ඇත්කඳුර ලංකාදීප මාධ්‍යවේදී ජනත් ද සිල්වා බලයෙන් රඳවාගෙන බලෙන් ප්‍රකාශයක් ලබාගෙන මරණ තර්ජන කළැයි කියන අම්බලංගොඩ ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති පුෂ්පලාල් කුමාරසිංහ ගාල්ල අතිරේක මහේස්ත්‍රාත් කේසර සමරදිවාකර මහතා විසින් ලබන 27 වැනි දා තෙක් රිමාන්ඩ් කරනු ලැබීය.
ඔහුගේ පෙර වැරදි සම්බන්ධයෙන් ඇප ද අවලංගු කැරිණි.
ඉරිදා දහවල් ගෝනාපීනුවල දී ඔහු ගමන් කළ යතුරුපැදිය හරස් කර බලයෙන් බස්සවා රඳවාගෙන ඔහුගේ අකමැත්තෙන් ප්‍රකාශයක් ලබාගෙන පොලිසියට පැමිණිලි කළහොත් ගෙදරටම අවුත් මරා දමන බවට තර්ජනය කළැයි පොලිසියට කළ පැමිණිල්ලේ දැක්වේ.
ගාල්ල නියෝජ්‍ය පොලිස්පති එස් ඒ ඩී ඒ ගුණවර්ධන මහතාගේ මෙහෙයවීමෙන් හික්කඩුව පොලිසිය පරීක්ෂණ පවත්වයි.
හිටපු ප්‍රාදේශීය සභාපති - පුෂ්පලාල් කුමාරසිංහ


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අන්න එහෙම තමයි ෆොටෝ එකත් එක්කම නිව්ස් එක දමන්න ඕනේ එවිට මිනිසුන් දැනගන්නවා කව්ද කියලා. (ර)