඩ වාදනයෙන් තොරව ස්වර ප්‍රස්තාර ලිවිය හැකිය. මෑතකදී සිය නිර්මාණ සමුච්චයක් එළිදැක්වීමට අපේක්ෂාවෙන් සිටින ඔහු සමගිනුයි මේ කතාබහ.

 

නව නිපැයුම්

2016-07-28-ent-59දැනට අඩි හයක් දිග බටනළාවක් නිර්මාණය කර තිබෙනවා. අනතුරුව අඹ අත්තක් ඉතුරු කරලා අඹ අත්ත තියෙද්දීම බටනළාවක් නිර්මාණය කළා. අනතුරුව ඉටිවලින් නිර්මාණයක් කළා. අනතුරුව සිදුරු 24 ක් තිබෙන රවුම් බටනළාවක්. මම බෝතල් ආශ්‍රය කරගෙන බටනළාවක් හැදුවා. තට්ටු කිරීමෙන් හඬ පිටවෙන තවත් බටනළාවක්. ඊට පස්සෙ මෑතකදීම හැදුවෙ අඩි දහයක් දිග විශාල බටනළාවක් හැදුවා. බටලීයක් උපයෝගී කරගෙන හැදුවේ. බටහිර සංගීතයේ හා(ර්)මනි ක්‍රමයට වාදනය කරන්න පුළුවන් ලෙස දිගු කාලයක් පුරා පර්යේෂණය කරලා තමයි මෙම නිර්මාණය කළේ.

 

දායක වූ නිර්මාණ

මම චිත්‍රපට හා වේදිකා නාට්‍ය ටෙලිනාට්‍ය වැනි නිර්මාණ හුඟකට සහභාගි වෙලා තිබෙනවා. මෑතකදී තිරගත වුණු චිත්‍රපටි බොහොමයක මම තමයි පසුබිමින් බටනළාව වාදනය කළේ. "සමනල සංධ්වනි", "සිරි පැරකුම්", "රන් කෙවිට", "මහරජ ගැමුණු", "ඇඩ්‍රස් නෑ", "සිනහව අතරින්" වැනි ළඟදී තිරගත වූ චිත්‍රපටවල මම තමයි බටනළා වාදනය කළේ. ඊට අමතරව ටෙලිනාට්‍ය බොහොමයක පසුබිම් සංගීතය සඳහා බටනළාව වාදනය කළා. "ගොළු තාත්තා", "මද්දහන", "සේපාලිකා", "රිදී තාරකා", "ගැහැනු ළමයි", "බණ්ඩාර දෙයියෝ", "බොරළු පාර", "අළු බඳුන", "රනා", "පොඩිමාමා" "කුලැත්තියෝ" ඉන් කිහිපයක්. ඊට අමතරව චිත්‍රපට, වෙළෙඳ දැන්වීම්, රියැලිටි, සංගීත ප්‍රසංග සඳහාත් සහභාගි වෙනවා. එමෙන්ම මම මේ දිනවල අලුත් කටයුත්තක් සැලසුම් කරගෙන යනවා. ගීතාශ්‍රිත අලුත් නිර්මාණ එළිදක්වන්නයි බලාපොරොත්තුව. එය ඉදිරියේදී දැනුම් දෙන්නම්.

 

මහමගදී ලද සජීවී ප්‍රතිචාර

අපේ සංගීත ක්ෂේත්‍රයේ විවිධ ආකාරයෙන් පෝෂණය වී තිබෙනවා. විශේෂයෙන්ම අපේ ජන ගී කලාව හා ගීතය අතර මහත් සබඳතාවක් තිබෙනවා. එහි අපේ ගම අපේ ජනවිඥානය, ආදිය අපේ ජන ගායනාවල එකට බැඳී තිබෙනවා. අපේ රටේ සමහර මාධ්‍යවලින් මම විශ්වාස කරනවා බුද්ධිමත් රසික පිරිසක් සිටින බව. මීට ටික දවසකට පෙර නුවරඑළිය ප්‍රදේශයට මම බටනළා වාදනයකට යන අතරතුර මම බසයෙන් බැස පාරේ යනවිට කෙනෙක් මට කතා කරනු ඇසුණා. බලද්දී ත්‍රිරෝද රථ රියදුරු මහතෙක්. ඔහු මගේ නම පවා දන්නවා. මට ලොකු සතුටක් ඇතිවුණා. ඔහු මගේ රසිකයෙක් වීම ගැන. මම කරපු හැම නිර්මාණයක්ම ඔහු රූපවාහිනියෙන් දැකල තියෙනවා කියල විස්තර කළා. ඔහු මාව ප්‍රසංගය තිබෙන ශාලාවට රැගෙන ගියා. එසේ යන අවස්ථාවේදී ඔහුගේ ත්‍රිරෝද රථයේ වාදනය වූයේ පණ්ඩිත් අමරදේවයන්ගේ ගීතයි. මට ලොකු සතුටක් දැනුණා. උසස් රසවින්දයට දුප්පත් පොහොසත් භේදයක් නැහැ කියල එම අවස්ථාවේදී හැඟුණා. ලෝකයේ බිහිවන ඕනෑම ජාතියක නිර්මාණ රසවිඳින්න මම ගොඩක් ආසයි. මම ගොඩක්ම බටහිර සංධ්වනි හා දෙමළ ගීත රසවිඳින්න ආසයි.

 

සටහන - ඉඳුනිල් සින්දු/ ඡායාරූප - මලිත් අනුරාධ

 

2016-07-28-ent-61
2016-07-28-ent-60
2016-07-28-ent-57



අදහස් (0)

අඹ අත්ත ගහේ තියෙද්දීම බටනළාවක් හදා වාදනය කළ ඉන්දික රජින්ත

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 30 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 396 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 846 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site