වෘත්තියෙන් ගායකයෙකු වන අමිල මධුසංක අතුකෝරල ලීඩ් ගිටාර් වාදකයෙකු, සංගීත නිර්මාණකරුවෙකු, පටිගත කිරීමේ ඉන්ජිනේරුවෙකු ලෙසද කටයුතු කරමින් සිටිනවා. ඔහුගේ නවතම ගීත නිර්මාණය වන 'මේ හිතින් වෙන්වී' තව නොබෝදිනකින්ම එළිදැක්වීමට නියමිතයි. ඔහුගේ කලා දිවිය හා එළිදැක්වීමට නියමිත නව ගීතය සමග "සාරවිට" ට මෙසේ පවසා සිටියා.
Cinema Factory Production ආයතනය විසින් නිෂ්පාදනය කරන ලද මේ ගීතය "මේ හිතින් වෙන්වී" ලෙස නම් කර තිබෙනවා. මෙය විරහව සහ ආදරය කරලා කසාද බැඳපු පවුලක් අතර ගොඩනැගෙන කතාවක්. මෙහි සංගීතය චන්දන වල්පොල විසින් නිර්මාණය කර ඇති අතර, ගීත රචනය සිදුකර ඇත්තේ සුජිත් ප්‍රියාන් විසිනුයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd