නොච්චියාගම මොරවක කන්දේ හත් දරු මවකගේ (73) කිරි හරකා මස් කඩයට විකුණා ඇතැයි දැනගත් පසු ඇය හඬා වැටෙමින් පොලිසියට ගියාය.
පැමිණිල්ලක් ද කළාය.
සැකපිට ඇගේ පුත්‍රයකු සහ අසල් වැසියකු අධිකරණයට ඉදිරිපත් කළ බව පොලිසිය පවසයි.
රුපියල් 17,000කට මිලට ගත් හරකා ඊට පසු දින මරා තිබිණි.
නොච්චියාගම පොලිසිය මරණයට කැපවූ ගවයකු ඇය වෙනුවෙන් මිලට ගත්තේය.
පොලිස් සාමාජිකයන්ගේ ආධාරයෙන් මිලට ගත් මේ ගවයා, අනුරාධපුර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අතුල වීරසිංහ මහතා ඒ මවට පිරිනැමුවේය.
2025 දෙසැම්බර් මස 18
609
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
295
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1094
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අම්මාගේ කිරි ගවයා, පුතා මස් කඩේට දක්කයි
අතුල Monday, 15 February 2016 01:03 PM
අනේ පව්! මේ අම්ම අධිෂ්ඨාන කරන්න ඔය වගේ දරුවෝ කිසිම ආත්මෙක ලැබෙන්න එපා කියල! (අ)
අනුලා Tuesday, 16 February 2016 06:30 AM
මේ වගේ පුත්තු ගෙදරින් එළවලා දාන්න තියෙන්නේ (නි)
චන්න බුවනක Monday, 15 February 2016 02:22 PM
මේවා දකින්න අහන්න ඉන්නවට වඩා හොඳයි .......ල යනවනම්, (බ)
ජයන්ත Tuesday, 16 February 2016 02:24 AM
සන්තුෂ්, ඔයා හරියටම හරි. මම කියන්නේ මේ වගේ පව්කාරයන්ට දෙන්න දඬුවම් නැහැ මේ මිහිපිට. (නි)
සුමිත්‍ර බස්නායක Monday, 15 February 2016 03:34 PM
මේ වගේ පව්කාරයෝ අම්මවත් පුළුවන්නම් විකුණයි (බ)
සන්තුෂ් Monday, 15 February 2016 03:53 PM
අනේ ඒක සුළු දෙයක් නේ. මීට වඩා මේ සමහර අය රටම මස්කර විකුණන්න හදන්නේ. (කෞ)
ජගත් Tuesday, 16 February 2016 05:10 PM
පොලිස් මහත්වරුන්ට මගේ උපහාරය! (නි)