හෙළයේ මහා ගාන්ධර්වයානන් වන ඩබ්ලිව්. ඩී. අමරදේව මහතා (88) මීට සුළු මොහොතකට පෙර අභාප්‍රාප්ත වු බව lankadeepa.lk බලවත් සංවේගයෙන් වාර්තා කරයි.
අමරදේව මහතා රෝහලට ඇතුළු කළ පසු හදවත නතර වු බවත් වෛද්‍යවරුන් හදවත පිරිමැද ඔහු යන්ත්‍රයකට සම්බන්ධ කළ බවත් රෝහල් අධ්‍යක්ෂක වෛද්‍ය සුසිත සේනාරත්න කියයි.
සෙනසුරාදා (05) මතක වස්‍ර පූජා කිරීමෙන් පසු අවසන් කටයුතු සිදු කිරීමට නියමිතය.








COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හෙළයේ මහා ගාන්ධර්වයාණනි. ඔබේ කටහඩ සදාකල් අප සවන් තුළ දෝංකාර දෙනු ඇත. ඔබ සමාදානයේ සැතපේවා (ම)
ජීවිතය අනියත බව පසක් කරමින් ඔබ අපෙන් සමුඅරන් ගියත්, හෙළයේ මහා සංගීතවේදියාණනි, ඔබට පින්කෙත හෙළ රන් දෙරණේ යළි උපදින්නට හේතු වාසනා වේවා! (නි)
මොහොතකට මට මා නැතිඋනා වගේ දැනුනා. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ වලේ නාට්‍ය සතිය අපිට මතක පසුබිමින් ඇසුණු ඔබගේ සුමියුරු ළඟන්නා ගී සමගයි. ඔබ අපේ රටට භාග්‍යයක්. ඔබට නිවන් සුව (ම)
අමර නම් නොමැරෙන නම් වේ. දෙව් නම් දෙවියන්මය . අමරදේව නම් වූ ඔබතුමා අමරණිය දෙවියෙකි. ඉතින් කෙසේ අප දුක් වෙමුද. ඔබ තුමාගේ සුවඳ, හඬ සමග අප දුටු රුවද සදා නොමැකි තියේවි අප සවන් තුල, දෙනුවන් තුල , හදවත් තුල. (හේ)
හෙළ කලා ලොව එකලු කල ගුණ නැණ බලෙන් අප සැම වසග කල මියුරු නදින් මුළු ලොවම වසග කල නිවන් දොරට යොමු වේවා අමර සර (ම)
කලාව වෙනුවෙන් ඔබකල සේවයට මගේ ගෞරවය .ඔබට නිවන් සුව . ඔබගේ අඩුව කිසි කෙනෙකුට පිරවිය නොහැක. (ම)
අහෝ! මා පිටරටක ජීවත් වුණත් මා හට දැනෙන්නේ මගේම පවුලේ අයෙක් මට නැති වුණා වගේ. මගේ දරුවොත් මම වගේම දුක්වුණා. මා පතන්නේ නැවතත් අපේම රටේ ඉපිද මේ වගේම ලෝකයටම උතුම් වූ මිනිසෙක් වේවා! ඔබට නිවන් සුව පතමි! (නි)
තාවතිංසා දෙවුලොව නව මහා පහන්සිළ ඔබයි. හෙළයේ මහා ගාන්ධර්වයාණෙනි, පින්කෙත හෙළ රන් දෙරණේ යළි උපදින්නට හේතු වාසනා! (නි)
නිවන් සුව පතමු ! (නි)
පණ්ඩිත් අමරදේව මහත්මානෙනි....ජාතියේ ප්‍රණාමය සමග ඔබතුමන්ට නිර්වාන සුවය. (අ)
ඔබට නිවන්සුව (අ)
අපේ රටට ඔබ තුමා වැනි ජාතික වස්තුවක් අහිමි වීම කිසි දිනෙක පිරවිය නොහැක.සසර වසනාතුරු මේ හෙළ දෙරනේම ඉපිද අ බුදු පසේබුදු මහා රහතුන් වහන්සේලා පැමිණ වැඩවදාළ අමා මහා නිවනින්ම සැනසේවා! (ම)
මියගියේ නැත ඔබ... පින්කෙත හෙළ රන් දෙරණේ සසර වසනතුරු හිඳින්න..., ඉතින් සැමදාම ඉන්න අපි අතරේම.... සවනට මීවිතක් වී, දෙනෙතට මල් මිටක් වී.... (නි)
ඔබ රටට කල මෙහෙය අපමණයි .හෙළයේ මහා ගාන්ධර්වයානනි ඔබට නිවන් සුව ලැබේවා (අ)
අමරදේව ශූරීන් අපේ ප්‍රාණයයි. එතුමා නැවතත් මේ ලක් දෙරණේම ඉපදේවා! යළි ඉපදී නැවතත් අපගේ හෙළ සංගීත ක්ෂේත්‍රය බබළත්වායි ප්‍රාර්ථනා කරමි. (නි)
අපේ හදවත්තත් නතරවුණා වගෙ. ඉතම කනගටුදායක අරංචියක්.. ඔබතුමට නිවන් සුව ලැබේව.(අ)
ගාන්ධර්වයාණෙනි ඔබ ගැයූ බුදුගුණ බලයෙන් දිව්‍යතලයකම උප්පතිය ලැබේවා!!! (ම)
ජීවිතය අනියතයි, මරණය නියතයි. එහෙත් ඒ කාලය තුළ සංගීතයෙන් අප සිත් වසඟ කළ, ජාතියට ආලෝකයක් වුණු උතුමාණෙනි, නිවන් සුව පතමි! (නි)
අපට තවත් එවැන්නෙක් නොමැත. මේ ගාන්ධර්වයාගේ වියෝව අපට දරාගත නොහැක. එමෙන්ම විශාල පාඩුවකි. නිවන් සුව පතමු....!! (අ)
හෙළයේ මහා ගාන්ධර්වයාණෙනි ඔබට නිවන් සුව අත්වේවා (ම)
ඔබගේ නාමය සදා අමරණීයයි (නි)
ශ්රී ලංකාවේ ප්‍රතාපවත් සිංහයාණෙනි, ඔබ අපේ සංගීතයට පමණක් නොව මුලු කලා කෙතටම කළා වූ සේවය අතිමහත්ය. මට ඔබ ගැන ලියන්නට බොහෝ දේ සිතට එයි. මම මෙසේ නිහඬ වෙමි. ඔබට නිවන් මඟ අත්පත් වේවා කියා පතමි. (නි)
අමරදේව ගුරුපියාණෙනි, ඔබ දෙවියෙක්. ඔබ මියගියේ නැත. මියයන්නේද නැත. (නි)
මුළු රටම සංගීතයෙන් නිහඬ විය. (නි)
හෙළයේ මහා ගාන්ධර්වයානණනි, ඔබට නිවන් සුව! (නි)
මහා කලාකරුවණනි ඔබය නිවන් සුව අත්වේවා. සුවහසක් ශ්‍රී ලාංකිකයන්ගේ මහත් ජනාදරයට පත් ඔබට අමාමහ නිවන්සුව අත්වේවා. (ම)
හරිම දුකයි. එතුමාගේ ශ්‍රවණ රමණී ප්‍රසංගය ඉස්කෝලේ යන කාලේ බලපු හැටි මැවිලා පේනවා. එතුමාට නිර්වාණ සම්පත්තියම ලැබේවා! (නි)
ඔබට නිවන් සුව! (නි)
අනේ මාස්ටර් සර්, යන්න නම් දෙන්න බෑ.. ඔබට අපිව දාල... (අ)
ඔබට නිවන් සුව අත්වේවා මහා ගාන්ධර්වයාණෙනි! (නි)
සත්සර පහන් ටැඹ නිවී ගියේය. හෙළයේ මහා ගාන්ධර්වයාණෙනි, ඔබට නිවන් සුව. (නි)
"මළ හිරු බසිනා සැන්ඳෑ යාමේ ඔබගෙන් සමුගන්නම්".... (නි)
වර්තමානනුත් අනාගතයනුත් විසින් ඔබ අමරණීය කල යුතුයි. ඔබ අමරණීය වේවා. (අ)
ඔබේ නාමය සදා අමරණීයයි. ඔබට නිවන් සුව ලැබේවා! (නි)
හෙළයේ මහා ගාන්ධර්වයාණනි, අපි කාටත් අවසානයේ උරුම දෙය ඔබටද උරුමවිය. දරාගත නොහැකි ශෝකයකින් ඔබට නිවන් සුව ප්‍රාර්ථනා කරමි. (නි)
ඔබගේ නාමය සදා අමරණීයයි. ඔබතුමන්ට නිවන් සුව පතමි! (ම)
ඔබට අමාමහ නිවන්සුව අත්වේවා! (නි)
සසර වසනතුරු නිවන් දකිනතුරු පින්කෙත හෙළ රන්දෙරණේ යළි උපදින්නට හේතු වාසනා වේවා !! (නි)
මහා ගාන්ධර්වයාණෙනි, ඔබට නිවන් සුව පතමි! (නි)
මහා ගාන්ධර්වයාණනි, ඔබට අප සදා ණයගැතියි. ඔබගේ නද අප දරුවන් සදාකල් රසවිඳිනු ඇත. (නි)
ඉතාමත් සංවේගය උපදවන ආරංචියක්. ලෝක ධර්මතාවයට යටත්වූ බව පෙන්නුම් කරයි. භවගමන ඉතාමත් කෙටිවෙවා! සසරදුක් නිවී අමර නිවනට පත්වේවා.!!! (නි)
අහන්නට පුළුවන් ගී ගයන්නට සිටියේ ඔබත් තව කීප දෙනෙකුත් පමණයි. ගීයක් ගයනවිට ඔබේ භාව ප්‍රකාශනයන් වගේම ඔබේ සංයමය අසන්නා තුලත් පුදුම හැඟිමක් ඇති කරයි. දැං සිටින නවකයන් ගීයක් ගැයීමට දෙකට තුනට නැමීගෙන ගන්නා මහන්සිය දැක්කාම ඔබ ඉතා සංයමයකින් මිනිසුන්ගේ හදවත් අමතුවේ කෙසෙදැයි මම හැමදාම සිතනවා. මේ ඇතිවූ හිඩැස කාටවත් මකන්න බැරි බව අපි හැමොම දන්නවා. මතු භවයක ඔබ නැවත එනතුරු ඒ තැන ඔබටම වෙන්වී තියේවි. අප ඔබට සදා ණය ගැතියි (අ)
"පිපුන කුසුම පරවූවා""පින් කෙත හෙළ රන් දෙරනේ-යලි උපදින්නට""හේතු වාසනා වේවා-හේතු වසනා (හේ)
සිංහල සංගීතය තිබෙන තුරු ඔබ සදා අමරණිය වනු ඇත (අ)
අහස ඉසව්වේ ඔබ මා දුටුවේ රිදී පහන් තරුවක් වාගේ. නැවත මේ රන්බිමේ පහළ වුණ මැනවි (නි)
සසර වසනතුරු නිවන් දකිනතුරු පින්කෙත හෙළ රන් දෙරණේ යළි උපදින්නට හේතු වාසනා වේවා !!! (නි)
නිවන් සුව ලැබේවා! (නි)
නිවන් සුව ලැබේවා! (නි)
අමරදේවයාණෙනි, ඔබ සදා අමරණීයයි. ඔබට නිවන් සුව අත්වේවා! බුදුසරණයි! (නි)
ඔබ ගැන අපමණ මතකයන් සිතෙහි තිබුණත්, මා හදවතට තදින්ම කා වැදුනු මතකය කැළණිය සරසවියට නවකයෙකු ලෙස අැතුළත් වූ මුල්ම දිනයේ, බියෙන් චකිතයෙන් ප්‍රධාන ශාලාවේ උත්සවය පටන්ගන්නා තුරු සිටි ඉතා දිගු මොහොතයි. පසුබිමින් වාදනය වූවේ ඔබගේ රත්නදීප පළමු පටිගතකළ ගීතයයි. සියලු බිය සහ ජුගුප්සාවන් පරයා, හැම රෝම කූපයක්ම කෙළින් වෙන තරමේ අභිමානයක් අැතිකළා ඔබ එ් ගීතයෙන්. රට ගැනට වඩා, මට මා ගැනම. එයට මා ඔබට සදා ණයගැතියි. ඔබ සදා අමරණීයයි. ඔබට නිවන් සුව!! (නි)
ඔබට නිවන් සුව පතමි! (නි)
මෙතරම් හද සසලකළ පුවතක්.... අහෝ....! (නි)
සසර වසන තුරු... නිවන් දකින තුරු... පින් කෙත හෙළ රන්දෙරණේ යළි උපදින්නට... හේතු වාසනා වේවා..! (නි)
අමරදේව ගුරු පියාණෙනි, ඔබට නිවන් මගේ දොරටුව අැරී ඇත. එමනිසා අප ඔබට නිවන් සුව ලැබේවායි අපි නොකියමු. මන්දයත් ඔබ නැවත අපි අතර ඉපදී මෙවන් ගාන්ධර්වයෙක් වේවා! (නි)
ඔබට නිවන්සුව මහා ගාන්ධර්වයාණෙනි! (නි)
රටක්ම සංගීතයෙන් අවදිකර, බුදුගුණ ගී ගැයූ සදාදර අමරදේවයාණනි, ඔබට නිවන් සුව පතමි! අකමැත්තෙන් වුණත් කියන්න වෙනවා, අකලට බිහි වූ, කලවම් වූ සංගීතය විනාශ කරමින් ප්‍රසිද්ධිය ලබාගන්න මිනිස්සු මේ රටේ සංස්කෘතිය, හැදියාව විනාශ කරන යුගයක මේ වගේ උතුම් මිනිස්සු වියෝවීම දරාගත නොහැකි දුකක්, පාඩුවක්. අන්තිමට ඉතුරු වන්නේ.....? (නි)
ඔබ ආසියාවේ පහළවූ විශිෂ්ටයෙකි (නි)
හෙළයේ මහා ගාන්ධර්වයාණෙනි ඔබගේ සමුගැන්ම අප කාගේත් හදවත් සසළ කළ බව නොරහසකි. ඔබේ හඩ ලක් දෙරණ පුරා පමණක් නොව මිහිතලය පුරාවට රැව් පිළිරැව් දෙවි සදාකාලිකවම.අප හදවත් තුලින් මිහිතලයෙන් ඔබේ හඩ මිදෙන්නට පෙර පින් කෙත හෙළ රන් දෙරණේ යළි උපදින්නට හේතු වාසනා වේවා! (හේ)
නාමේ නොදිරනා .....කුණුකය දිරනා අරුමෙකි සෝබා සංසාරේ............................. අමර දේවයානණි ඔබ අමරණීයයි (ම)
මේ පින්කෙත හෙළ දෙරණේ යළි උපදින්නට හේතු වාසනා වේවා! හේතු වාසනා වේවා! (නි)
කෙසේවත් මේ දුක ඉවසා ගත නොහැකිය අමරදේව මහතානෙනි. මා හුස්මක් හුස්මක් පාසා ප්‍රාර්ථනා කළේ මගේ ආයුෂත් අරගෙන ඔබතුමා දිගු කළක් ජීවත් වෙන්න කියලයි. ඔබට නිවන් සුව පතමි! (ම)
දුක සතුට දෙකේදීම හිතට දැනුනු හැමදාම හිතට කතාකළ එකම එක ආදරණිය හඬ, ගාන්ධර්වයාණෙනි, ඒ ඔබයි (නි)
ඔබට නිවන් සුව පතන්නෙමු (ම)
සිංහල සංගීතයට අමතක නොවන සේවාවක් කළ, සිවු හෙළයේ මහා ගාන්ධර්ව අමරදේව මැතිදුන්ගේ නම සදා අමරණීයයි (හේ)
අමරදේවයාණනි, ඔබතුමාට නිවන් සැප අත්වේවා! (නි)
මහා ගාන්ධර්වයානන් මගේ සුරතල් දුව ඔබව සජීවීව දකින කොට වයස මස 13 විතර ඇති .එයාගේ වයස දැන් මස 20 .එය නිතරම අසාවෙන් ගයන්නේ",සසර වසන තරු"ඔබ නැති අඩුව අපිට කවදාවත් පුරවන්න හම්බවෙන්නේ නැහැ. ඔබට නිවන් සුව ලැබේවා.!! (හේ)
මට මගේ පවුලේ කෙනෙක් නැතිවුණා වගේ මුළු දවසම මහා දුකකින් වෙළාගෙන ගියා. මම විදේශයක වසර 15 ක් සිට ජීවත්වෙන්නේ. මා යමක් තේරෙන කාලේ සිට අද වෙනතුරු මා අැසුවා නම්, ඒ මගේ හදවත් රැදුණු මේ උතුම් පියාණන්ගේ ඒ මුවින් ගලාගිය අප්‍රමාණ වූ අර්ථවත් කවි ගී පමණකි. ඔබේ අඩුව පිරිමහන්න මේ දෙරණේ කිසිවෙකුට නොහැක. ඔබට නිවන්සුව ගාන්ධර්වයාණෙනි ..!!! (නි)
සසර වසනතුරු නිවන් දකිනතුරු පින් කෙත හෙළ රන්දෙරණේ යළි උපදින්නට හේතු වාසනා වේවා! ඔබ අමණීයයි. ඔබට නිවන් සුව පතමි! (නි)
මෑත කාලයේ ලංකාවේ ශාස්ත්‍රීය සංගීතයට සිදුවුණ විශාලම පාඩුව මේ සිද්දියයි. (හේ)
ඔබට නිවන් සුව...! (නි)
ඔබට නිවන් සුව ලැබේවා! (නි)
අනිච්චාඡාවත සංඛාර බලවත් සංවේගය ඔබට නිවන් සුව !.(හේ)
අනේ ඔබතුමා අපිට අහිමිවුණා! ඔබට නිවන් සුව! (නි)
මා මළපසු සොහොන් කොතේ දුක් ගීයක් ලියනු මැනවි! (නි)
"අමර" නම දනිත් දෙව් බඹ අසුර සුර නරා , ලකර අඹර දිලි සඳු - ගඳඹ මෙහෙ සුරා , විතර කළ නොහෙන සුව සැදු සවන් පුරා, සසර දුක් බිඳැර සැනසෙනු මරුන් මරා (හේ)
කටත් නොකිය ඔබ රහසේම සැගව ගියා ඇදුරුතුමනි.. සසර වසන තුරු, නිවන් දකින තුරු, පින් කෙත හෙළ රන් දෙරණේ යළි උපදින්න අප අතරේම..(ම)
හෙළයේ අමරණිය හඬ! ඔබතුමාට නිවන් සුව පතමු! (නි)
හෙළයේ මහා ගාන්ධර්වයාණෙනි එදා ඔබ ගැයූ ගීත අර්ථවත් වන්නේ මතු පරපුරටය. ඔබේ ඒ ලයාන්විත හඩ අසන්නට මිස, ගයන්නට කෙනෙක් නැත. ඒ පින්බලෙන්, ;මේ පින්කෙත හෙළ රන්දෙරණේ යලි උපදෙන්නට හේතු වාසනා වේවා හේතුවාසනා (හේ)
ඔබ අමරණීයයි. (නි)
අහස ඉසව්වේ ඔබ මා දුටු වේ රිදි පහන් තරැවක් වාගේ...ඒ රත්තරන් මිනිසාට නිවන් සුව පතමු (හේ)
ඔබගේ අඩුව පිරවීමට කිසිවෙකු නැත. (නි)
ඔබතුමා නැති ශ්‍රී ලංකේය සංගීතය හරිම පාලුයි. ඔබතුමාට නිවන් සුව අත්වේවා! (හේ)
ඔබතුමාට නිවන් සුව පතමි (හේ)
මොක් සුව ...... ! (නි)
නිවන් සැප ලැබේවා! (නි)
එතුමාට නිවන් සුව ලැබේවා! (නි)
අහෝ දුකකි... හරිම කණගාටුයි (නි)
ගී අඹර එකලු කළ සුසුදු සඳ බැස ගියා මහිකත සත්සරින් නිනද කළ රන් සළඹ මහා සයුරේ සැඟ වුනා..(හේ)
අපේ බලවත් කණගාටුව! (නි)
මාගේ බලවත් කණගාටුව. ඔබතුමාට නිවන් සුව ලැබේවා. (නි)
ඔබට නිවන් සුව හෙළයේ මහා කලාකරුවාණෙනි! (නි)
අපිට සංගීත ලොවේ පතාක යෝධයෙක් නැතිවුණා (නි)
සසර වසනතුරු නිවන් දකිනතුරු පින්කෙත මේ රන් දෙරණේ යළි උපදින්නට හේතු වාසනා, වේවා හේතු වාසනා... (නි)
මා මියගිය පසු සොහොන් කොතේ දුක් ගීයක් ගයනු මැනව.එතකොට ඒ ගී රාවය යාන්තමින් මට අසෙවි. නිවන් සුව ඔබට (හේ)
“සතරවරම් දෙවි මහරජ සතර අතින් ඇවිදින් පිරිත් පැන් ඉසිති පුතුනේ, පුවක් මල් කිනිත්තෙන්..." (නි)
සංගීතය වෙනුවෙන් හෙළ කලාකෙතට ඔබගේ දායකත්වය සැමදා අප හදවත් වල රැදේවි. ඔබට නිවන් සුව! (නි)
ඔබට නිවන් සුව අත්වේවා (හේ)
ඔබට නිර්වාන සම්පත්තිය ලැබේවා (අ)
එතුමාට නිවන් සුව ලැබේවා.(හේ)
කිසි දවසක අමරසරය ගොළු නොවෙන බවට ලාංකිකයින් වශයෙන් අපි ඔබට සිහිපත් කරමින් කටයුතු කරනවා. (නි)
ආදරණිය අසමසම සංගීතවේදියාණනි, ඔබට උතුම් වූ නිර්වාණ සුවයම අත්වේවා! (නි)
අතිශයින්ම කණගාටුදායක පුවතක් අහන්න ලැබුනේ. දැඩි සේ දුක්වෙමු. රටම දුක්වේවි. (නි)
අමරසර සැබවින්ම අමරනීයයි.(හේ)
ඔබට අමාමහ නිවන් සැප ලැබේවා! (නි)
අපගේ බලවත් ශෝකය! (නි)
හෙළයේ මහා ගාන්ධර්වයාණන් වන ඩබ්ලිව්. ඩී. අමරදේව මහතාට නිවන් සැප ලැබේවා!!!! (නි)
යුගයක නිමාව! (නි)
සඳ හෙමින් හෙමින් හෙමින් වැසී වලා කුලක සැඟවුණා. සඳ හෙමින් හෙමින් හෙමින් වැසී. සදා කල්ම නැතිවුනා (අ)
ජාතියේ පිනට උපන් හෙළයේ මහා ගාන්ධර්වයාණනි! ඔබ ජීවත් වූ යුගයේම අපටත් ජීවත් වීමට ලැබීම සංසාරයේ එක භවයකදී මා ලැබූ විශාලතම භාග්‍යයක් ලෙස සලකමි. වසර 1964 දී ඔබව මුලින්ම හඳුනාගත් දිනයේ සිට 2013 වසරේ මාගේ කුළුඳුල් සංයුක්ත ගී තැටිය දොරට වඩින දිනයේ එය ඔබතුමාට පිළිගන්වන්නට ලැබූ වාසනාවත් එම අවස්ථාවේ "අපගේ වරදානත් රැගෙන තව තවත් නිර්මාණ බිහිකරන්න" කියා මාවෙත දුන් ආශීර්වාදය මාගේ හදවතේ ගැඹුරින් තැන්පත්වී තිබෙනවා.අපි හදවතින්ම හඳුනා ගත්තෙමු. එකට ගී ගැයුවෙමු. ලෝකයට යමක් දෙන්න උත්සාහ කළෙමු. යුගයේ කාර්යභාරය පුර්ණ වශයෙන් සපුරා ඔබ අප සැමගෙන් සමුගන්නා මොහොතේ මා හද පත්ලෙන් ප්‍රාර්ථනා කරන්නේ නිවන් දකින්නට කලින් නැවත මේ ලක් දෙරණේ ම ඉපිද දුකට පත් ලක්ෂ සංඛ්‍යාත ජනයාගේ සිත් දුකින් මුදාලන මහඟු වූ පුණ්‍ය කර්මයක් ලෙසින් සුන්දරවූ නිර්මාණයන්ගෙන් අපව සනසා ලන්න. නිවන් දැකීමට ඔබ තුමාට වෙනත් පුණ්‍ය කර්මයක් අවශ්‍ය වන්නේ නැහැ.(හේ)
හරිම කණගාටුදායක පුවතක්. මෙතුමාගේ වියෝවෙන් සිංහල සංගීතයට වන පාඩුව මෙතෙකැයි කියා කිව නොහැකි වේවි. මහා ගාන්ධර්වයාණනි, ඔබතුමාට නිවන් සැප ලැබේවා ! (නි)
ඔබට නිවන් සුව පතමි.(හේ)
හෙළයේ කලාකරුවානනි, ඔබ කළ සේවයට අපි සැවොම ණය ගැතිවෙමු. ඔබට නිවන් සුව! (නි)
නිවන් සුව ලැබේවා.(හේ)
සුවහසක් සිත් සුවපත් කළ සොඳුරු ගාන්ධර්වයාට නිවන් සැප ලැබේවා! (නි)
බලවත් සංවේගය ඔබට (හේ)
ඔබට නිවන් සුවය ලැබේවා ගාන්ධර්වයාණනි! ඔබ අපේ රටට ආලෝකයක් ලබාදෙන ලද මිණි පහනක් විය. (නි)
මියුරු නදින් මුළු ලොවම වසඟ කළ අමරදේවයනෙනි, පින් කෙත හෙළ රන් දෙරණේ යළි උපදින්නට හේතු වාසනා වේවා!! ඔබතුමාට අමා මහා නිවන් සුව අත් වේවා කියා පතමි.(හේ)
නිවන් සුව! (නි)
මහා ගාන්ධර්වයාණනි, බෞද්ධයෙකු ලෙස නිවන් දකීවායි පතමි. ඔබෙන් රස උරා බිව්වෙකු ලෙස, ඔබගේ ගී හඬ නැවත ඇසේවායි පතමි (නි)
සසර වසන තුරු , නිවන් දකින තුරු , පින් කේත හෙළ රන් දෙරණේ ඔබ නැවත උපදින්නට හේතු වසනා වේවා , මගේ ප්‍රණාමය ඔබට (හේ)
ගාන්ධර්වයාණනි, ඔබ නැති පාඩුව පිරිමැසිය නොහැකිය. ඔබට නිවන් සුව ලැබේවා! (නි)
අපට අහිමි වුයේ මහා ජාතික වස්තුවක් !ඔබට නිවන් සුව පතමි.\(හේ)
ඉපිද මැරේ යළි ඉපදේ නොතිර සසර සාගරේ .... අපේ මනස සුවපත් කළ උතුමාණනි, ඔබට නුවන් සුව අත්වේවා! (නි)
ඔබ වැනි මහා ගන්ධර්වයකුගේ සමකාලීනයකු වී ඔබගේ හඩට සජීවීව සවන්දීමට තරම් වාසනාවන්තයෙකු වීම මා ලද වාසනාවකි. (හේ)
ඔබතුමාට නිවන් සුව ලැබේවා! (නි)
මගේ ගුරු පියනෙනේ ඔබට සුවර්ගයේ දොර ඇරේව , ජේසු පිහිටි (අ)
ඔබට සමකල හැකි කෙනෙක් මගේ ලෝකයේ සිටියේ නැත. ඔබට නිවන්සුව අත්වේවා අමරදේවයාණනි! (නි)
අසහාය හෙලයේ මහා ගාන්ධර්වයානන් නිවන් දක්නා ජාති දක්වා|අමරණීය සංගීතයෙන් ලොව සනහන්නට නිබඳ වාසනාවේවා ! (හේ)
ජාතියක් නැළවු, ජාතියක් සැනසූ, අභිමානවත්, ප්‍රතාපවත්, මනමෝහනීය සප්ත ස්වරය නිහඬවිය. හෙළයේ මහා ගාන්ධර්වයාණෙනි,සසර වසන තුරු, නිවන් දකින තුරු, පින් කෙත හෙළ රන් දෙරණේ යළි උපදින්න අප අතරේම (අ)
හෙළයේ මහා ගාන්ධර්වයාණෙනි, ඔබතුමාට අජරාමර නිවන් සුව! ඔබතුමාගෙන් සිංහල ගීත කලාවට දුන් පෝෂණය තවත් කල්ප කාලයක් යනතුරු රැඳෙන බව ඒකාන්තයි (නි)
නිවන් සැප ලැබේවා! (නි)
හෙළයේ මහා ගාන්දර්යානෙනි මහා ගායකයනෙනි ඔබට සුබ ගමන්.(හේ)
ශ්රී ලංකාවට සංගීතයට කළ මහා මෙහෙය අති විශිෂ්ටයි. ඔහුට නිවන් සැප ලැබේවා! (නි)
ඔබතුමාට නිවන් සුව ලැබේවා! (නි)
ඔබට නිවන් සුව පතමු! (නි)
සිංහල සංගීතයේ මහා ගාන්ධර්වයාණෙනි, ඔබට නිවන් සුව....!!!!! (නි)
හෙළයේ මහා ගාන්ධර්වයාණනි, කිසි දිනක ඉදිරියට ඔබගේ වියෝවෙන් ඇතිවූ හිස් තැන මකා ලිය නොහැක පිරවිය නොහැක. (හේ)
හෙළයේ මහා කලාකරුවාණෙනි, ඔබට නිවන් සුව! (නි)
අප සැමට සදා ජීවය ලබා දුන් මහා ගාන්ධර්වයානෙනි, අප අතරම නැවත ඉපදී අපද සමගින්ම නිවන් මගට පිවිසේවා ! (හේ)
රටක් සංගීතයෙන් මුසපත් කළ මහා ගායකයාණෙනි, ඔබට අමා මහ නිවන අත්වේවා! (නි)
මෙතුමානන්ගේ වියෝව අපේ පවුලේ අය මෙන් හැගීමක් ජනිත වන්නේ ඇයි දැයි නොදනිමු. එමෙන්ම තවත් ජීවතුන් අතර ඉන්නා උත්කෘෂ්ඨ කෘතහස්ථ මනෝරම්‍ය දර්පනයන් කිහිපදෙනා අප අතරින් වියෝ වූ කලෙක සැබවින්ම මේ බද්‍ර කල්පයේ අකලට බට ගාන්ධර්වයින්ගේ වර්ෂාව අවසන් වනු ඇත. මොවුන්ගෙන් එහා ඇත්තේ මුරුගසන් වරුසාව බව අප දනිමු. සුපතල සුපහන් අමරදේවයාණෙනි ඔබතුමන් පෝෂණය කල අප රසකාමීත්වය මෙලොවෙදීත් පරලොවේදීත් ඔබේම සුවය පිණිස ඔබටම හේතුවාසනා වේවා…!! (හේ)
ඔබට අජරාමර නිවන් සුව පතමු (නි)
අමරදෙවයාණනි , ඔබ අමරණීයයි (හේ)
ඉපිද මැරේ .... යළි ඉපදේ... නොනිමි සසර සාගරේ..... (නි)
ඔබතුමන්ට නිවන් සුව පතමි! (නි)
මහා ගාන්ධර්වයාණනි, ඔබට ඒ අමා සුව බොහෝ දුර නොවේවා! (නි)
ඔබට නිවන්සුව පතමු! (නි)
ඔබ සදා අමරණීයයි. නිවන් සුව ලැබේවා! (නි)
මහා ගාන්ධර්වයාණනි, ඔබට නිවන් සුව! (නි)
මම ඊයේ රාත්‍රියේ රන් දහදිය බින්දු බින්දු ගීතය නැරඹුවා. මම හිතුවේ නැහැ එතුමා මේතරම් ඉක්මනට අපෙන් සමුගනිවී කියලා. පණ්ඩිත් අමරදේවයාණනි, ඔබට නිවන් සුව පතමි! (නි)
හෙළයේ මහා සංගීතවේදියාණනි, පියාණනි, ඔබට නිවන් සුව.......!!! (නි)
හරිම කණගාටුදායක පුවතක්. සංසාරේ අපි කව්රුත් මැරෙනවා. ඔබතුමාට නිවන් සැප ලැබේවා! සසර වසනතුරු නිවන් දකිනතුරු පින්කෙත හෙළ රන් දෙරණේ යළි උපදින්නට හේතු වාසනා වේවා! (නි)
හෙළයේ මහා කලාකරුවාණනි, මේ රන් දෙරණේ නැවත උපදින්නට ඔබට හේතු වාසනා වේවා! ඔබ සදා අමරණීයයි. නිවන් සුව පතමි (නි)
ඔබට නිවන් සුව!!! (නි)
යළි කවදාවත් මෙවැනි මිහිරි අර්ථවත් ගීත අපට ඇසිය නොහැක. හෙළයේ මහා ගායක ඩබ්ලිව්.ඩී අමරදේව මහතාණෙනි, ඔබට නිවන් සුව ලැබේවායි පතමි! (නි)
රටට දරාගත නොහැකි විශාල පාඩුවක්. ඔබතුමාට උතුම් නිවන් සුව පතමි! (නි)
පුජනීය ගායකයාණෙනි, ඔබට නිවන් සුව! කිසිවෙකුටත් ඔබ හා සමවිය නොහැක. ඔබගේ ශ්‍රී නාමය යුග යුග ගණන් පවතීවි. යුග පුරුෂයාණෙනි, නිවන් සුව! (නි)
මේක මුළු රටම එකාවන්ව දුක්වන අවස්ථාවක් (නි)
සුවහසක් සිත් පහන් කළ ඔබට නිවන් සුව හෙළයේ මහා ගාන්ධර්වයාණනි! (නි)
ඔබ සමුගත්තත් ඔබ කළ නිර්මාණ තව සියවස් ගණනාවක් අප හදවත් තුළ පවතීවි. ඔබට නිවන් සුව! (නි)
මේ ලොව යම් කිසිවෙක් මා හට පෙම්කළ බව... එතකොට ඒ ගී රාවය... හීන් හඬින් මට කියාවි මා මළපසු සොහොන්කොතේ දුක් ගීයක් ලියනු මැනව... නන්නාඳුනනා ඔබගේ අත් අකුරින් ලියනු මැනව... (නි)
පින් කේත හෙළ රන් දෙරණේ යලි උපදින්නට හේතු වාසනා වේවා.(හේ)
සුවහසක් ජනතාව සංගීතයෙන් සැනසූ එතුමාට නිවන් සුව පතමු! (නි)
ඔබ අමරණීය ! ඔබතුමාට නිවන් සුව පතමි (හේ)
මහා ගාන්දර්වයාණෙනි, ඔබට නිවන් සුව! ඔබ වැනි ශ්‍රේෂ්ඨ ගායකයෙක්, වාදකයෙක් නැවත ලක් දෙරණට පහළ නොවෙනු ඇත. ඔබගේ ශ්‍රී නාමය සදා පවතිනු ඇත. (නි)
ඔබට නිවන් සුව ගාන්ධර්වයාණෙනි ..!!!! (නි)
ඔබ නැති පාඩුව හෙළ සංගීතයට කිසිදා පිරවිය නොහේ. ඔබට අජරාමර නිවන්සුව පතමු, මහා ඝන්ධර්වයණනි! (නි)
අමරදේව මාස්ටර්, නිවන හමුවනතුරු ඔබට සුභ ගමන්! (නි)!
ජාතික වස්තුවක් අපිට නැතිවුණා. බලවත් ශෝකය. එතුමාට නිවන් සුව ලැබේවා. (නි)
හෙළයේ මහා ගාන්ධර්වයාණෙනි, ඔබට නිවන් සුව අත්වේවා! (නි)
අසමසම ගාණ්ධර්වයාණෙනි, ඔබට නිවන් සුව…….!!!!!!! (නි)
සසර වසනතුරු නිවන් දකිනතුරු පින්කෙත හෙළ රන් දෙරණේ යළි උපදින්නට හේතු වාසනා වේවා...... (නි)
නොදැනීම මගේ නෙතට කඳුලක් වැටුනා. මට මොහොතකට සියල්ල අමතකවුණා සේ දැනුනා. බොහෝ වෙලාවක් ඔබ වෙනුවෙන් කදුළු සැලුවා. ආදරණීය ගාන්ධර්වයාණෙනි, මගේ දුක කියාගන්න වචන එන්නේ නැහැ. සමාවෙන්න මට... ලෝබයි ඔබතුමාට නිවන් දකින්න යැයි කියන්න. නැවත වතාවක් අප අතර ඉපිද සුවහසක් ජනතාවක් සනහා නිවනින් සැනසෙනු මැනවි! (නි)
ඉපිද මැරේ යළි ඉපදේ නොතිර සසර සාගරේ! ඔබට නිවන් සුව! (නි)
ඔබට නිවන් සුව ලැබේවා! (නි)
තමන්ගේ හැකියාවන්ගෙන්, දක්ෂකම් වලින්, ප්‍රවීණත්වයෙන් ආඩම්බරයට පත් නොවු සරල නිහතමානී මිනිසා. ඔහුගේ ශ්‍රේෂ්ඨත්වය එයයි. ඔබට අමාමහා නිවන් සුවය ලැබේවා! (නි)
ඔබට නිවන් සුව! ඔබ අමරණීයයි (නි)
ඔබ අමරණියි. අපි ඔබට නිවන් සුව ප්‍රර්ථනා කරමු. (ම)
හෙළයේ අසහාය ගායකයාණෙනි, ඔබට නිවන් සුව! (නි)
ඔබ අප තුළ ප්‍රබුද්ධ රසකාමිත්වයක් ඇති කළා. ඔබට නිවන් දකින්න එම පිනම ඇති. සොඳුරු මිනිසාණෙනි, ඔබට නිවන් සුව! (නි)
ඔබ මොන්ට්‍රිෙයල් නගරයේ පැවැත් වූ 'අමර ගී සර' ප්‍රසංගය සංවිධානය කළේ නීල්/ශ්‍රියානි සමඟ අප දෙදෙනායි. ඒ දැනට දශක දෙකකට පෙරයි. ඒ සොඳුරු මතකය සමඟ අමරදේවයාණනි, ඔබට නිවන් සුව පතමු! කාන්ති හා රිච්මන්ඩ් (කැනඩාවේ සිට). (නි)
ඔබට නොදන්වා මරු මෙහි ආදා.... යන්නට සිදුවන්නේ - ඉන්නට බැරි වන්නේ..... නොතිර සසර සාගරේ........!!!!! සිංහල ගී කෙතේ මහා සඳුන් ගස, පණ්ඩිත් අමරදේවයාණනි, නැවත එන්න අප අතරටම. අප හදවත් සනසවන්න ඒ මියුරු ස්වරයෙන්. (නි)
ඔබතුමාට නිවන් සුව ලැබේවා !!! (නි)
හෙළයේ ගාන්ධර්වයාණනි, යළි මෙහිම උපදීවා! ඔබට නිවන් සුව! (නි)
ඔබවන් කලාකරුවන් මියගියත් සදාකාලිකවම අමරණියි. ගතින් ඔබ සමුගත්තත් ඔබේ ස්වරය සදාකාලිකවම මිනිසුන්ගේ සිත් සනසාවී.සුවහසක් සිත් මන්මත් කලට ඔබට පින් , (ම)
"සතරවරම් දෙවි මහරජ සතර අතින් ඇවිදින් පිරිත් පැන් ඉසිති පුතුනේ පුවක් මල් කිනිත්තෙන්..." මේක මගේ හිතේ වැඩියෙන්ම ඇඳුනු ගී පද පේළිය. මේ කියන්නේ අපේ රට ගැන. ආචාර්ය අමරදේවයාණන්ගේ ගායනය. හෙළ සංගීතයේ අසමසම ඝාන්ධර්වයා ‘අමරදේව’ ඔබට නිවන් සුව.......!!!!!!! (නි)
හෙළයේ මහා ගාන්ධර්වයාණෙනි, ඔබට නිවන් සුව! (නි)
ඔබට නිවන් සුව! හෙටින් පස්සේ නූතන බයිලා සින්දු අහන්න තමයි වෙන්නේ. (නි)
සමස්ත ජාතියේ හද තැවෙන ශෝකය සමඟ ඔබතුමාණන් හට නිවන් සුව පතමු! (නි)
සසර වසනතුරු... නිවන් දකිනතුරු... පින්කෙත හෙළ ලක් දෙරණේ යළි උපදින්නට... හේතු වාසනා වේවා.. හේතු වාසනා..! ඉතාමත් සංවේගජනක පුවතක්. හෙළයේ මහා ගාන්ධර්වයාණෙනි, ඔබතුමාට අජරාමර නිවන් සම්පත් ප්‍රාර්ථනා කරමි! (නි)
පින්කෙත හෙළ රන් දෙරණේ යළි උපදින්නට හේතු වාසනා වේවා..!! (නි)
හෙළයේ මහා ගාන්දර්යනෙනි ගුරු පියාණෙනි මහා ගායකයනෙනි ඔබට සුබ ගමන්. (ම)
සිංහල ජාතියෙ ගී සළකුණ වූ අමරදේවයාණනි, ඔබට නිවන් සුව පතමි! (නි)
ඔබ යළිත් අප අතරම ඉපදේවා! (නි)
මහා හෙළයේ ගාන්ධර්ව අමරදේවයාණනි, ඔබ අපේ ජාතිය වෙනුවෙන් කළ මෙහෙය අපමණයි. මුළු මහත් ජාතියම ඔබට ණයගැතියි. ඔබට නිවන් සුව අත්වේවා! (නි)
මා හට කෙසේවත් මේ දුක වාවාගත නොහැක. අමරදේව මහතාණනි, ඔබට නිවන් සුව! (නි)
මට මගේ පවුලේ කෙනෙක් නැතිවුණා වගේ දුකයි (නි)
ඔබට නිවන් සුව! (නි)
මාලදිවයිනේ ජාතික ගීයේ තනුව සහ සංගීතය අමරදේව මහත්මා නේද නිර්මාණය කළේ? (නි)
හෙළයේ මහා ගාන්ධර්වයාණෙනි, ඔබට නිවන් සුව ලැබේවා! (නි)
ඔබගේ සොහොන් කොතේ ලියමි ඒ දුක් ගීතය. ඔබ අපට දුන් ඒ ගීතයට සමකළ හැක්කෙක් යළි ඉපදේදෝ? ඔබ නැවත අප අතරම යළි ඉපදේවා! (නි)
ඔබතුමාට නිවන් සුව! (නි)
ඔබට නිවන් සුව ලැබේවා අමරදේවයාණෙනි! (නි)
මට නම් පුදුම දුකක්. ඔබතුමාට නිවන් සැප! (නි)
පින්කෙත හෙළ රන් දෙරණේ යළි උපදින්නට හේතු වාසනා වේවා! (නි)
සොඳුරු ගාන්ධර්වයාණෙනි, විද්වතාණෙනි, සුභාවිත ගීතාවලියේ මංපෙත් එකලු කළ මහරජාණෙනි, සසර සරණ කාල පරාසයේ තවත් වරක් මේ ස්වරණ වර්ණ පුණ්‍ය භූමිය ස්පර්ශ කරන්නට ආරාධනා! ආරාධනා!! (නි)
අමරදේවයානන්ට නිවන් සුව අත්වේවා! (නි)
අමර යන නාමය ඉදිරියෙන් තබා දේව යන භක්තිකත්වයක් ඔහුට ලබාදුන්නේ ලොව පවතින කාලයකට අප අතර ජීවත්වන්නටයි. සංගීතයට ඔබ දුන් ප්‍රාණය කියා නිම කළ නොහැකියි. ඔබ නැවත හමුවේවා කියා අපි ප්‍රාර්ථනා කරන්නෙමු (නි)
අමරණිය අමරදේවයන්ගේ සංගීතය, සින්දු, කටහඬ කිසිදා නොමැරේ. ඉපිද මැරේ යළි ඉපදේ, අපේ රටේම ඔබ නැවත (නි)
හෙළයේ මහා ගාන්ධර්වයාණෙනි, ඔබ සදා අමරණීයයි. නිවන් සුව පතමි! (නි)
සවන් පිනවූ ගාන්ධර්වයාණෙනි, ඔබතුමන්ට නිවන් සැප ලැබේවා! ඔබේ නිර්මාණ අමරණීයයි. සදාකල් වැජඹෙයි (නි)
ලක් සංගීතයේ අප්පච්චි! මා ප්‍රිය මිතුරාණනි, ඔබතුමාට නිවන් සුවය ප්‍රාර්ථනා කරමි. මා දුරරටක සිට නොනවත්වා ඔබ අාවර්ජනා කරමි. මෙවන් මිතුරෙක් නැවත මුණ ගැසෙනු නැති. (නි)
අමරදේව පියාණනි, ඔබට අමාමහා නිවන් සුව පතනවා! (නි)
ඔබගේ ගී තුළ මා සැනසුණු වාර අනන්තයි. ආදරණීය කලාකරුවාණෙනි, ඔබට නිවන් සුව! (නි)
අමරදේවයාණනි, ඔබ අමරණීයයි. අපි ඔබට නිවන් සුව ප්‍රාර්ථනා කරමු! (නි)
මගේ හදවත දැඩිව සැලුණු මොහොතක්. මහා ගායකයාණෙනි, ඔබට නිවන් සුව පතමි! (නි)
මගේ ඇස් දෙක තෙත් වුණා. ඔබතුමා තමයි අපේ රටේ සලකුණ. ඔබතුමා කළ මෙහෙය සදා අමරණීයයි. හෙළයේ මහා ගාන්ධර්වයාණෙනි, ඔබතුමාට නිවන් සුව පතමි! (නි)
ඔබ අමරණීයි. ඔබතුමාට නිවන් සුව පතමි! (නි)
ඔබ අමරණීයයි. ඔබතුමාට නිවන් සුව පතමි! (නි)
මුල් සිඳගත් මේ රටේ බොහෝ දේශපාලඥයන් සහ පුරවැසියන් අප මහා ගාන්ධර්වයාණන්ගේ ගී සමුච්චය සම්පූර්ණයෙන් තේරුම් සහිතව අසා බලා රසවිද ලක්මවගේ අධ්‍යාත්මය කුමක්දැයි වටහාගත යුතුය. එතුමන් වෙනුවෙන් නොයෙකුත් විප්‍රකාර ශෝකප්‍රකාශ නිකුත්කරනවාට වඩා ඉතාමත්ම ගෞරවාන්විත කටයුත්ත එයයි. මක්නිසාද යත් එතුමන්ගේ මුළු දිවිය පුරා අමරසර හඬ වුණේ මව්බිමේ අධ්‍යාත්මය අප වෙත ඒ අමරණීය ස්වරයෙන් ළඟාකරන උත්තුංග පරමාර්ථයයි. 'ඒ වූ නිදහසේ ස්වර්ග රාජ්‍යයට මාගේ දේශය අවදි කරනු මැන පියාණනේ' (නි)
මනුස්ස භවයක් ලැබීමට කළ මහා කුසල කර්මයක අවශේෂ කුසල බලයකින් වාගේ විය හැක එතුමා ශ්‍රේෂ්ඨ පුද්ගලයකු වූයේ. පිංවතුනි, සසරේ දුක අවබෝධ කරගන්න.ඔබ අප බොහොමයක් ගමන්කරමින් සිටින්නේ දස දහසක් සක්වළ කම්පා කරවමින් බුදු වූ තථාගතයාණන් වහන්සේ පෙන්වා දුන් මඟ ඔස්සේ නොවේ. (නි)
අමරදේව නම අමරණීයයි. තවත් අමරදේව කෙනෙක් නැවත බිහි නොවෙන එකනම් ඒකාන්තයි. ඔබට නිවන්සුව පතමු! (ම)
ඔබතුමා සදා අමරණීයයි. නිවන් සුව ලැබේවා! (නි)
උපන්බිමට අමිල දායාද තිළිණ කළ උතුම් කලාකරුවාණෙනි, ඔබ නැවත අප අතරම ඉපදේවා! (නි)
අමරණීය අමරදේව ගුරු... නිවන් දකිනු මැන පරදා මරු... (නි)
ඔබතුමාට නිවන් සුව ලැබේවා!!!! (නි)
ඔබට නිවන් සුව ලැබේවා! (නි)
ඉපිද මැරේ - යළි ඉපිදේ - නොතිර සසර සාගරේ... එය පහදාදුන් ඔබට නිවන් සුව! (නි)
අඩවන් වූ දෙනෙතින් ගලනා මෙත් මුදිතා කරුණා දහරා... සෙනෙහෙන් අප පිනවූ ගාන්ධර්වයාණෙනි, සමස්ත ජාතියේ මෙත් මුදිතා කරුණා දාහරාවෙන් ඔබ පිනවේවා! (නි)
අමරදේව කළ අමර මෙහෙවර සදා රැඳෙනු ඇත (නි)
අනිච්චාවත සංඛාරා උප්පාද වය ධම්මිනෝ උප්පජ්ජිත්වා නිරුත්ජන්ති තේසං ඌප සමෝ සුඛෝ.....! අමරදේවයාණනි, ඔබට නිවන් සුව! (නි)
හෙළයේ මහා ගාන්ධර්වයාණනි, ඔබට නිවන් සුව ලැබේවා...!!! (නි)
ඔබතුමා අසමසමයි . පණ්ඩිත් අමරදේව වැන්නෙකු තවත් දැයට බිහි වෙ දැයි යන්න හිතන්නත් අමාරුයි . එතුමාට නිවන් සුව පතමු . (ම)
ජාතියක් නැළවු, ජාතියක් සැනසූ, අභිමානවත්, ප්‍රතාපවත්, මනමෝහනීය සප්ත ස්වරය නිහඬවිය. හෙළයේ මහා ගාන්ධර්වයාණෙනි, ඔබට නිවන් සුව ලැබේවා..! (නි)
හෙළයේ මහා කලාකරුවාණෙනි, ඔබට උතුම් නිවන් සුව පතමි! මතු උපදින ආත්ම වලත් මේ මහා පින්බිමේ ඉපිද ඔබගේ අමිල මෙහෙවර ඉටුකරනු මැනවි (නි)
මළ හිරු බසිනා හැන්දෑ යාමේ ඔබගෙන් සමුගන්නම්... අඳුරට ඉඩදී අඳුරේ සැඟවී ඔබගෙන් සමුගෙන මම යන්නම්.... මහා ගාන්ධර්වයාණෙනි, ඔබට නිවන් සුව! එතෙක් ඔබට සුබ ගමන්! (නි)
පින්කෙත හෙළ රන් දෙරණේ යළි උපදින්නට හේතු වාසනා වේවා! (නි)
අමරදේවයිනි, ඔබට අමාමහ නිවන් සුව අත්වේවා..! (නි)
හෙළයේ පිනට පහළ වූ පණ්ඩිත අමරදේව නම් ගාන්ධර්වයාණනි, ඔබට නිවන් සුව! ශ්‍රී ලංකා දෙරණ තලයේ සංගීතය පවතිනතුරු ඔබේ හඬ, ඔබේ නම පවතීවි. අමරදේවයාණනි, ඔබ අමරණීයයි (නි)
පණ්ඩිත් අමරදේවයාණනි, ඔබතුමාට අමාමහ නිවන් සම්පත් ලැබේවා! (නි)
හෙළයේ මහා ගාන්ධර්වයාණෙනි, ඔබට අමාමහ නිවන් සුව පතමි. (නි)
නිවන් සුව! (නි)
ලංකාවේ සංගීතයෙන් භාගයක් නැති වුණා වගේ හැගීමක් හිතට දැනෙනවා. ලංකාවේ සංගීතයේ හිරු ඔබයි ගාන්ධර්වයණනි. සුබ ගමන් ඔබට. පින් කෙත හෙළ රන් දෙරණේ යළි උපදින්නට හේතු වාසනා වේවා........ (ම)
අමරදේව අමරණීයයි i!! අසමසමයි !! ඔබට නිවන් සුව !!! (ම)
දැයෙන් සමුගත් මහා ගාන්දර්යට නිවන් සුව පතමු.(ම)
ඇති වූ සියල්ල නැති වී යයි මේ සනාතන දහමට ඔබද ගොදුරු වී ඇත , ගාන්දර්වයාණෙනි ඔබට නිවන් සුව නොපතමු මන්ද ඔබ නැවත මේ හෙළ දෙරණට වැඩිය යුතු නිසාය (ම)
තවත් වෘත්තාන්තයක නිමාව! මට දුක මෙතුමාගෙන් පස්සේ මේ හිඩැස පුරවන්න දැන් ඉන්න "පපඩම්" ගායකයන් කියන උන්නැහේලට බැරි එකයි. (නි)
සසර වසන තුරු නිවන් දකින තුරු පින් කෙතහෙලා රන්දෙරණේ යළි උපදින්නට හේතු වාසනා වේවා . (ම)