රුපියල් ලක්ෂ හැටක්  වටිනා  නිම නොකළ  රන් ආබරණ පැළද  ඉන්දියාවේ ට්‍රිචී නුවර බලා යාමට උත්සහ කළ ශ්‍රී ලාංකික  මවට(48), පුතාට(20) සහ දියණියට(18) රුපියල් ලක්ෂ තුනක දඩ නියම කළ රේගුව එම රන් අබරණ  රාජසන්තක කළේය.

මේ පිළිබද රේගු පර්ක්ෂනය නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂක ඩි.ජේ.එස්  බෝපේආරච්චි මහතා විසින් සිදු කළේය.

අත්අඩංගුවට ගනු ලැබු ස්වර්ණාබරණ වල බර කිලෝග්‍රෑමයකි.

මොවුහු කොළඹ කොටහේන ප්‍රදේශයේ පදිංචිකරුවෝ වෙති.

රේගු මාධ්‍ය ප්‍රකාශක ලෙස්ලි ගාමිණී මහතා පැවසූවේ රන් වළලූ 8 ක්,  කර මාලයක්, රිදී ආලේප කළ  රන් පාද  සළඹ ජෝඩුවක්, මාල 02 ක්, පෙන්ඩන්ට් 7 ක් සහ බ්‍රේස්ලට් එකක්  මොවුන්  ගෙන යාමට උත්සහ කළ බවයි.

මොවුහු ශ්‍රී ලංකන් ගුවන්සේවයට අයත් යු.එල් 133 දරණ ගුවන් යානයෙන් ඉන්දියාවේ ට්‍රිචී නුවර වෙත යාමට කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළට පැමිණ ඇත.

මේ පිළිබඳ විමර්ශන කටයුතු ගුවන්තොටුපොළ රේගු අධ්‍යක්ෂක  දීපාල් සිරිබද්ධන මහතාගේ අධීක්ෂනය යටතේ නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂක  ඩී.ෙජ්.එස්  බෝපේආරච්චි මහතාගේ මෙහෙයවිමෙන් රේගු අධිකාරී එල්.කේ.එච්.ඩී.කේ අරේවත්ත, සහකාර රේගු අධිකාරීවරුන් වන එම්.කේ ප්‍රේමදාස, කේ. සෝමසිරි, ඒ.එම් ජයසුරිය, එම්.එස්.සී ප්‍රේමතිලක, ඒ.ජී.ඒ.එස් ගුණසේන, කේ.ආර්.ජී විෙජ්වර්ධන, එන්.ඩී.සී සිරිසේන, පී.එම්.බී.ජී ද සිල්වා සහ බී.එම්.බී.ජී වජයගුණවර්ධන යන නිලධාරීහු සිදුකරති.