නිපුණිකා, ඔබ ක්ෂේත‍්‍රයට පැමිණියේ ගුවන් විදුලි නිවේදිකාවක ලෙසයි. අද වෙනත් අංශයක. අපි අතීතය ගැන ටිකක් කතා කරමු?
පාසලින් සමු අරගෙන සතියක්වත් යන්නට පෙර ස්වාධීන රූපවාහිනියේ ප‍්‍රයිම් ටයිම් හරහා ඉංග‍්‍රීසි ප‍්‍රවෘත්ති නිවේදිකාවක ලෙස කටයුතු කරන්න ලැබුණා. පසුව දෙරණ ටී.වී වෙතින් ලද ආරාධනයකට අනුව ටී.වී නිවේදිකාවක ලෙස වසර දෙකක් විතර කටයුතු කළා. අද හොඳම දවස, ලිට්ල් ස්ටාර් - 4 (අදියර) ඇතුළු බොහෝ වැඩ සටහන්වලට එහිදී දායක වුණා.
|
|
|
විශ්ව ලංකා කියන මගේ මිතුරා මා ගැන නාලන් මෙන්ඩිස් මහතාට කියා තිබුණා. ‘‘දුවරු’’ ටෙලි නාට්‍යයෙන් තමයි රංගන ජීවිතය පටන් ගත්තෙ. ඉන්පසු ටෙලිනාට්‍ය කීපයකම රඟපාන්න ආරාධනා ලැබුණා.
කොහොම වුණත්, බොහෝ දෙනා රංගනයේදී ඔබ ගැන කතා කරන්න පටන් ගන්නෙ ‘‘පබසරා’’ නිසයි. එහෙම නේද?
ඇත්තටම ඔව්. අද කොතැන ගියත් බොහෝ දෙනා මට කතා කරන්නෙ ‘‘පබසරා’’ කියලයි. පබසරා හරි අහිංසක, දුප්පත්, පවුලට ලැදි චරිතයක්. ඒ නිසා වෙන්න ඇති. මිනිස්සු පබසරාට එච්චර ආදරේ.
‘‘නිපුණිකා’’ කොහොම කෙනෙක්ද?
මමත් පවුලට බොහෝම ලැදි ජීවිතේ අරමුණු තියෙන, නිතරම සතුටින් ඉන්න කැමති කෙනෙක්.
මොනවගේ අරමුණු ද තියෙන්නෙ?
උපාධිය ලබා ගන්න ඕනෑ. නිසි කලට විවාහ වෙන්න ඕනෑ. හොඳ පුරවැසියකු ලෙස රටට සේවයක් කරන්නත් ඕනෑ.
නිසි වයසට විවාහ වෙන්න දැනටමත් කෙනෙක් තෝරා ගෙන ද ඉන්නේ?
ඔව්, ඔව්
ඉතින් එයා ගැනත් කියමු?
අපේ අම්මා - තාත්තා වගේම එයත් මාව ආදරයෙන්, ආරක්ෂාවෙන් රැකබලා ගන්න හොඳ පෙම්වතෙක්.
එයා දේශපාලනයටත් සම්බන්ධ කෙනෙක් බවයි ආරංචිය?
ඒ ගැන දැන්ම කියන්න බැහැ. හැම දේටම වෙලාවක් තියෙනවනෙ.
ඔබ රඟපානවට ඔහුගෙ අකමැත්තක් නැද්ද?
මම අවිවේකී වෙනවට එයා අකමැතියි. නමුත් මගේ හැකියාව ගැන සතුටු වෙනවා. එයාගෙ මුළු ලෝකෙම මමයි. එච්චරටම මට ආදරෙයි. දෙමාපියන්ට අමතරව මං වෙනුවෙන් තවත් කෙනෙක් ඉන්නවානේ කියන අභිමානය මට තියෙනවා.
ඔබ ආදරයේදී අවංකද?
සත්තමයි
ආදරය කියන දේ ඔබ දකින්නෙ කොහොමද?
පරිස්සම් කරගන්න ඕනෙ දෙයක්. බොහෝම වටිනා දෙයක්
කොහොම වෙතත් ඔබ තවත් ගොඩාක් ආදරය කරන” ඔබටත් ආදරය කරන විශේෂ කෙනෙක් තවත් ඉන්නවලූ නේද?
මොකක් ගැනද ඔය අහන්නෙ?
ඔබ එයාට කියන්නෙ පිනි බිංදුව කියලලූ?
දෙයියනේ කොහොමද ඒක දැන ගත්තෙ?
ඒ ගැනත් කියමු නේද?
එයාගෙ නම බාෆි. එයා මට දුන්නෙ මගේ පෙම්වතා. මගේ 22 වැනි උපන් දිනයට දුන්න තෑග්ග තමයි ඒ ඩැල්මේෂන් වර්ගයේ බලූ පැටියා. එයා මට ලැබෙන කොට පිනි බිංදුවක් වගේ මට පෙනුණෙ.
ඒ නිසයි බාෆි කියලා නම දැම්මෙත්. දැන් එයා හරිම දඟයි. මම කොහේ ගිහින් ආවත් ඉස්සෙල්ලාම එයාව හුරතල් කරන්නෙ නැත්නම්, එයා දුකින් ඉන්නෙ. බාෆිත් මට ගොඩාක් ආදරෙයි.
ඇත්ත ද ඔබ වාහනය පදවන අවස්ථාවලදී යාළුවෝ හැංගෙනවා කියන්නෙ?
වේගයෙන් කාර් එක පදවන්න මම ආසයි. ඉතින් ඒ නිසා යාළුවෝ මට විහිළුවට කියන දෙයක් තමයි ඒ
හැඩගැන්වීම් - චම්පි සිරිවර්ධන
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලස්සනයි. ලස්සන සාම්ප්‍රදායික මනමාලියක් (දී)
ඔය හරිම හොද කෙනෙක්.(නදී)
මටත් ඔයා ආදරෙයිද එතකොට අපි පස්දෙනයි කොහොමද ටිකිරි මොලේ අපි යමු මහපාරේ හැටට හැටේ.(නදී)
අක්කේ, ඔයාට මම ගොඩක් කැමතියි.ඔයා ගොඩක් දක්ෂයි.හොඳ අනාගතයක් තියෙනවා ඔයාට. (නි)
ඔයාගේ බලු පැටියට වගේම මහා පාරේ යන මිනිස්සුන්ටත් ආදරේ කරන්න. වාහනේ නියමිත වේගෙන් විතරක් දාවනය කරන්න.(නදී)
මැරෙනකල් එකට ජීවත් වන්න බැරිනම් බදින්න එපා. බැඳලා දික්කසාද වෙනවට වඩා නොබැඳ ඉන්න එක හොඳයි. හරිම කැමති නිළියක්. හැමදාම අහිසකවම ඉන්න බලන්න. අපි සුබ පතනවා ඔයාගේ අනාගතයට. (ස)
මම කැමති ඔයාගේ පබසරා චරිතයට හොදට කරනවා..සුභ පැතුම් (දිල්)
සුච්නි 100/100 හරි.(නදී)
ලස්සන යුවතියක්.... (නි)
ඔය හරිම ලස්සනයි.ඉරිසියාවට කියන ඒවා ගණන් ගන්න එපා.මම තාම නමය ශ්‍රේණියේ තමයි.හැබැයි මම කියන්නේ ඇත්ත. (ස)
මමත් ඔයාගේ මෆිට අදරෙයි. (ස)
මගේ උණුසුම් සුභ පැතුම් ඔබට! (නි)
ඔබට මගේ උණුසුම් සුබ පැතුම්. (ස)
ඔයාගේ ලස්සන මුණ මේකප් එකෙන් කැත කරලා.(නදී)
මම රවීශාගේ අක්කා.මගේ නංගිගේ කතාවට මමත් එකඟයි.නිපුනිකා අක්කි ඔයා තමයි මම කැමතිම නිළිය.ඔයාට විකාරයක් වගේ කියලා කියනවට මම කැමති නැහැ.ඔයාට සුබ අනාගතයක් කියලා මම ප්‍රාර්ථනා කරනවා. (ස)
අක්කේ මේකප් නැතුව අක්කගේ බර කියද (දී)
ලස්සනයි (දී)
අපි ඔයාට කැමතියි. ඔයා නිවේදන වැඩසටහන් ලස්සනට කරනවා. (ස)
මොකක්ද අප්පේ මේ ඇඳුම (අ)
"තව දෙන්නෙක් මට ආදරෙයි".....??????????????? (දී)
ඇත්තටම ගොඩක් ලස්සන දක්ෂ දරුවෙක්. සුචිනි කියනවා වගේ අනෙක් අය ගැන හිතන්න. ජිවිතේ හැම දේටම සාමාන්‍ය වේගයක් තියා ගන්න, ඔයාට ජය වේවා දු! (නදී)
මෙයා දැන් අපිට මේ පෙන්නන්නේ එයාවද, නැත්නම් එල්ලගෙන දවටගෙන ඉන්න ඒවාද? (නදී)
ඇහි පිහාටුත් ආටිෆිෂල්, කිලෝ ගණක පාප්පත් ගාගෙන. ඔයා හරිම ලස්සනයි.(අ)
මෙයට මේකප් දාපු කෙනා අපහු පුහුණුවකට යවන්න ඕන. (අ)
අහිංසක කම නැතිකරගන්න නම් එපා.(නදී)
මැරනෙකම්ම එකට ජීවත්වෙන්න බැරි කෙනෙක් එක්ක විවාහවෙන්න එපා.(නදී)
මම කැමති ඔයා දිගටම නිවේදිකාවක් විදියට ඉන්නවා නම්. ඔයා පබසරා එකේ ගොඩක් ලස්සනයි. (ස)
අම්මි, තාත්ති අනික් දෙන්නයි මමයි ඔක්කොම පහක් ආදරෙයි කියල දාගන්නකෝ. (ස)
ජෝගියක් වගේ. මනමාලියෝ විකාර, කිසිම ලස්සනක් නැහැ, හරියට වෙසක් කුඩු වගෙයි. (නදී)