අම්බලන්තොට නගරයේ සිට නෝනාගම හන්දිය දක්වා අද උදෑසන සිට දැඩි වාහන තදබදයක් පවතින බව පොලිසිය කියයි. දින හතරක දීර්ඝ නිවාඩුවත් සමග විශාල පිරිසක් කතරගම වන්දනාවේ යාම හේතුවෙන් මෙලෙස මාර්ගයේ දැඩි වාහන තදබදයක් හටගෙන ඇත. රියදුරන් පවසන්නේ අම්බලන්තොට සිට නෝනාගම දක්වා යාමට පැය එකහමාරක පමණ කාලයක් ගත කිරීමට සිදුව ඇති බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මට කියන්ඩ තියෙන්නේ මෙච්චරයි. ඔතන ඔහොම තදබදය හැදෙන්නේ නෑ. ඔය පාර හම්බන්තොටට වෙනකන් හැදුවානම්. මේ ආණ්ඩුවෙන් එක කරන පාටක් පෙන්ඩ නෑ. නුවර පාරවත් හදන්ඩ සුදානමක් වත් නැහැ. දැන් අවුරුද්දක් වෙනවා. (ර)