නොච්චියාගම මොරවක කන්දේ හත් දරු මවකගේ (73) කිරි හරකා මස් කඩයට විකුණා ඇතැයි දැනගත් පසු ඇය හඬා වැටෙමින් පොලිසියට ගියාය.
පැමිණිල්ලක් ද කළාය.
සැකපිට ඇගේ පුත්‍රයකු සහ අසල් වැසියකු අධිකරණයට ඉදිරිපත් කළ බව පොලිසිය පවසයි.
රුපියල් 17,000කට මිලට ගත් හරකා ඊට පසු දින මරා තිබිණි.
නොච්චියාගම පොලිසිය මරණයට කැපවූ ගවයකු ඇය වෙනුවෙන් මිලට ගත්තේය.
පොලිස් සාමාජිකයන්ගේ ආධාරයෙන් මිලට ගත් මේ ගවයා, අනුරාධපුර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අතුල වීරසිංහ මහතා ඒ මවට පිරිනැමුවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ පව්! මේ අම්ම අධිෂ්ඨාන කරන්න ඔය වගේ දරුවෝ කිසිම ආත්මෙක ලැබෙන්න එපා කියල! (අ)
මේ වගේ පුත්තු ගෙදරින් එළවලා දාන්න තියෙන්නේ (නි)
මේවා දකින්න අහන්න ඉන්නවට වඩා හොඳයි .......ල යනවනම්, (බ)
සන්තුෂ්, ඔයා හරියටම හරි. මම කියන්නේ මේ වගේ පව්කාරයන්ට දෙන්න දඬුවම් නැහැ මේ මිහිපිට. (නි)
මේ වගේ පව්කාරයෝ අම්මවත් පුළුවන්නම් විකුණයි (බ)
අනේ ඒක සුළු දෙයක් නේ. මීට වඩා මේ සමහර අය රටම මස්කර විකුණන්න හදන්නේ. (කෞ)
පොලිස් මහත්වරුන්ට මගේ උපහාරය! (නි)