සිය මව යැයි සිතිය හැකි කතකගේ ආධාරයෙන් කුඩා දැරියක ඉංගිරිය නගරයේ සපත්තු සාප්පුවක මුදල් අයකැමිගේ ලාච්ඡුවෙන් රුපියල් 55,000ක මුදලක් සොරා ගන්නා ආකාරය සීසීටීවී කැමරාවල සටහන් වී ඇත.
මොවුන් සොයාගැනීමට ඉංගිරිය පොලිසිය මෙහෙයුමක් ක්‍රියාත්මක කර ඇත.
සිය මව යැයි සිතිය හැකි කතකගේ ආධාරයෙන් කුඩා දැරියක ඉංගිරිය නගරයේ සපත්තු සාප්පුවක මුදල් අයකැමිගේ ලාච්ඡුවෙන් රුපියල් 55,000ක මුදලක් සොරා ගන්නා ආකාරය සීසීටීවී කැමරාවල සටහන් වී ඇත.
මොවුන් සොයාගැනීමට ඉංගිරිය පොලිසිය මෙහෙයුමක් ක්‍රියාත්මක කර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔඩෙල් එකේ වුනානම් දන්නවා කරන දේ. (ස)
මේ අම්මණ්ඩි අර දැරිවි "කුලියට" අරගෙන සීනි බෝල පැකට් එකකට හෝ පින්තුර පොතකට හෝ මේ වගේ අපරාධයක් කරන්න කෙල්ල පෙළඹුවා නම් ආණ්ඩුවේ බෝඩිමට යවන්න ඕන කෙල්ල නෙවෙයි. කෙල්ලගේ පවුලේ අයගෙන් මේ අම්මාට නිදහසේ ඉන්න ලැබෙන එකකුත් නැහැ...(බ)
අම්මෝ මම නම් මුකුත් කියන්නේ නැහැ , මේකේ ඉන්න බවලත්තු ටික කියයි පිටබද්දරට කාන්තාවෝ පේන්න බෑ කියල ....(බ)
පව් අසරණ ළමයා. (ර)
මිනිස්සු වැරදි කරන ඒවගෙන් ඉවරයකුත් නෑ. දැන් ඒකට වයස් සීමවකුත් නැති වෙලා. (ර)
දඬුවම් දීලා නතරකෙරුවොත් නම් හොඳයි. (ර)
මේ කපටිකම් කවදා අත්හරියිද.? (ර)
ඉස්කෝලේ යනවනම් එක වහාම නවත්වල අඩුම ගානේ ප්‍රාදේශීය සභාවටවත් ඉල්ලන්න දැම්ම නම් කෙල්ලට 18ක් 20ක් වෙනකොට ලංකාවේ ජනාධිපති වෙන්න පුළුවන් (කෞ)
නැහැ නැහැ මොනවත් නොකියන්නේ පිටබැද්දර ජයා මේ වගේ අයට බලවත් ලෙස අනුකම්පා කරන නිසා බව අපි දන්නවා. (ර)
මේ ළමයාව හදා ගන්න ඇත්තේ හොරකමේ යන්න මාර්ගයක් හැටියට වෙන්න ඇති. (ර)
පිටබැද්දර ජයා කසාය බීපු ගොළුවා වගේ ඉන්නේ එහෙනම් මේ බවලතුන් වැඩේ දුන්න සපත්තු කඩේ එයාගේ හින්දා වද්ද? (ර)
ඔය කිව්වට පිටබැද්දර ජයා බලන් ඉන්නේ මෙතන මහිලාවක් ආදරේට රණ්ඩුවක් ඇදලා ගන්නකන් තමයි. (ර)
දැන් මේකටත් නැති බැරි කම ආදේශ කරලා අනුකම්පා කරන කට්ටිය ඉඳීවි. අනුන්ගේ දහදිය මහන්සිය කියන්නේ නැති බැරි ලයිසන් එක පාවිච්චි කරලා හොරකම් කරන්න හොඳ දේවල් නෙවෙයි. (කෞ)
මෙහෙම දේවල් වලට දරුවා යොමු කලේ අම්මා නම් ඒ අම්මෙක් නෙවෙයි. තමන්ගේ පෙර පවට ලැබුණු මව් කුසක්! (කෞ)
බය නැතිව ලංකාව නියෝජනය කරන්න රු රැජින තරඟ වලට යවන්නත් පුළුවන් වේවි. ඒ මොකද එහෙම කාන්තා නියෝජන වලට තමයි දැන් රටේ තැන තියෙන්නේ . (කෞ)
එල උපුල් එල. ලංකාවේ ගොඩක් දේශපාලුවන්ට තියෙන ප්‍රධාන සුදුසුකම් තමයි, හොරකම වංචාව සහ දුෂණය.ඡන්ද දායකයින්ම තමයි මේ කම්බ හොරු ටික ආයෙ ආයෙත් පාර්ලිමේන්තුවට යැවීමේ වගකීම භාරගන්නේ. අපේ රටේ දේශපාලනය ජරාජීර්ණ වෙලා. ලංකාවේ එහෙමවුනත් එංගලන්තේ එහෙම වෙන්නේ නෑ. (කෞ)
මේ වැඩේට පසුව ප්‍රසිද්ධ වුනා නම් ටෙලි නාට්‍යයක ප්‍රධාන චරිතයට වුනත් ගනීවි. දැන් වැඩිම ඉල්ලුම ඒ වගේ සුදුසුකම් තිබෙන නිළියන්ට තමයි. (කෞ)
මේ වෙලාවේ පිටබැද්දර නිහඩවෙලා ඉන්න එක හොඳයි කියල මටත් හිතෙනවා අනික් අතට මේක හොරකමක් නිසා ජයා මොනවහරි කියන්න අපි බලන් ඉන්නවා (බ)
පුදුමාකාර අම්මණ්ඩි කෙනෙක්! ළමයාගේ අම්මා හෝ කුලියට රඟපාන මවක් වුනත් ඇය ගැහැණු පරානයක් වශයෙන් කොහොම ද මේ ළමයාගේ අනාගතය අඳුරු කරන්නේ? (කෞ)
අනේ මෙහෙමත් අම්මලා? (නි)
හරිම නරක ආදර්ශයක් මේක මේ ළමයට අපි පොඩි කාලේ ඉස්කෝලේ වත්තේ තිබිල දෙයක් අැහිදන් ආවත් අම්මගෙන් බැනුම් කෝටියයි පහුවෙනිදට පන්තියේ මිස්ට ගෙනිහින් දෙනවා ඇහිදපු දේ.,මෙතන විහිලුවට එක එක දේ කිවත් තුන් හිතකින් තරහක් නැහැ කිසිදා පිටබැද්දර ජයා සොයුර සමග මෙතන බවලතියෝ (බ)
ඔව් ඔය හොරකම සෞදියේ වුනාම නම් අත කපනවා නැත්නම් කස පාර දෙනවා.එතකොට අපේ අය කිඹුල් කඳුළු හෙළනවා. සෞදියට බනිනවා කාලකන්නි රට කියලා. (කෞ)
මේ දරුවාගේ ෆොටෝ එක පල නොකිරීමෙන් කලේ ලොකු මෙහෙයක්.නැතිනම් මේ දරුවාගේ අනාගතය එහෙම පිටින්ම අදුරේ සමාජය විසින් හෙරක් ලෙස කොන් කිරීමෙන්.(ම)
මේක එතරම් ලොකු දෙයක් නෙවේ. අම්මල තාත්තල දුවල පුතාල ඔක්කොම එකතුවෙලා මහජනයාගේ ලාච්චුවෙන් මුදල් ඇදපු හැටි පෙන්වන පින්තුරයක් දකිනකල් තමයි මම බලන් ඉන්නේ (බ)
මේකේ ලාචුවට අත දාන්නේ පොඩි ළමයෙක් නෙමේ අම්ම වගේ කෙනෙක් (කෞ)
දේශපාලනය කරන උන්ට හොද නම් මට මොකද කියල හිතෙන්න ඇති. කොහොමත් අනුන්ගේ සල්ලිනෙ. මේ අම්ම අර දරුවට මොන තරම් නින්දාවක්ද කරන්නේ. (කෞ)
අනාගතේ අඅමති කෙනෙක් වෙන්න උත්සාහ ගන්න (කෞ)
හරි ආදර්ශවත් අම්ම කෙනෙක්.. මෙහෙම අම්මල අපේ රටට අත්‍යවශ්‍යයි ... අම්මට දෙවි පිහිටයි. (ස)