IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


අම්බලන්ගොඩ සිසුවාට සැත්කමින් පසු සිහිය එයි

අම්බලන්ගොඩ දේවානන්ද විදුහලේ  විභාග ශාලාවේදි අපොස උසස් පෙළ විභාගයට ලියා ගෙදර යමින් සිටියදී  බස් නැවතුම්පොළේදී පිහි ඇනුම් කෑ ශිෂ්‍යායට සැත්කමකින් පසු  සිහිය ලැබී ඇතැයි රෝහල් ආරංචි  කියයි.

ඔහුට පිහියෙන් ඇන්න බවට කියන තරුණයකු සැක පිට අත්අඩංගුවට ගත් පොලීසිය තවත් සැකකරුවකු සොයයි.

 

ddd5

සැත්කමින් පසු සිසුවා රැගෙන එන අයුරු

dee8

deepal2

සිසුවාගේ මව

deepal-4

සිසුවා ඇද සිටි පාසල් කමිසය ලෙයින් තෙත් වී ඇති අයුරු

deepal5

 

 

 

 



අදහස් (0)

අම්බලන්ගොඩ සිසුවාට සැත්කමින් පසු සිහිය එයි

නන්ද Sunday, 10 August 2014 06:08 AM

සිද්ධිය කුමක් වුවත් නීතියට බාරයි. දරුවාට ඉක්මන් සුවය පතමු. (නි)

:       0       0

සරත් Sunday, 10 August 2014 06:41 AM

පුතුට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමි. අපිත් පාසල් කාලේ පොඩි දේවල් වලට සන්ඩු උනා. එ්ත් පහුවද උදේට එක බත් එක ඔක්කොම කනවා. අද නම් කාලයත් සමග බොහෝ දේ වෙනස් වී ඇත. (නදී)

:       0       0

යසේන් Monday, 11 August 2014 05:09 AM

රටක නීතියයි, දේශපාලනයයි කියන්නේ සම්පූර්ණ වෙනස් දෙකක් (පොතට අනුව) නීතියක් නැති නිසා නෙවේ හදවතක් නැති නිසයි මේ වැඩ කරන්නේ. අද ළමයින්ට එකිනෙකා පරයා ඉහලට යන්න රුකුල් දෙන ක්‍රමය නිසා අපි පාසල් යන අවධියේ තිබුණු ලෙන්ගතු සබැඳියාව, දරුවන් අතර නැති වෙලාද? (නදී)

:       0       0

කරුණාදාස Sunday, 10 August 2014 07:07 AM

අද නීතියක් නැති නිසා මේ වගේ දේවල් කරන්න මිනිස්සු බය නැහැ. කරලා හිරේ ගියත් ටික දවසකින් එළියට එන්න පුළුවන් වීම තවත් රුකුලක්. (නි)

:       0       0

නුවන් Sunday, 10 August 2014 03:37 PM

මේකේ අදහස් දාපු එක්කෙනේක් වත් හරියට දන්නේ නෑ දැන් කොල්ලන්ගේ තත්වේ. මහ මෝඩ කතා කියල තියෙන්නේ (නදී)

:       0       0

බන්දුල පෙරේරා Sunday, 10 August 2014 05:44 PM

මිනිස්සු නිකම් පිහියෙන් අනින්නේ නැහැ. මේ ළමයත් මොකක් හරි නස්කුනි වැඩක් කරලා ඇති. (නදී)

:       0       0

අශාන් Wednesday, 13 August 2014 03:49 PM

අපේ මලීෂ සහෝදරයට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා (නි)

:       0       0

පද්මිනී Sunday, 10 August 2014 08:53 AM

කරු, නීතියක් නැති නිසා නෙවේ හදවතක් නැති නිසයි මේ වැඩ කරන්නේ. අද ළමයින්ට එකිනෙකා පරයා ඉහලට යන්න රුකුල් දෙන ක්‍රමය නිසා අපි පාසල් යන අවධියේ තිබුණු ලෙන්ගතු සබැඳියාව, දරුවන් අතර නැති වෙලාද? (නදී)

:       0       0

කළණ Monday, 11 August 2014 02:33 AM

ඇත්ත නැත්ත හරියටම දන්නේ නැහැ. ආරංචිය තියෙන්නේ පෙම් පලහිලව්වක් කියලා. ඒත් ඒක මේ ළමයා කෙළින්ම සම්බන්ධ එකක් කියලා කරුණු හරියට නොදැන කියන්නත් බැහැ. කාට හරි උදවු කරන්න ගිහිල්ල වුණ දෙයක් වෙන්නත් හැකියි. (නි)

:       0       0

ඉෂාර Monday, 11 August 2014 03:13 AM

ඉස්කොල වලියක් නම් කෙල්ලෙක් ගෑවිලා ඇති දෙකක් නෑ. (නදී)

:       0       0

ලසන්ත Monday, 11 August 2014 03:27 AM

අම්බලන්ගොඩ, බලපිටිය, වංචාවල සමහර මිනිස්සු බොහොම දරුණුයි. (නදී)

:       0       0

ඉෂාර Monday, 11 August 2014 03:36 AM

උදිත, රටක නීතියයි, දේශපාලනයයි කියන්නේ සම්පූර්න වෙනස් දෙකක් (පොතට අනුව). කරුනාදාස කියලා තියෙනවා නීතියක් නෑ කියලා. ඔයා කියනවා දේශපාලනය ගාවගන්න එපා කියලා. ඔන්න ඕකයි තත්වෙ. දැනුවත්ව හෝ නොදැනුවත්ව හැම කිරි කලේටම දේශපාලනේ කියන ගොම බින්දුව වැටිලා ඉවරයි.(නදී)

:       0       0

රසික පුෂ්ප කුමාර Sunday, 10 August 2014 12:05 PM

සහතික ඇත්ත. කරුණාදාස නීතිය තදින් තියෙනවා නම් වැරදි කරන්න බයයි (නදී)

:       0       0

උදිත බස්නායක Sunday, 10 August 2014 12:50 PM

පද්මිනිගේ කතාව ඇත්ත. කරුණාදාස හැම දේටම දේශපාලනය ගාව ගන්න එපා. නීතියේ තියෙන විදිහට විනිසුරු තීන්දු දේවි. ඊට පිටින් යන්න කාටවත් බැහැ. (නදී)

:       0       0

කුමාරි Sunday, 10 August 2014 05:42 AM

මෝඩ කොල්ලන්ගේ වැඩ. දැන් සිපිරි ගේ කුරු ගනිනකොට තේරෙයි අැයි මෙහෙම උනේ කියලා. අපරාදයක් කරලා කිසිම කෙනෙකුට සතුටින් සැනසීමෙන් ඉන්න බැහැ සිසුවාට ඉක්මන් සුවය ලැබේවා! (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 310 1
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 201 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1000 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site