සුභාවිත ගීතයට හා සංගීතයට අනභිභවනීය මෙහෙවරක් ඉටුකළ පණ්ඩිත් අමරදේව නම් වූ හෙළයේ මහා ගාන්ධර්වයාණෝ සිය ගී සැරිය ලිවි සැරියෙන් උජ්වලිත කළහ. අමරදේවයෝ දිවිසැරිය නිම වන තෙක් සප්ත ස්වරය හා ආත්මීයව බැඳී සිටියහ.
අමරදේවයන්ගේ ගැයුම් වැයුම් සහ කියුම් කෙරුම් සජීවී ලෙස අත්විඳින්නට නොහැකි වුවද ඔහුගේ අමරණීය හඬ රසික සිත් සතන්හී සදා නිදන්ගතව පවතිනු ඇත.අමරදේවයන්ගේ අකාබනික සිරුර අපට කියා දෙන පරම පාඩම වනුයේ ‘කුණුකය නිසරු වුවද කළ හොඳ මතකයේ රැඳෙන‘ බවයි.
හෙළයේ මහා ගාන්ධර්වයා යයි විරුදාවලි ලත් ඩබ්ලිව්.ඩී අමරදේවයන් ජීවිත සැතපුමේ 89 වැනි කණුව පසුකරන විටම සහෘද සැමගේම හදවත් කම්පා කරමින් සසර දිවිය අනියත බව පසක් කරමින් සමුගත්තේය.
එදා මෙදා තුර ශ්‍රී ලංකාවේ සංගීත ක්ෂේත්‍රයේ තමනටම ආවේණික වූ අනන්‍යතාවක් රැක ගනිමින් හෙළයේ මහා ගාන්ධර්වයා යනුවෙන් විරුදාවලි ලත් අමරදේවයන් ගේ සංගීත භාවිතය යනු හෙළ සුභාවිත ගී මඩලේ ප්‍රභාෂ්වරයයි.
කාව්‍යත්මක පබැඳුමෙන් මෙන්ම මියුරු ගී නාදයෙන් රසික හදවත් සදාකාලිකවම කුල්මත් කළ ඔහු අද සදාතනික නින්දට පිවිස ඇත.
මුළු රටම ගීතයෙන් කුල්මත් කළ අමරදේවයන්ගේ ළමා විය සුන්දරම නොවීය.මොරටුව කොරළවැල්ලේ උපන් මේ ස්වරධරයා අයනු ගැයුවේ මොරටුව කොරළවැල්ල ශ්‍රී සද්ධර්වෝදය බෞද්ධ පාසලෙනි.මොහුගේ මුල් ගුරුතුමා හෙළ හවුලේ කැ.ජෝ ප්‍රනාන්දුය.
ඈත කඳුකර හිමව් අරනේ
ශීත චන්දන ළපළු සෙවණේ
සුළං රැල්ලේ පාව එන්නේ
ඔබගේ නාමය වේ
සසර වසන තුරු
නිවන් දකින තුරු
පින් කෙත හෙළ රන් දෙරණේ
මතු උපදින්නට හේතු වාසනා වේවා.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබට නිවන් සුව ලැබේවා (ම)
සසර වසනතුරු යළි ඔබ අප අතර ඉපදේව! ඔබට නිවන් සැප ලැබේවා කියා ප්‍රාර්ථනා කරමි. (නි)
අපටම කියාගීත ශෛලයක් නිර්මනය කළ ඊටම අදාල සිසු කැලක් අපිට දායාද කළ මහ ගන්ඩර්වයානෙණි ඔබතුමට නිවන් සප ලැබේවා.(අ)
ඔබ වැනි දෙවිවරුන් ලක්මවට පහළවූයේ අපේ පිනකිනි. ඔබව සජීවීව දැකගැනීමේ පින මට උදාවිය. මහා ගාන්ධර්වයාණනි, ඔබට නිවන් සුව! (නි)
මහා ගාන්ධර්වයාණනි, ඔබතුමාට අපගේ ගෞරවය. ඔබට නිවන් සුව අත්වේවා! (නි)
ඔබට නිවන් සුව ලැබේවා! (නි)
දැඩි වේදනාවක් මට දැනුනා (නි)
සසර වසනතුරු නිවන් දකිනතුරු පින්කෙත හෙළ රන් දෙරණේ යළි උපදින්නට හේතු වාසනා වේවා...... (නි)
හෙළයේ මහා ගාන්දර්වයාණනි, ඔබට නිවන් සුව! (නි)
අප මහා උත්තුංග දේශයේ උත්තුංග මිනිසා ඔබයි. අමරදේවයාණෙනි, ඔබ මේ වාතලයට එක්කළ ගී සදා අමරණීයයි. එසේනම් ඔබතුමන් මේ මහපොළොවේ නිදන්ගත කළත් ඔබයි අමරණීය මිනිසා. ඔබතුමන්ට නිවන් සුව පතමි! (නි)
මෙතුමානන්ගේ වියෝව ගැන අපේ පවුලේ කෙනෙක් මෙන් හැඟීමක් ජනිත වන්නේ ඇයිදැයි නොදනිමි. එමෙන්ම තවත් ජීවතුන් අතර ඉන්නා උත්කෘෂ්ඨ කෘතහස්ථ මනෝරම්‍ය ප්‍රවීණයන් කිහිපදෙනා අප අතරින් වියෝ වූ කලෙක සැබවින්ම මේ භද්‍ර කල්පයේ අකලට බට ගාන්ධර්වයින්ගේ වර්ෂාව අවසන් වනු ඇත. මොවුන්ගෙන් එහා ඇත්තේ මුරුගසන් වර්ෂාව බව අප දනිමු. සුපතල සුපහන් අමරදේවයාණෙනි, ඔබතුමන් පෝෂණය කළ අප රසකාමීත්වය මෙලොවේදීත් පරලොවේදීත් ඔබේම සුවය පිණිස ඔබටම හේතු වාසනා වේවා...!!! (නි)