නයි මුගටි වෛරයකින් වෙළී සිටි ධීවර ඇමැති මහින්ද රමරවීර හා ධීවර රාජ්‍ය ඇමති දිලිප් වෙදආරච්චි අද අඟුණකොළපැලැස්ස ප්‍රාදේශීය සංවර්ධන රැස්වීමේ දී එකළඟ වාඩිවී සිටියහ.
ධීවර ඇමැති මහින්ද රමරවීර මහතා මීට පෙර පැවසුවේ වෙදආරච්චි විශ්වා කළ නොහැකි පුද්ගලයකු නිසා තනතුරු පවරා දිය නොහැකි බවයි.
අද ඔවුන් දෙදෙනා මාධ්‍යවේදීන්ට පැවුවේ අපි දැන් යාළුයි යනුවෙනි. කැමරා උස්සාගෙන ආවාට වැඩක් නැහැයි අමරවීර මහතා එහිදී කීවේය.
ජායාරූපය - විමල් ගරුසිංහ

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔහෙලා මෝඩයෝ වුණාට ජනතාව මෝඩ නැහැ.(අ)
ඔහෙලට ගොනාට අන්දන්න පුළුවන් සිංහලයෝ බොහොම ඉන්නවා එත් අපිව අන්දන්න බහ. කිරි පැණි වාගෙ නොවෙයි නෝනයි මහත්තයයි වගේ හිටියත් අපට කමක් නැත. (බ)
නියමයිනේ (නි)
මේකට තමා කියන්නේ කන්න ඕනා උනාම "කබර ගොය් මාළු, තලගොය් මාළු වෙනවා කියාලා" (බ)
මේ දෙන්නටම ලැජ්ජාවක් නැහැ. (ර)
යහපාලනේ ඔක්කොම සමගියෙන් ඉන්නේ හිත හොඳ හින්දා නොවේ කියලයි මම නම් හිතන්නේ. ඒ වෙන්වුණ ගමන් මහින්ද බලය ගන්න නිසා. (නි)
ජනතාව රැවටෙන්නේ නැත (නි)
අශෝක හරි. සන්තුෂ් තමයි නියම කතාව කියලා තියෙන්නේ. (නි)
කන්න ඕන වුණාම කබරයා තල ගොය වීම (අ)
අපි ඕකට පුදුම වෙන්නේ නැහැ. (නි)
දහම්,සමන්,මහින්ද - මේ ජනතව වෙන අපි මී හරක් , ඔය ඔය කතා තවත් කියන්න එපා,, හැම බල්ලෙක්ම අපිව රවට්ටුව.(අ)
අවස්ථාවාදියෝ. (බ)
යාලුකමෙන් හිටපුවම ටොකු අනින්න පහසුනේ. බලාගෙන (බ)
කතාව අවසාන නැහැ.ඔන්න ඔහොමයි වුනා කියන්නේ (බ)
දර්ශන ඔයාගේ මුල ටික හරි. ඒත් අර අහිංසක සතාගේ නම පාවිච්චි කරලා ඒ සතාට අපහස කරන්න එපා! ඒකා මිට වඩා ශිලචාරයි! (බ)
නුඹලම රැවටෙනවා මිස ජනතාව රැවටෙන්නේ නැත. (බ)
එංගලන්තේ එංගලන්තේ... ලංකාවේ එහෙම වෙන්නේ නැහැ (නි)
මේවට මොනවා කියන්නද කියලා හිතාගන්න බැහැ (නි)
විලිලැජ්ජ නැතිකමට වඩා ධීවර ඇමතිකම ලොකුයි. (බ)
මහින්ද අමරවීර ඇමතිතුමා දක්ෂ පුද්ගලයෙක් (නි)
අපි රවට්ටන්න බැහැ ඔය විදියට වෙදාරචි කියපු දේවල් මතක තියනවා අපිට ඔව්ව ඔක්කොම ගොන් පාට් තමා(අ)