(සනත් ගමගේ)

අම්බලන්තොට බැරගම මහආර ප්‍ර දේශයේ  රාත්‍රී හතයි විස්සට පමණ පොළව සෙලවී ගිය බව එම ප්‍ර දේශයේ නිවැසියෝ කියති.

එක්වරම මහා හඩක් නගමින් ගෙයි ඇතුලේ පොලව සෙලවි ගිය බවත්. නිවසේ ටයිල් කැට කිහිපයක් ගැලවි ඉස්සි ගිය බව මහආර  කාන්තාවක් පැවැසුවාය.

අවට නිවෙස් කිහිපකටත් මේ ශබ්දය ඇසුණු බවත්. ඉතා සුළු වේලාවක් තුල එය අවසන් වූ බවද නිවැසියෝ සඳහන් කලහ.

මේ සම්බන්දව හම්බන්තොට දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයෙන් විමසූ විට එහි ප්‍රකාශකයෙක් කියා සිටියේ එවැනි භූ චලනයක් සම්බන්දව මෙතෙක් කිසිදු තොරතුරක් ලැබි නැති බවයි.