මුදල් ආරවුලකින් ගුටි බැට හුවමාරු කර ගත් මවක (52) හා දියණියක (25) බණ්ඩාරගම පොලීසියේදී මුහුණට කෙළ ගසා ගත්හ.
ඔවුන් මෙසේ කළේ බණ්ඩාරගම පොලීසියේ වැඩ බලන ස්ථානාධිපති ඩබ්ලිව් ඒ ආර් කරුණාරත්න මහතා සිගාලෝවාද සුත්‍රයේ ඇති අවවාද ඔවුන්ට විස්තර කර දුන් අවස්ථාවේදීය.
දෙමව්පියන්ගෙන් දරුවනටත් දරුවන්ගෙන් දෙමව්පියන්ටත් ඉටු විය යුතු යුතුකම් ගැන ඔහු දුන් අවවාදය ඔවුහු නොතැකුහ.
දෙදෙනාටම නඩු පවරන බව කී කරුණාරත්න මහතා ඔවුන් පොලිස් ඇප මත මුදා හළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕවට ගොඩක් සමාන ඒවා තියනවනේ දැන් ටී වී එකේ යන මෙගා නාට්‍ය වල....ඒවා නේද ඔය. අනේ අපේ මනුස්ස කම කොහේද දැන් ? (ස)
වැඩිකලක් නොයා මේ රටම ඔය වගේ පහත් තත්වයකට පත්වේවි. (නි)
කෙළෙහිගුණ නොදන්නා දුවෙක් (නි)
ඔය වගේ පැමිණිලි වලට ගිහාම පොලිසියෙන් බණකතා අහන්නම වෙනවා ! බණකියන වෙලාවේ අම්මට දැහැත් විටක් ගෙන්නලා දුන්නනම් දුවට හොඳ පාඩමක් උගන්වන්න තිබුනා! (ස)
මම නම් හිතන්නේ මේ දෙන්නම එක වගේ ඇති (නි)
අර විජේවීරගේ දියණියට ක්‍රියාත්මක වෙන නීතිය මේ අම්මටයි දුවටයි බලපාන්නේ නැද්ද?(නදී)
අද මිනිස්සු සතුන්ගෙන බලනවා මිසක් මෙවැනි දෙවල්ගැන හිතන්නෙවත් නැත. (ස)
එක අතකින් හොද වැඩේ අම්මට.කන්ඩ දීලා තව ගුටිත් කනවා දරුවන්ගෙන් (නි)
එකක් මේ දියණිය හැදී තිබෙන පරිසරය ගැන නම් පැහැදිලියි. අනිවාර්යයෙන් දහම් පාසල් වත් ගිහින් නැ. දෙමව්පියන් මේවට වග කියන්න ඕනි. කුඩා කල සිට ගෙදරින් ගෙනාපු දේ තමයි අද එයා එලියට දැම්මේ. (ස)
ගොඩක් අප්‍රසන්න දෙයක්. හිරිකිතේ බෑ. සාමය රකින තැනක අඩුම තරමින් හැසිරෙන්න වත් නො දන්නා දෙන්නෙක්. කල කිරෙනවා.(නදී)
දෙන්නම එකතුවෙලා කෙළ ගහල තියෙන්නේ අවුරුදු දහස් ගණනක් පැවතුන අපේ හැදිච්ච කමටයි. (ස)
අම්ම මොනතරම් වැරදි උනත් දුවෙක් විදියට මේ කල දෙය හරිම අශිෂ්ටයි . අම්ම කෙනෙක් දරුවෙක් කුසට ආව දවසේ ඉදල මොන තරම් දුකක් වේදනාවක් විදිනවද .... දරුවා ලැබුනට පස්සේ මොන තරම් දුකක් විදිනවද .. දිවා රැයේ නිදි වරා දුක් විද අවුරුදු 25ක් බලාගෙන , පරිස්සමින් මලක් වගේ ලොකු කළාට අම්මට දුන්න තිලිණයද මේ. දුව කවදා හෝ අම්ම කෙනෙක් වුන දවසට එයා අද කල දෙය කොතරම් වැරදිද කියා වැටහේවි. සමහර විට ඒ දවසට අම්ම එයාලග නැතිවෙන්නත් පුළුවන් .... කිසිදා නිවැරදි කරගත් නොහැකි වැරදි ....ඉක්මන් කෝපය නිසාවත් , කිසිදා නොකළ යුතුයි. (ස)
මේ අම්මලාට කෙල නෙමෙයි,බූ මටුල්ලෙන් ගහන්න ඕනෑ මේ වගේ දුවලා හැදුවාට. පොඩි කාලෙම එකට එක කියොගෙන එද්දී කන රත් වෙන්න නොදුන්න එකේ පාඩම තමා අම්මට මේ ලැබුනේ... (නි)
අද තියන බොලඳ ටෙලි නාටක වල විදියටම වැඩේ කරලා තියනවා. 2.50 ටෙලි බලන ඔක්කොම ඔහොමයි. (ස)
සිගාලෝවාද සුත්‍ර කියන එකේ අර්තෙවත් දන්නේ නැහැ අපේ අය දැන් මේවට වග කියන්න ඕනේ ඔය සේනාවල් බලයවල් කියාගෙන යකා නටන, තමන්ගෙන් රටේ මිනිස්සුන්ට විය යුතු සේවය හරිහැටි නොකරන අයයි. (ස)
ජෙෆ් කෙල පිඩුවක් නෙමෙයි, කෙල පිඩක්.... (නි)
තමන් හැදු වඩු දෙමව්පියන්ට ආදරයක්, ගෞරවයක් තියෙන දරුවෝ කවදාවත් ඔය වාගේ වැඩ කරන්නේ නැහැ.විශේෂයෙන්ම දුවක්.එක්කෝ මේ ළමයා හදන්න බැරි තරම් නපුරු,ආත්මාර්ථකාමී, දඩබ්බර චරිතයක් වන්න ඇති.නැත්නම් මානසික පීඩනයකින් පෙළෙනවා වෙන්න ඇති.අනෙක් අතට දරුවෝ නරකයි කියලා හැමවිටම අම්මටම දොස් කියන එකත් වැරදියි.නරක දෙමව්පියන්ගේ ඉතාමත් හොඳ දරුවොත් ,ඉතාමත් ගුණ යහපත් දෙමව්පියන්ගේ නරක දරුවොත් මම දැකලා තියෙනවා ඕනෑ තරම්. (නි)
අන්තිම වැරදි වැඩක් දුව කරලා තියෙන්නේ මේ පව් ගෙවන්න මේ ආත්මේ බැරිවේවි අම්මත් වැරදි ඇති (මගේ වයස මගේ දුවගේ වයසේම මේ දෙන්න) මගේ අත්දැකීමේ හැටියටනම් අම්ම දුවට කරුණවෙන් ආදරෙන් ඉන්න ඕන මේ වයසේ දුල ටික්කක් හිතුවක්කාරී වෙනවා.මගේ දුව හැදුනේ වැඩුනේ ඉගන ගත්තේ එංගලන්තේ අදටත් අපි දෙන්නට උදේ සවස වදිනවා.ඒ මම හදා ගත් හැටි. මම හිතන්නේ අම්මල දරුවෝ හොදින් හදනවනම් දරුවෝ මේ වගේ පව්කාරයෝ වෙන්නේ නැහැ. (ස)
සුජිත් ඔබ හරි බොදුබල සේනා යනු නිලතල ලබාගෙන වජබිමට හුදක් අසාවෙන් මහජනතාව මුලා කර මුදල් එපිවිම සදහා කරන්නක් ගමින් ගමට ගොස් සිංහලයන්ට හොද නරක කියදීමක් වනවා අද වනතුරු මා දැක නොමැති බව සත්‍යකි (අ)
අද කාලයේ හැදෙන ගෑනු ළමයින් බොහෝ දෙනෙක් තම දෙමව්පියන්ට වඩා මුදලට බාහිර දේවලට ගරු කරනවා. මුදල මිනිස්කම ඉක්මවා ගිහින් . ටි වී වල දකින දර්ශන සහ වෙළඳ භාන්ඩ තමා ඔවුන්ගේ මනසේ ක්‍රියා කරන්නේ. අම්මා තාත්තා විකුණලා හරි තමන්ගේ අවශ්‍යතා ඉටුවෙනවා නම් එය තමා ඔවුන්ගේ පැතුම (නි)
මට පෙනෙන්නේ අම්මත් දුවත් දෙන්නම එකවගේ.. (ස)
නියම දුවක්,අම්මත් එඅ ගැන වග කියන්න ඕන,අද ලංකාවේ ඇතිවෙලා තියෙන බොහෝම නරක තත්වයන්ට වගකිව යුත්තෝ දෙමාපියන් හා වැඩිහියන්,මොනවා උනත් දුවෙක් මෙහෙම කරනවද? (ස)
රට මෙතෙනට ගේන්න කමකට නැති, අතෝරක් නැති සෝබණ වැඩසටහන් බාල බොළඳ ටෙල්නාට්‍ය ඉදිරිපත් කරන රූපවාහිනී නාලිකා, ගුවන්විදුලි එප්.එම් සේවා කල කැපවීම අති විශිෂ්ඨයි. රට බල්ලටම යනකං ඔහොමම යං. කරන්න පුලුවන් කෙණහිලිකං ඔක්කොම කරලා පුලුවන් තරම් සල්ලි හොයලා ඒ පවු හෝදගන්න පෝය දවසට සුදු ඇඳගෙන ආගමික වැඩසටහන් කරමින් ඔහොමම යං.(නදී)
අම්මල දුක් ගන්නේ පුතුන් හදන්ටා... පුතුන් රජුන් කරන්ටා... බා ලොලි ලොලි බා ලොලි ලොලි (නි)
මේවාට තම කියන්නේ නැහැදිච්චකම කියලා,, දුවත් අම්මත් තැන නොතැන ගැන නොහිතා මෙවැනි ක්‍රියා කරන්නේ ප්‍රසිද්ද වෙන්න ඕන නිසා වෙන්න ඇතිනේ, තම බැඳීම් වල වටිනාකමවත් රැකගන්න බැරි මිනිස්සු, දුවගේ නොහැදියාවට නිවහනේ පිරිසගේ නොහැදියාව බලපානවනේ, මේවා දකිනකොට හරි පිළිකුල් මේවගේ මිනිසුන්ගේ හැසිරීම ගැන, මුදලට බැඳීම් හදන්නත් වෙන් කරන්නත් පුළුවන් කාලයක් වෙලා දැන්කාලේ, මේවා ගැන මොන කතාද ? (ස)
අම්මා සහ දරුවෝ දෙගොල්ලෝ දෙගොල්ලන්ටම ආදර්ශමත් ලෙස මුල සිට හැදුනා නම් ඔය ප්‍රශ්නේ ඔයතරම් දුර යන්නේ නැහැ නේද? (නි)
සිගාලෝවාද සුත්‍රය ඉතාම ඉහලින් අපුරුවට තේරුම් අරගෙන තියන නිසා අම්මගෙන් දුවටයි - දුවගෙන් අම්මටයි ඉටුවිය යුතු දෙය කෙල පිඩුවෙන් ඉටු කරලා. කොයි තරම් හොදට ආදර්ශමත් ලෙස දරුවන් හැදුව මවක්ද? හොද හැදියාවෙන් හැදුන දු රත්නයක්ද? හරිම අපුරුයි. අසල්වැසියන් සමග ඉතා සුහදව ඇති. (නි)
මේකටත් වග කියන්න ඕනෑ රජය කියලා ප්‍රතිචාරයක් නැති එක ගැන පුදුමයි මට (නි)
ලුම්බිණි, කෙල ගහන්න කලින් ඉන්නේ කොහෙද හිතන්න තිබුන නේ...කැතැයි හොඳේ. (ස)
බොදු බල සෙනා කෝ. සංස්කෘතිය පිරිහීම හදාගන්නේ කවදද? (ස)
මීටත් වඩා ගම්පහදී තාත්තාගේ ව්‍යාපාර ලබා ගන්නට තාත්තව මරලා වලදාන්න බැලුවෙත් ලංකාවෙම මෘග පුතෙක් හාටායයා. (ස)
ඔය කියන දුව ඒ මව හිටියට ඔහේ තමන්ට අවශ්‍ය විදියට හැදිච්ච ළමයෙක් වගේ පෙනෙන්නේ (නි)
ෂික් විතරක්! (නි)
ගහේ කටු උල් කරන්න ඕනේ නැහැ.(නදී)
අද ලංකාවේ හුලක් ස්වාමින් වහන්සේලා වුණත් කියා දෙන්නේ අනිත් ආගම්වලට ගොරවන්න මිසක් ගුණ ගරුක සමාජයක් බිහි කරන්න නෙමෙයිනේ (නි)
මම හිටියා නම් හොද කම්මුල් පාරවල් දෙකක් දෙනවා දෙන්නටම. (නි)
අන්න නියම දුව දහමසක් කුසේ තියාගෙන හැදුවට වෙන්න ඇති. (ස)
විපුල ඔයා පිරිමියෙක් වෙලත් නොදැනෙන ගැහැනියකුගේ වේදනාව ඉස්මතුකරලා අම්මගේ ගුණ වර්ණනා කරලා තියන විට මට මතක් උනේ මගේ අම්මා. මටත් අද සති 3 ක දු පැටියෙක් ඉන්නවා. මහාරෑ අඩන කොට ඇහැරිලා කිරි පොවනවා , චු ,කක්කා, පිහදමන හැම මොහොතකම අනේ මගේ අම්ම මාව හදන්න මොන දුකක් වින්ඳද දෙවියනේ කියල ඇස් දෙකෙන් කදුළු වැගිරෙන වාර අනන්තයි. අපේ දෙමාපියෝ අපිට සැප සම්පත් දීලා හදන්න තරම් අපේ දුප්පත් දෙමාපියන්ට යහමින් මුදල් හදල් නොතිබුනත් මුදලින් මිල කරන්න බැරි උතුම් මිනිස් කම් වලින් අපිව පෝෂණය කළා. අද අපේ දෙමාපියන් ජීවතුන් අතර නැහැ අපේ හදවත්වල දැවෙන වියෝ දුක ඔවුන්ට කියන්න. අපි දරුවෝ 5 ක් අපේ දෙමාපියෝ අග හිග කම් මැද්දේ පෝෂණය කළා. අග හිග කම් කියල ලිදට දැම්මෙවත් , වහ දුන්නේ වත් , මහා පාරේ දමල ගියේවත් නැහැ. වැරදි වලට අපිට උපරිම දඩුවම් කළා. වැඩිහිටියන්ට ගරු කරන හැටි උපරිම කියාදුන්නා. අද වගේ කාලයක් දකින්න, මේවා අහන්න අපි පව් කරලා තියන තරම්. අපිට සිහිකරලා දෑසින් වගුරුවන්න උතුම් අතීතයක් වත් තියනවා. ඒත් මේ දුවට එයාගේ දුව ලැබුන දවසට එයාට මතක් කරන්න අතීතයක් නැහැ. තියෙන්නේ කෙල පිඩකින් බොදවෙච්ච ගද ගහන මතකයක්.(නදී)
ඉම්රාන්, දෙයියො මේවාට වගකිව යුතුයි. මොකද එයාගේ මැවිල්ලෙ හැටි තමයි මේ (නි)
දුවගේ දරුවන් දුව අම්මට කළදෙය කලොත් එදාට වරද තේරේවි. (ස)
මේක තමයි අද කාලේ නැති වෙමින් යන මිනිස් ගුණධර්ම ගැන පෙන්වන හොඳ උදාහරණයක්. (ස)
අනේ අපිට මොකද? මේ ප්‍රශ්නය අම්මා කෙනෙක් සහ දුවෙක් අතරයි. (නි)
නිරතුරුවම මුදල් පසුපස හෙල්මේ දුවන, මිනිසත්කම උකසට තබපු මේ විසම සමාජයේ එක හරස් කඩක් පමණි, මේක නමුත් මේ තුලින් ගම්‍ය වන බරපතලම දේ තමයි, සමාජ හර පද්දතියේ ඇතිවී තිබෙන බරපතල බිඳ වැටීම කරුණාකරලා මේ වැරදී වග කිව යුතු සියලු පාර්ශව මැදිහත් වී නිවැරදි කල යුතු අතර එසේ නොව්නහොත් මීට වඩා බරපතල දේ පවා ඉදිරියේදී සිදුවීමට හැකි බැව් කව්රුත් මතක තබාගත යුතුයි.(ස)
මට ඉන්නේ පුතා විතරයි මම හැදාම දුක් උනා මට දුවෙක් නැහැ කියලා.....අද මේ දෙවල් අහන කොට මේ මව් වරුගැන දරා ගන්න බැරි දුකක්...එදා පුංචි කාලේ දෙමාපියන්ගේ දෙපතුල් වැදලා එලියට බහින්නේ ...එත්...අද ඒ සමාජය අපතුල නැහැ, ගොඩක් දුරට දකින්නේ මව පියා සිඹලා ගෙදරින් පිට වන දරුවන් ...මේ තත්වය දරුවන්ට පමණක්ම දොස් කියන්නත් බැහැ....චුටි කල සිටම දරුවන්ගේ කැමැත්තට වඩා දෙමාපියන්ගේ කැමැත්තට දරුවා පුරුදු කල යුතුයි....දුක වේදනාව ,අන් අය හට පිහිට විම, වැඩිමල් අයට ගරු කිරිම මවක් වශයෙන් දරුවනට මේ සියල්ලක්ම නිසි ලෙස ලභා දුන්නා නම් අද මේ දරුවා මේ තැන ඉන්නේ නැහැ....මොනා උනත් මේ මව ගැණ හරිම දුකයි.... (ස)
ඉමිරාන් දැන ගනින් අපේ පන්සල් වල හාමිදුරැවෝ කවදාවත් එහෙම කියන්නේ නැහැ අඩුම තරමෙ උඹලා අමිමටවත් වදින්නේ නැති ජාතියක් ඉහත කියපු (අ)
අද ලංකාවේ පවතින්නේ ආගම් තරගයක් සහ ජාති වාදී තරගයක්. මේ කෑ ගසන කිසිම කෙනෙකුට අවශ්‍ය නැහැ යහපත් සමාජයක් බිහි කරන්න. ඒ වෙනුවෙන් අවවාද අනුශාසනා දෙන්න. කලබල ඇති කරලා තමන්ගේ බඩ ගොස්තර වාදය රැක ගැනීම පමනයි වෙන්නේ.(නදී)
දුවගෙ කටට ප්ලාස්ටර් එකක් අලවල තියන්න ඕන දෙමවුපියන්ට මේවගේ දේවල් නොකරන්න. (ස)
විසිපස් වියේ දියණිය මෙය කරයිදෝ.. කෙළ පහරක් තම මව් හට ගසයිදෝ.. පිළිතුර සොයා දස අත කොහෙ බලන්දෝ.. මිනිසත්කමේ අගයක් නැති බැවින්දෝ (නි)
දහම් සිතුවිලිවලින් ඈත්වෙන සමාජයක් තමයි අද දක්නට තියෙන්නේ, ලැජ්ජාව සල්ලිවලට යට කරන්න හුගක් දෙමව්පියන් ළමයින්ට පුරුදු කරනවා, අද දැන්වීම් වලට අම්මයි දුවයි එන විදිහ ඊට සාක්ෂියක්, එසේම අද ගම්බදව පවා අසන්නට ලැබෙන්නේ හුගක් කණගාටු දායක ආරංචි තමයි. හැදියාව ගැන බලන්නේ නැහැ. වැඩිහිටියන්ට ගරු කරන සමාජය අපෙන් ඇත් වෙලා, මේවට වගකියන්න අද කව්ද ඉන්නේ! හැදියාව පාසලෙනුත් ටික ටික නැති වීගෙන යනවා, ආසියාවේ ආශ්චර්ය තමයි. (ස)
මීට වැඩ වැදගත් ප්‍රවෘත්ති දන්නා ,