තම දරු දෙදෙනා හා බිරිඳ අතහැර බාලවයස්කාරියක හා ඇගේ මව සමග පවුල් කන පුද්ගලයකු කඩුගන්නාව ප්‍රදේශයෙන් අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
මොහු 15 හැවිරිදි දැරිය අඹුකමට ගෙන ඇත්තේ 41 හැවිරිදි මවගේ අනුදැනුම මත යැයි පොලිසිය පවසයි.
තම දරු දෙදෙනා හා බිරිඳ අතහැර බාලවයස්කාරියක හා ඇගේ මව සමග පවුල් කන පුද්ගලයකු කඩුගන්නාව ප්‍රදේශයෙන් අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
මොහු 15 හැවිරිදි දැරිය අඹුකමට ගෙන ඇත්තේ 41 හැවිරිදි මවගේ අනුදැනුම මත යැයි පොලිසිය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ධර්ම වික්‍රම,ස්තුතියි ඔබේ අදහසට.අපි හැමෝටමත් අසුරු සැණෙකින් වනචරයෙකු මිනීමරුවෙකු විය හැක.ඒත් අපිව පාලනය කරන්නේ අපේ යහපත් හැදියාවන්ය. මිනිසෙකු උපදිනවිට මේ කිසිවක් රැගෙන නොඑයි.අද අපි ලැජ්ජාව බය කියන දේ තුරුළු කරගෙන ජීවත්වෙන්නේ හොඳ මිනිසත් හැදියාවන් ඇති නිසාය. (නි)
ඒකෙ ඇති වරදක් නෑ (බ)
මාදම්පේ ..තියෙන මානව සම්පත් සංවර්ධන පුහුණු මධ්‍යස්ථානේ කෝටි කීයක් වසරකට වැය කරනවාද? මොකක්ද ඒ මිනිසුන් රටට කළේ..? දැන් තියෙන්නේ ඒ මධ්‍යස්ථානේ තුලින් නිලධාරීන්ව ග්‍රාමීය මට්ටමින් ගම සහ නිවෙස් තුලට යවන්න..? ඒ සේවය රටේ මිනිසුන්ට ලබල දෙන්න..?නිලධාරීන් ඔෆ්පීස් එකට වෙලා හිටියට ජනතාවට සෙතක් වෙන්නේ නැහැ ...ප්‍රශ්න විසදන්න ප්‍රශ්ණ සොයා ඒ ලගට යන්න ඕනේ ..? (බ)
ඇයි මමද මහජන මුදල් කන්නේ ..මගේ අතින් වියදම් කරන්නේ මොකටද..? රටක බදු මුදල් සහ ආදායම් වැය කළ යුත්තේ ඒ රටේ සහ ජනතාවගේ සුඛ විහරණයට මිස දේශ පාලකයන්ගේ පවුල් විතරක් නඩත්තුවට නොවේ, වග මේ ලිපි කියවන සහ ඒ වට අදහස් පලකරන ..කරඋඩ පොල්ගෙඩියක් කරගහගෙන ඉන්න යස මහත්මයාට මතක් කර දෙමි ..! (බ)
ලංකාව දුප්පත් කීව්වට කිසිවෙකු සිතාවිද ඇත්තක් කියලා මට විශ්වාස කරන්නත් අමාරුයි.? වියදම් ගනු දෙනු පිටරටවල තැම්පත් නිල නිවෙස් මාසික වියදම් පාටියට වැයවන මුදල් මෙකී නොකී සියල්ල ගණනය වෙන්නේ කෝටි වලින් ඉතින් ඒ කෝටි වලින් රුපියල් ටිකක් මහජනයාගේ යහපතට වැය කලාම මොකද ..? (ර)
හොඳ ආකල්ප ඇති සමාජයක් ගොඩනැඟීම අවශ්‍යයි (නි)
අම්මා කෙනෙක් විදියට දරුවාව රකින්නේ නැතුව දරුවාව විනාශ කරනවා නම් ඒ අම්මා කෙනෙක් වෙන්න බැහැ.අද රටේ ඔයවගේ දේවල් කොතරම් සිද්ධ වෙනවද? මේ වගේ දවසින් දවස දරු පරපුර විනාශ වුණාම රටට අනාගතයක් තියේවිද? (නි)
අපිත් ප්‍රවෘත්ති බලනවා. අදහස් දානවා. කිසි වැඩක් තියේද? මේ සමාජයේ වෙන වැඩ දැක්කහම බීරි අලින්ට වයන වීණා වගෙයි. (නි)
මොන ලිංගික අධ්‍යාපනයද රූපවතී?? සල්ලි වලට තමුන්ගේ අම්මාවත් විකුණන තිරිසන්නු ඉන්න රටක්නේ මේක. අද ලොකු පුටු උඩ ඉඳගෙන ඉන්නේ බහුතරයක් කොහොම අයද කියලා ආයේ අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. ස්වාසිලන්ත රජාව රතු කාපට් මතින් ගොඩ බස්සවපු රටක් මේක. (නි)
තමන්ගේ දුවටයි තමන්ටයි දෙන්නාටම එකම පුරුෂයෙකු ගැළපෙන්නේ නැති බව තේරුම් ගන්න පවුල් සෞඛ්‍ය නිලධාරිනිය හෝ වෙනත් අයවලුන් ඇඟිල්ලෙන් ඇන කියාදෙන්න ඕනෑද? මෙතන තිබෙන්නේ මේ මවගේ මානසික විකෘතිතාවක් මිසක් ලිංගික අධ්‍යාපනය නැතිවීමේ ප්‍රශ්නයක් නෙමෙයි. (නි)
මෙම සිද්ධියට සම්බන්ධ පුද්ගලයන්ගේ අනන්‍යතාවය ඉඟියකින් හෝ අපිට දැනගැනීමට සළස්වන්නේ නම් මුළුමහත් ලාංකික මානව වර්ගයාම කෙරෙහිම ඇතිවන ජුගුප්සාසහගත කළකිරීම අවම කරගත හැක. (නි)
අනේ මෙහෙම දේවල් මේ ලක්දෙරණේ වෙනවනේ? (නි)
අපිට කාවවත් හදන්න බැහැ. නමුත් අපිට පුළුවන් වැරදි නොකර ඉන්න (නි)
මෙහෙමත් අම්මලා! (නි)
කොච්චර පහත් සමාජයකද අද අපි ඉන්නේ? (නි)
මෙහෙම අයට අම්මලා කියලා කියන්නත් ලැජ්ජයි (නි)
මේ නම් නුගත්කම හෝ නොදැනුවත් කම නොවෙයි.නැහැදිච්චි කම. දැන් සමාජය දියුණුයි.හරි දේ උගන්වන්න උවමනා නැහැ.තම දියණිය රැක ගන්නවා වෙනුවට නාස්ති කරලා දාන්නේ අම්ම කමට වඩා නැහැදිච්ච කම ලොකු නිසා වෙන්න ඇති.මිනිසුන් දිනෙන් දින මනසින් දියුණු වෙද්දී අපේ රටේ මිනිස්සු සත්තු වෙනවා. (බ)
දොස්තර ආර්, එල් ස්පිටල් ගේ "මැකීගිය දඩමං" පොත කියවන්න. දැඩි පුරුෂාධිපත්‍යයක් පවතින රටක අම්මා තම දියණිය ,පියාගේ අඹුකමට පැවරීමේ ඛේදාන්තය ඇතුළත සැඟවී ඇති කතාන්දරය අපි නොදන්නෙමු.නීතියෙන් හෝ ලිංගික අධ්‍යාපනයෙන් පමණක් මෙය යටපත් කළ නොහැක.වසර 2500 කට වැඩි කාලයක් දේශනා කළ මහා ධර්මස්කන්ධය නොඇසූකන්ව සිටින මෙම මිනිසුන් පෙර ආත්මවල රංචු වශයෙන් ගැවසුණු සත්ව කොටසක් මෙම ආත්මයේ මිනිස් වෙසින් පැමිණියා වියහැකිය.ග්‍රාම සේවක නිලධාරී හෝ වෙනත් රාජ්‍ය නිලධාරියකුට මෙම තිරස්චිනභාවය අකාමකා දැමිය හැකිද? (නි)
රූපවතීගේ යෝජනාවේ පොඩි ප්‍රායෝගික අවුලක් තියෙනවා. මානව සම්පත් නිලධාරිනිය ගෙයින් ගෙට ගිහින් මිනිස්සුන්ට ඕවා උගන්වන්න ගිහින් එයාට කරදරයක් වුණොත් මොනවද අපි කරන්නේ?? (නි)
සමාජයෙහ් තෝරාගත් පිරිසක් අරන් සතියට සැරයක් මුළු ගමම සොයාබලන්න ඕනේ ,,, හැම පවුලකම විස්තර පන්සල් තුල තිබිය යුතුයි (බ)
ධර්ම, ඔබේ අදහස හරි. එත් මේවාට අද සමාජය තුළ භාවිතාවෙන විවෘත ආර්ථිකයේත් නවීන විද්‍යාවෙත් නිරුවත කිව්වත් වැරදි නැහැ නේද? රටකට නිවැරදි ආර්ථික, සෞඛ්‍ය ,අධ්‍යාපන වගේම සස්කෘතික සහ මාධ්‍ය ජාතික ප්‍රතිපත්තියක් අවශ්‍යයි. ඉවක් බවක් නැති මාධ්‍ය සංදර්ශන ටෙලි නාට්‍ය වගේම බහුබූත ප්‍රවෘත්තිත්, මේවට උඩගෙඩි දෙන අයත්, ජංගම දුරකථන මේනියාව වගේම ජංජාලයක් වූ ඉමක් කොනක් නැති අන්තර්ජාලයත්, පවුල් සංකල්පයන්ගෙන් මිදුණු පිස්සු හැදුනු හයිබ්‍රිඩ් සංකල්පයත් මේවට වගකියන්න ඕනෑ. (නි)
රාගයෙන්ම බරපතල ලෙස අන්ධ භාවයට පත් වුන අවාසනාවන්ත ගැහැනියක්. හයක් හතරක් තවම හරි හැටියට අවබෝධයක් නැති දැරිවියගේ අනාගතයත් මේ කාන්තාව අඳුරට දාල. කාන්තාවක් කවදා හෝ අම්ම කෙනෙක් වෙනවා ඒ අම්ම තමයි පස්සේ නිවස ට ශ්‍රී දේවිය කැන්දන් එන වාසනාවන්ත දේවතාවියක් වෙන්නේ. මෙහෙම වෙන්නත් බුද්ධ දර්ශනයේ හැටියට පින්වන්තියක්ම විය යුතුයි. (බ)
මේක අම්මගේ ඇඳුනුම්කමට වඩා ඒ පිරිමියාගේ කපටිකමට වුණ දෙයක් (බ)
මාර්ක් ඔබත් ස්වාමින්වහන්සේ නමක්ද? ඔබ හරි මාර්ක් සියලු ප්‍රශ්න පන්සලට තමා කිව යුත්තේ. අපේ ගරුතර සංඝ රත්නය ගාව ඕවාට පිළිතුරු තියේ (බ)
අයන්ත හරි (නි)
හේමන්ති, ඔබේ කියවීම නිවැරදියි. එසේම ඔබ සටහන්කළ භෞතික සාධක අවභාවිතය මිනිසාගේ දැකීමේ දුර්වලකමක්. දැලිපිහිය රැවුල බෑමට මෙන්ම බඩ කපා ගැනීමටද යොදාගැනීම ඔබගේ විශ්ලේෂණය අභිබවායාමක් නොවන්නේද? මිනිසා රංචු ගැසී ජීවත් වූ ගෝත්‍රික සමාජ ක්‍රමයේ සංස්කෘතික ශේෂයන් තවම ඉතිරිව තිබේ.සිතා බලන්න. (නි)
අනේ දෙවියනේ! (නි)
යන්නේ කොහෙද මල්ලේ පොල් රූපවති (නි)
මාර්ක්, නුඹ ගිහියෙක් නොවේද? (නි)
වැටත් නියරත් ගොයම් කා නම් කාට පවසම් මේ අවනඩු? තමාගේ දුව විනාශ කරන්න මව උඩගෙඩි දේ නම්? අනේ මෙහෙමත් රටක් (නි)
අනුන්ගේ දුව විතරක් නෙමෙයි, දැන් කාලේ තමන්ගේම දුවත් ගන්නේ. රටේ නීති දැඩිව ක්‍රියාත්මක වෙන්න ඉඩදිය යුතුයි. (නි)
ඇයි පොඩි මිනිසුන්ට විතරක් එක නීතියක්? (නි)
හපෝ නුවර ඔය මිනිස්සු විවාහ කරගන්නවත් හොද නැ (අ)
මෙහෙමත් මිනිස්සු. (ස)
ලංකාවේ සෑම පවුල් 7 කට එක මානව සම්පත් සුරකීමේ නිලධාරිනියක් සම්බන්ද කරවන්න. ඒ නිලධාරිනිය සමග පවුල් සෞඛ්‍ය නිලධාරිනිය සමග නිවෙසින් නිවසට ගොස් ඔවුන්ව දැනුවත් කිරීමේ. සහ ඔවුන්ගේ දෛනික ප්‍රශ්ණ අධ්‍යපනය දරුවන් අපචාරයන්ට ගොදුරුවීමෙන් වැළකීම ලිංගික අධ්‍යපනය වගේ ගොඩාක් දේ වෙනුවෙන්. (ර)
අනේ මෙහෙමත් අම්මලා. (ර)
මේ මිනිස්සුන්ට මොනා වෙලාද මේ. (ර)
රුපවතියේ ඔයාගේ අදහසනම් හොඳයි, අමතක කරන්න එපා අපි තාමත් දුප්පත් රටක් කියලා. ඕව කරන්න පුළුවන් ඔය ඉන්න ඒරොප්පේ රට වලනම්, අනික ඉතින් අමුතුවෙන් නිලදාරී නැතත් ඉන්න ග්‍රාම සේවකලා හරියට පුහුණු කරා නම් ගම මීට වඩා ලස්සන කර ගන්න තිබුනා, අම්ම කෙනෙක් කියන්නේ මොන තරම් උත්තරීතර කෙනෙක්ද.? (ර)
මෙහෙම මිනිස්සුත් තාම ඉන්නවද.? (ර)
රුපවතීගේ යෝජනාවට වැයවෙන අතිවිශාල මුදල රුපවතීගේ අතින් ගෙවනවා නම් පුලුවන්වෙයි මං හිතන්නේ. (ර)