ප‍්‍රවීණ නිර්මාණවේදී බර්ට‍්‍රම් නිහාල් අධ්‍යක්‍ෂණය කළ ‘අමරපුරය’ ටෙලි නිර්මාණය මේ දිනවල ස්වාධීන රූපවාහිනිය ඔස්සේ විකාශය කෙරේ. මෙහි චාල්ස් බලවර්ධන නම් වූ චරිතයේ දියණිය වන ශාඛ්‍යා ලෙස රංගනයේ යෙදෙන්නේ බර්නඩෙත් නිලන්ති ඩයස් කරුණානායක හෙවත් නර්තනයට, රංගනයට දක්‍ෂ නිලන්ති ඩයස් ලෙස ඔබ හඳුනන ශිල්පිනියයි. අද අපේ කතාබහ ඇය සමගයි. චාල්ස් බලවර්ධනගෙ දුව කවුද මේ? බර්ට‍්‍රම් නිහාල් මහතාගේ ‘අමරපුරය’ නාට්‍යයේ ශාඛ්‍යා. මේ චරිතය ලැබීම ගැන හිතෙන විදිය? එවැනි ඉතාම නිර්මාණශීලී කලාකරුවකුගේ නිර්මාණයකට දායක වෙන්න ලැබීම ඉතාම වාසනාවක්. ඒ නිසා ලොකු පළපුරුද්දක් ලබාගන්න පුළුවන් වුණා. මෙය අවුරුදු තුනකට විතර පෙරදී රූගත කළ නාට්‍යයක්. අද ඔබට එය දැනෙන විදිය? මම හිතන්නෙ එය අදට පුදුම විදියට දැනෙන කතාවක්. අදට වඩාත් ගැලපෙනවා. කොහොමටත් දැන් දැන් හොඳ නාට්‍ය ආයෙත් බිහිවෙන්න පටන්ගෙන. අද සිදුවන සමාජ සිදුවීම් දිහා බලද්දි මෙය පරණ එකක් විදියට පෙනෙන්නෙ නැහැ. බොහෝදෙනා ඔබ ගැන මැනගෙන හිටියෙ හොඳට නටන්න පුළුවන් එනම් නර්තනයට දක්‍ෂ කෙනෙක් විදියටයි. එහෙම නේද? මේ නාට්‍යයේ චරිතය වෙනස්. හැබැයි බොහෝදෙනා මාව දැනගෙන හිටියෙ චිත‍්‍රපට නිසයි. චිත‍්‍රපට වලදි වෙනස් චරිත රඟපාන්න ලැබුණා. ‘ආදර මීනා’ චිත‍්‍රපටයේ රඟපෑ දමිළ චරිතයට මම ගොඩාක් ආසයි. ඕනෑම චරිතයක් රඟපාන්න කැමතිද? එහෙමමත් නැහැ. පිටපත අනුව ලැබෙන චරිතය වෙතින් යමක් කිරීමේ අවකාශය වැඩි නම් මම ඒ චරිතයට කැමති වේවි. වැඩිපුර කැමති රඟපාන්නද? නටන්නද? ඇත්තටම මම කැමති නර්තනයට. මොකද බොහෝදෙනා මට කියන්නෙ අපි ඔයා හඳුනාගත්තේ නර්තනය නිසා කියලයි. මුලින්ම ඒ විදියට ඔබ හඳුනාගත්තෙ ‘පිටිකොටපන් නෝනේ’ ගීතයට නටපු නිසා නේද? දැන් ඒ යාළුවො මොනවද කරන්නෙ? අපි ඔක්කෝම විවාහ වෙලා. අනෙක් අය අද නර්තනයට දායක වෙන්නෙ නැහැ. මුලින්ම එදා හිටියෙ දුආශා අක්කා, ලීනා අක්කා සහ ඉන්දු. ඊට පස්සෙ රොෂානි. ඒ විදියට කාලයෙන් කාලයට වෙනස් වුණා. ඒ යාළුකම අද තියෙනවද? ඉඩක් ලැබුණොත් කතා කරනවා. ඉඳ හිට හමුවන අවස්ථාත් තියෙනවා. කොහොමද ඔබගේ ජීවිතය? හොඳින් සහ සුන්දරත්වයෙන් ගෙවෙනවා. රඟපෑම හැර ඔබ වෙනත් වෘත්තියක් කරනවද? නැහැ. වෙනත් වෘත්තියක් කරන්නෙ නැහැ. රඟපෑමම තමයි. ඊට අමතරව නර්තන ප‍්‍රසංග බාරගෙන කරනවා. ඔබ වඩා කැමති? කලා අංශයේ මේ කටයුතුවලට දායක වෙන්න. ‘නිලන්ති’ කියලා මගේම නර්තන කණ්ඩායමක් තියෙනවා. ඉල්ලීම් අනුව අපි ප‍්‍රසංගවලට ඉදිරිපත් වෙනවා. සමහර වෙලාවට එය කණ්ඩායමක්ම නෙවෙයි. මම තනිව ප‍්‍රසංග කරන අවස්ථාත් තියෙනවා. අද නර්තනයට පැමිණ සිටින පිරිස බොහෝමයි. රංගනයට පැමිණ සිටින පිරිසත් එහෙමයි. ඒ ගැන හිතන්නෙ කොහොමද? ගොඩාක් රියලිටි ෂෝ තියෙනවා. ඒවා නිසා ගමේ දක්‍ෂතා තියෙන අයට ලොකු අතදීමක් වෙනවා. ඒ අවස්ථා ලැබීම හොඳයි. ඒ අලූත් අයට ක්‍ෂේත‍්‍රය ගැන වැටහීමක් හෝ ගරුසරු බවක් තිබෙනවා කියලා හිතනවාද? සමහර අයහපත් දේ අහන්න දකින්න ලැබෙනවා. ඇත්තටම අපි නම් ක්‍ෂේත‍්‍රයට ආ දවසේ ඉඳලම හැමෝටම ගරුසරු ඇතිව තමයි කටයුතු කරන්නෙ. ඒ ගරුත්වය තිබිය යුතුම දෙයක්. ඔබ යම්කිසි දුරක් ආවා නම් ඊට ප‍්‍රධානව මුල් වූ ගුණාංග ලෙස දකින්නෙ? දක්‍ෂතාව අනිවාර්යෙන්ම තිබිය යුතු දෙයක්. ඒ වගේම අපි වඩාත් නිහතමානී වෙන්න ඕන. අනෙක් අයට ගරුකරන්න ඕන. නමුත් සමහර විට සමහර අයගෙන් දකින්න නැති දෙයත් ඔය කියන ගරුසරුකමයි. විශේෂයෙන්ම නවකයන්ට මේ ක්‍ෂේත‍්‍රය ගැන අවබෝධයක් වගේම ගරුත්වයක් තිබිය යුතුමයි. නිලන්ති ඔබ කොහොම කෙනෙක්ද? මම මා ගැන වර්ණනා කරගන්න කැමති නැහැ. අනෙක් අය දකින විදිය අනුව තීරණය කිරීම තමයි හොඳ. මම හොඳ පුරවැසියෙක් බව සමාජයෙන් ලැබෙන ප‍්‍රතිචාර මත මට තේරෙනවා. ජීවිතේ අභිමානයෙන් සහ සතුටින් ගෙවන්න එය ප‍්‍රමාණවත්.
2025 දෙසැම්බර් මස 04
231
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
387
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
386
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
අමරපුරයේ ‘ශාඛ්‍යා’...
නිත්‍යා Wednesday, 09 January 2013 10:37 AM
ඔබේ දිවි ගමනට අපේ සුබ පැතුම් (ස)