කැකිරාව මඩාටුගම දී යතුරු පැදියක් ලොරියක වැදීමෙන් මවක් සහ පුතෙක් දඹුල්ල රෝහලේ දී මරුමුවට පත් වූහ.
අනතුරින් පසු පලා ගිය ලොරිය දඹුල්ලේ දී අත්අඩංගුවට ගත් බවත්, එම ලොරිය පේදුරුතුඩුවේ සිට පැමිණ ඇති බවත් පොලිසිය කියයි.
කැකිරාව මඩාටුගම දී යතුරු පැදියක් ලොරියක වැදීමෙන් මවක් සහ පුතෙක් දඹුල්ල රෝහලේ දී මරුමුවට පත් වූහ.
අනතුරින් පසු පලා ගිය ලොරිය දඹුල්ලේ දී අත්අඩංගුවට ගත් බවත්, එම ලොරිය පේදුරුතුඩුවේ සිට පැමිණ ඇති බවත් පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අම්මටයි පුතාටයි දෙන්නටම නිවන් සුව පතමි. (ස)
වනේ වන හතුරෙකුටවත් මෙවන් අකල් මරණ නොවේවා. නිවන් සුව පතමි. (ස)
දෙදෙනාටම නිවන් සුව පතමි. (ස)
මම උදේම බලපු දුක හිතෙන පුවත ,අම්මට සහ පුතාට නිවන් සුව ලැබේවා (දී)
අද කොළඹ අතුරු පාරක පයින් යන්න විදියක් නැහැ ලොකු වාහන එලවන කට්ටිය ඇඟට කපනවා. ගම්වල තත්ත්වෙත් එහෙමයි. (දී)
ලංකාවේ අනතුරු වලට ප්‍රධානම හේතුව පාරවල් වල පටුකමයි. වාහන ගොඩක් දැන් තිබෙනවා. නමුත් සියළු ප්‍රධාන පාරවල් වල තියෙන්නේ කුඩා මංතීරු දෙකක් විතරයි.වර්තමානයට අනුව මේ ප්‍රධාන පාරවල් සියල්ල දියුණු කළ යුතුයි. නැත්නම් ලංකවේ භාගයක්ම මැරෙන්නේ පාරවල් වල අනතුරු වලින් (නි)
නාමල්, ඕක ලෝක සත්‍යක්. ලොකු එකා එනකොට පොඩි එකා ඉඩ නුදුන්නොත් සුනේ සුන්. පේන්නැද්ද මැති ඇමතිවරු පාරේ යනකොට සිද්ධ වෙන දේ ? රටක මාර්ග නීති පද්ධතිය සවිමත් එකක් නොවුනොත් මෙවන් ඛේදවාචක උදේ සවස අපිට අහන්න වෙන එක නවතන්න බැරි වෙයි. (ස)
ඇත්තටම දැන් හැම පාරක්ම වගේ කාපට් කරලා තියෙන්නෙ. ඉතින් කට්ටිය සුක්කානම ගත්තම පාරදිගේ ඉගිලෙනවා.පව් අම්මයි පුතයි නිවන් සුව පතමි. (ස)
ඔවු. මමත් දැකලා තියනවා ලොකු ලොරි,කන්ටේනර් වගේ ඒවා පාරේ යන්නේ පොඩි බයිසිකල් පාරේ යනවා වගේ. පොලිසිය මීට වඩා මේවා ගැන අවධානයෙන් ඉන්න ඕනෑ.මම හොඳටම දන්නවා ඒ වගේ වාහන පදවන 95%ක් දෙනා මත්පැන් පානය කරනවා වගේම 75% විතර හැමවෙලේම ඉන්නේ බීලා (නි)
මෙවන් විපත් යළි නොවේවා. දෙදෙනාටම නිවන් අමා මහ සුව. (ස)
බර වාහන රියදුරන්ට වෙනම රියදුරු පාසලක් සහ නීති ක්‍රමයක්, උපරිම වේග සීමාවක් සහ බර වාහනයේ කාර්මික ප්‍රමිතිය යන මේවා සියල්ල සලකා බැලිය යුතුය. දිනපතා මහා පාරේ බිලි ගෙනෙන අහිංසක ජිවිත ප්‍රමාණයක් නැහැ. (ස)
අද කාලෙ පාරේ වාහනයකින් යනවා තියා පයින් වත් යන්න බැරි තත්වයක් උදා වෙලා තියෙන්නෙ.මොකද පාරේ යන්නෙ තදියංකාරයොනෙ. ඔබ දෙපලට නිවන් සුව පතමි. (ස)