IMG-LOGO

2025 ජුනි මස 10 වන අඟහරුවාදා


‘අම්මයි, තාත්තයි ඇරුනම තව දෙන්නෙක් මට ආදරෙයි’


 

 නිපුණිකා, ඔබ ක්ෂේත‍්‍රයට පැමිණියේ ගුවන් විදුලි නිවේදිකාවක ලෙසයි. අද වෙනත් අංශයක. අපි අතීතය ගැන ටිකක් කතා කරමු?
පාසලින් සමු අරගෙන සතියක්වත් යන්නට පෙර ස්වාධීන රූපවාහිනියේ ප‍්‍රයිම් ටයිම් හරහා ඉංග‍්‍රීසි ප‍්‍රවෘත්ති නිවේදිකාවක ලෙස කටයුතු කරන්න ලැබුණා. පසුව දෙරණ ටී.වී වෙතින් ලද ආරාධනයකට අනුව ටී.වී නිවේදිකාවක ලෙස වසර දෙකක් විතර කටයුතු කළා. අද හොඳම දවස, ලිට්ල් ස්ටාර් - 4 (අදියර) ඇතුළු බොහෝ වැඩ සටහන්වලට එහිදී දායක වුණා.

 

 ඒ අතරවාරයේදී ටෙලි නාට්‍ය ක්ෂේත‍්‍රයට ආවේ?
 
 

විශ්ව ලංකා කියන මගේ මිතුරා මා ගැන නාලන් මෙන්ඩිස් මහතාට කියා තිබුණා. ‘‘දුවරු’’ ටෙලි නාට්‍යයෙන් තමයි රංගන ජීවිතය පටන් ගත්තෙ. ඉන්පසු ටෙලිනාට්‍ය කීපයකම රඟපාන්න ආරාධනා ලැබුණා.

 

 කොහොම වුණත්, බොහෝ දෙනා රංගනයේදී ඔබ ගැන කතා කරන්න පටන් ගන්නෙ ‘‘පබසරා’’ නිසයි. එහෙම නේද?
ඇත්තටම ඔව්. අද කොතැන ගියත් බොහෝ දෙනා මට කතා කරන්නෙ ‘‘පබසරා’’ කියලයි. පබසරා හරි අහිංසක, දුප්පත්, පවුලට ලැදි චරිතයක්. ඒ නිසා වෙන්න ඇති. මිනිස්සු පබසරාට එච්චර ආදරේ.

 

 ‘‘නිපුණිකා’’ කොහොම කෙනෙක්ද?
මමත් පවුලට බොහෝම ලැදි ජීවිතේ අරමුණු තියෙන, නිතරම සතුටින් ඉන්න කැමති කෙනෙක්.

 

 මොනවගේ අරමුණු ද තියෙන්නෙ?
උපාධිය ලබා ගන්න  ඕනෑ. නිසි කලට විවාහ වෙන්න  ඕනෑ. හොඳ පුරවැසියකු ලෙස රටට සේවයක් කරන්නත්  ඕනෑ. 

 

 නිසි වයසට විවාහ වෙන්න දැනටමත් කෙනෙක් තෝරා ගෙන ද ඉන්නේ?
ඔව්, ඔව්

 

 ඉතින් එයා ගැනත් කියමු?
අපේ අම්මා - තාත්තා වගේම එයත් මාව ආදරයෙන්, ආරක්ෂාවෙන් රැකබලා ගන්න හොඳ පෙම්වතෙක්.

 

 එයා දේශපාලනයටත් සම්බන්ධ කෙනෙක් බවයි ආරංචිය?
ඒ ගැන දැන්ම කියන්න බැහැ. හැම දේටම වෙලාවක් තියෙනවනෙ.

 

 ඔබ රඟපානවට ඔහුගෙ අකමැත්තක් නැද්ද?
මම අවිවේකී වෙනවට එයා අකමැතියි. නමුත් මගේ හැකියාව ගැන සතුටු වෙනවා. එයාගෙ මුළු ලෝකෙම මමයි. එච්චරටම මට ආදරෙයි. දෙමාපියන්ට අමතරව මං වෙනුවෙන් තවත් කෙනෙක් ඉන්නවානේ කියන අභිමානය මට තියෙනවා.

 

 ඔබ ආදරයේදී අවංකද?
සත්තමයි

 

 ආදරය කියන දේ ඔබ දකින්නෙ කොහොමද?
පරිස්සම් කරගන්න  ඕනෙ දෙයක්. බොහෝම වටිනා දෙයක්

 

 කොහොම වෙතත් ඔබ තවත් ගොඩාක් ආදරය කරන” ඔබටත් ආදරය කරන විශේෂ කෙනෙක් තවත් ඉන්නවලූ නේද?
මොකක් ගැනද ඔය අහන්නෙ?

 

 ඔබ එයාට කියන්නෙ පිනි බිංදුව කියලලූ?
දෙයියනේ කොහොමද ඒක දැන ගත්තෙ?

 

 ඒ ගැනත් කියමු නේද?
එයාගෙ නම බාෆි. එයා මට දුන්නෙ මගේ පෙම්වතා. මගේ 22 වැනි උපන් දිනයට දුන්න තෑග්ග තමයි ඒ ඩැල්මේෂන් වර්ගයේ බලූ පැටියා. එයා මට ලැබෙන කොට පිනි බිංදුවක් වගේ මට පෙනුණෙ.

ඒ නිසයි බාෆි කියලා නම දැම්මෙත්. දැන් එයා හරිම දඟයි. මම කොහේ ගිහින් ආවත් ඉස්සෙල්ලාම එයාව හුරතල් කරන්නෙ නැත්නම්, එයා දුකින් ඉන්නෙ. බාෆිත් මට ගොඩාක් ආදරෙයි. 

 

 ඇත්ත ද ඔබ වාහනය පදවන අවස්ථාවලදී යාළුවෝ හැංගෙනවා කියන්නෙ?
වේගයෙන් කාර් එක පදවන්න මම ආසයි. ඉතින් ඒ නිසා යාළුවෝ මට විහිළුවට කියන දෙයක් තමයි ඒ 
 

 හැඩගැන්වීම් - චම්පි සිරිවර්ධන 

 



අදහස් (0)

‘අම්මයි, තාත්තයි ඇරුනම තව දෙන්නෙක් මට ආදරෙයි’

පුර්ණ Sunday, 23 March 2014 11:24 PM

ලස්සනයි. ලස්සන සාම්ප්‍රදායික මනමාලියක් (දී)

:       0       0

රේසාදි Friday, 09 May 2014 01:46 PM

ඔය හරිම හොද කෙනෙක්.(නදී)

:       0       0

ප්‍රියකුමාර Saturday, 22 March 2014 05:12 PM

මටත් ඔයා ආදරෙයිද එතකොට අපි පස්දෙනයි කොහොමද ටිකිරි මොලේ අපි යමු මහපාරේ හැටට හැටේ.(නදී)

:       0       0

දර්ශන Wednesday, 21 May 2014 09:37 AM

අක්කේ, ඔයාට මම ගොඩක් කැමතියි.ඔයා ගොඩක් දක්ෂයි.හොඳ අනාගතයක් තියෙනවා ඔයාට. (නි)

:       0       0

සුවිනි Friday, 21 March 2014 07:04 AM

ඔයාගේ බලු පැටියට වගේම මහා පාරේ යන මිනිස්සුන්ටත් ආදරේ කරන්න. වාහනේ නියමිත වේගෙන් විතරක් දාවනය කරන්න.(නදී)

:       0       0

රශානි Wednesday, 26 March 2014 12:30 PM

මැරෙනකල් එකට ජීවත් වන්න බැරිනම් බදින්න එපා. බැඳලා දික්කසාද වෙනවට වඩා නොබැඳ ඉන්න එක හොඳයි. හරිම කැමති නිළියක්. හැමදාම අහිසකවම ඉන්න බලන්න. අපි සුබ පතනවා ඔයාගේ අනාගතයට. (ස)

:       0       0

ජනිත Thursday, 27 March 2014 02:40 PM

මම කැමති ඔයාගේ පබසරා චරිතයට හොදට කරනවා..සුභ පැතුම් (දිල්)

:       0       0

සුනිල් Friday, 21 March 2014 08:40 AM

සුච්නි 100/100 හරි.(නදී)

:       0       0

විදුල Thursday, 27 March 2014 12:10 AM

ලස්සන යුවතියක්.... (නි)

:       0       0

රවීෂා Wednesday, 02 April 2014 12:50 PM

ඔය හරිම ලස්සනයි.ඉරිසියාවට කියන ඒවා ගණන් ගන්න එපා.මම තාම නමය ශ්‍රේණියේ තමයි.හැබැයි මම කියන්නේ ඇත්ත. (ස)

:       0       0

මීනා Wednesday, 02 April 2014 12:59 PM

මමත් ඔයාගේ මෆිට අදරෙයි. (ස)

:       0       0

රෝයි නානායක්කාර Wednesday, 28 May 2014 02:59 PM

මගේ උණුසුම් සුභ පැතුම් ඔබට! (නි)

:       0       0

රෝයි නානායක්කාර Wednesday, 28 May 2014 02:59 PM

ඔබට මගේ උණුසුම් සුබ පැතුම්. (ස)

:       0       0

රසික ඩුබායි Saturday, 22 March 2014 09:38 PM

ඔයාගේ ලස්සන මුණ මේකප් එකෙන් කැත කරලා.(නදී)

:       0       0

නිරෝධා Wednesday, 02 April 2014 01:16 PM

මම රවීශාගේ අක්කා.මගේ නංගිගේ කතාවට මමත් එකඟයි.නිපුනිකා අක්කි ඔයා තමයි මම කැමතිම නිළිය.ඔයාට විකාරයක් වගේ කියලා කියනවට මම කැමති නැහැ.ඔයාට සුබ අනාගතයක් කියලා මම ප්‍රාර්ථනා කරනවා. (ස)

:       0       0

මාෂි Sunday, 27 April 2014 01:16 PM

අක්කේ මේකප් නැතුව අක්කගේ බර කියද (දී)

:       0       0

මර්වින් Tuesday, 06 May 2014 12:59 PM

ලස්සනයි (දී)

:       0       0

තුෂාරි Thursday, 03 April 2014 10:00 AM

අපි ඔයාට කැමතියි. ඔයා නිවේදන වැඩසටහන් ලස්සනට කරනවා. (ස)

:       0       0

සචිනි Saturday, 22 March 2014 12:12 PM

මොකක්ද අප්පේ මේ ඇඳුම (අ)

:       0       0

රෙක්ස් Sunday, 23 March 2014 01:23 AM

"තව දෙන්නෙක් මට ආදරෙයි".....??????????????? (දී)

:       0       0

කුමාරි Friday, 21 March 2014 05:10 PM

ඇත්තටම ගොඩක් ලස්සන දක්ෂ දරුවෙක්. සුචිනි කියනවා වගේ අනෙක් අය ගැන හිතන්න. ජිවිතේ හැම දේටම සාමාන්‍ය වේගයක් තියා ගන්න, ඔයාට ජය වේවා දු! (නදී)

:       0       0

රම්සි Sunday, 23 March 2014 08:31 PM

මෙයා දැන් අපිට මේ පෙන්නන්නේ එයාවද, නැත්නම් එල්ලගෙන දවටගෙන ඉන්න ඒවාද? (නදී)

:       0       0

රම්ස්‍යා Saturday, 22 March 2014 02:04 PM

ඇහි පිහාටුත් ආටිෆිෂල්, කිලෝ ගණක පාප්පත් ගාගෙන. ඔයා හරිම ලස්සනයි.(අ)

:       0       0

ලක්විඳ Saturday, 22 March 2014 02:05 PM

මෙයට මේකප් දාපු කෙනා අපහු පුහුණුවකට යවන්න ඕන. (අ)

:       0       0

සකූ Monday, 24 March 2014 12:55 PM

අහිංසක කම නැතිකරගන්න නම් එපා.(නදී)

:       0       0

අර්ෂා Sunday, 30 March 2014 03:28 PM

මැරනෙකම්ම එකට ජීවත්වෙන්න බැරි කෙනෙක් එක්ක විවාහවෙන්න එපා.(නදී)

:       0       0

විදුමිණී Thursday, 27 March 2014 12:03 PM

මම කැමති ඔයා දිගටම නිවේදිකාවක් විදියට ඉන්නවා නම්. ඔයා පබසරා එකේ ගොඩක් ලස්සනයි. (ස)

:       0       0

ගයාන් Monday, 24 March 2014 04:03 PM

අම්මි, තාත්ති අනික් දෙන්නයි මමයි ඔක්කොම පහක් ආදරෙයි කියල දාගන්නකෝ. (ස)

:       0       0

නීල් කොස්තා Friday, 21 March 2014 01:20 AM

ජෝගියක් වගේ. මනමාලියෝ විකාර, කිසිම ලස්සනක් නැහැ, හරියට වෙසක් කුඩු වගෙයි. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 786 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 385 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 516 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site