ඉංගිරිය නගරයේ සපත්තු සාප්පුවකින් සිව් හැවිරිදි දියණිය ලවා සල්ලි සොරකම් කරවා ගත්තැයි කියන මව හා දරුවන් දෙදෙනකු කොස්ගම දී සැකපිට අත්අඩංගුවට ගෙන ඉංගිරිය පොලිසියට බාරදුන් බව පොලිසිය කියයි.
සොරකම් කළැයි කියන මුදලින් 15000 ක් කොට්ටයක් යට තිබි සොයා ගෙන ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තමන්ගේ අමාරුවෙන් උපයා ගත් දෙයක් හොරකම් කළ දවසට පොලිසිය පැත්ත පළාතේ යන්නේ නැති කට්ටිය නේ මෙතන ඉන්නේ. මේ පොඩි ළමයාත් හොරකම ප්‍රගුණ කර අම්මගේ අඩි පාරේ යන එකත් අනේ කමක් නැහැ කියලා ! (ම)
මෙහෙමත් ආදර්ශමත් අම්මලා අපේ රටේ ඉපදීම දුකකි , දරුවන් පොඩි කාලයේ සිටම වැරදි ක්‍රියා වලට අම්මලා විසින් පුරුදු කරන කාලයක් (ම)
මේ දරුවන්ගේ පෙර පව් පල දීලා ද කොහෙද මෙහෙම අම්මලාව ලැබෙන්නේ .(ම)
අනේ මේ දරුවෝ කවද හරි අම්මට සාප නොකරාවිද ? (ම)
මේවා පෙර පව් හෝ පසු පව් නොව. දරිද්‍ර තාවයේ කැඩපතයි මේ පෙන්වන්නේ. ජීවත් වෙන්න ක්‍රමයක් නැති නිසා මේක මුලුලොකයේම තත්වය. සියලු සම්පත් සමසේ බෙදෙනවා නම් මේවා නොවෙන්න තියෙන ඉඩ කඩ බොහොම අඩුයි. (ර)
දුප්පත් රටක ඉපදුනාම වෙන මොනවා කරන්නද. (කෞ)
මේ දරුවෝ ලොකු වුණාම ඔයිට හපන් වෙනවා...(බ)
මේ නම් අම්මා කෙනෙක් නොවේ. (ර)
දුප්පත් කමේ කේදවාචකය. (ර)
අතුල කියන දේත් ඇත්තක් තියෙනවා. එත්, දුප්පත් කියලා ඔය කරපු වැඩෙන් ඒ පුංචි දුව සමාජයේ හෙරක් හැටියට හංවඩු ගැහෙන එක වලක්වන්න බැහැ. ඉන් පස්සේ ඒ ළමයට ඒ හා සමාන මගක් ඇරෙන්න වෙන විකල්පයක් නැති වෙනවා. (ර)
රටේ ඔක්කොම දුප්පතුන් හොරකම් කලොත් මොකද වෙන්නේ ? අනෙක මේ බවලතා දුප්පත් කියලා පේනවාද? කේම්බ්‍රිජ් ආධිපදවරියට වැඩිය හොඳට අන්දලා ඉන්නවා. හොරකම කියන්නේ ඉපදුන රටේ හැටියට කරන්න බලපත්‍ර ලබා දෙන දෙයක්ද ? (ර)
ඉමේෂ්, දුමින්ද, අපි පොඩි කාලේ අඟ හිඟකම් නිසා පාසල් ඇරී ඇවිත් බඩගින්නේ සිටි වාර අනන්තයි. අපේ අම්මලා කවදාකවත් අල්ලපු වත්තෙන් පොල් ගෙඩියක්වත් හොරකම් කරන්න අනුබල දුන්නේ නැහැ. ඒ වාගේ අපිව හදපු නිසා තමයි අපි අද හොඳ තැනක ඉන්නේ. අපි පුංචි කාලේ අහලා තියෙනවා, මරණ දණ්ඩනයට නියම උණ පුතා බලන්න ගිය අම්මාට පුතා කීවාලු, මා පොඩි කාලේ හොරකම් කර ගෙදර ගෙනාපු බටු ටික උයා පිහා නොදී මට ගහලා හරි මඟ පෙන්නුවානම් මම අද හොරකමට, මිනීමැරීමට වරද කරු වී එල්ලුම් ගහට යන්නේ නැහැ කියා. (ර)
දුප්පතුන් කියාගෙන අනුන්ගේ දාඩිය මහන්සියෙන් හම්බ කරන දේවල් සොරකම් කරන්න හොදයිද ? මේ කාන්තාවන් අන්ද පැළඳගෙන ඉන්නේ නිකම් දුප්පතුන් වගේද ? (ර)
දුප්පත්ව ඉපදුනාම වෙන මොනවා කරන්නද පව් මේ දරුවන්. (ර)
මේ රටේ කාන්තාවන් ලක්ෂ ගානක් නොයෙක් විදියට ධාර්මිකව ආදායමක් මහන්සියෙන් උපයා ගනිද්දී මේ හෙරලියට අනුකම්පා කරන එක නම් වටින්නේ නැහැ. (කෞ)