අපොස (සා පෙළ) මධ්‍යස්ථානයක් වන අම්බලන්ගොඩ දේවානන්ද විදුහලේ වීදුරු කඩා රුපියල් පනස්දහසක පමණ අලාභයක් කළැයි කියන සිද්ධියක් මත පරීක්ෂණයට පැමිණි පොලීසිය පහර දුන්නැයි විභාග අපේක්ෂකයෙක් රෝහල් ගතවී සිටි.
මේ නිසා අද පැවැති ඉංග්‍රීසි ප්‍රශ්න පත්‍රයට පිළිතුරු ලිවීමට නොහැකි වු බව එම ශිෂ්‍යයා කියයි.
අම්බලන්ගොඩ පොලිස් ස්ථානාධිපති ආර් මංගල ද සොයිසා මහතා එම පරීක්ෂණයට ගිය නමුත් පොලිසියේ කිසිවකුත් ඔහුට පහර නොදුන් බව කියා ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වරදක් කළා නම් අනිවාර්යයයෙන්ම තරාතිරම නොබලා ඊට හිමි උපරිම දඬුවම දිය යුතුයි. (අ)
පාසල් සිසුවෙකුට නම් පහර දීම නම් අනුමත නොකරමි. හියුමන් රයිට් වලට යා යුතු දේවල්. (නදී)
නුවන්, ලංකාවේ පොලිසිය ඇත්තම කියයිද ගැහුවා කියලා. පොලිසියේ වැඩ ගැන ලියවුන පොතක් හමුඋනා මට ලඟදි. ඕන කෙනෙක් අමතන්න පත්තරේ දාන්න ඕන ලිපි ටිකක් එහි තියෙනවා. මට මතක් වෙනවා සුනිල් මාධවගේ වචන කීපයක් " ගිනියම් උන පිත්තල උණ්ඩය හදවතට ළඟාවන පුංචි විරාමයෙත් ගයාපන් සත්‍යයේ ගීතය, වයාපන් යුක්තියේ රිද්මය ".(නදී)
මම නම් කියන්නේ පොලීසිය කියන දේ විශ්වාස කරන්න කියලා. මොකද අපේ පොලිසිය එහෙම බොරු කියන පොලිසියක් නෙවෙයිනේ. මතකනේ ආයුද පෙන්නන්න ගිහින් මැරුන හැම වෙලාවේම ඇත්ත ඇති සැටියෙන්ම කිව්වා.(නදී)
මම මේ කියන්න හැදුව විතරයි. සමහර විට කොල්ලා හංගපු ආයුධ එළියට ගන්න හදන්න ඇති.(දිල්)
මේ ළමයට පොලිසියට විරුද්ධව බොරු කියන්න උවමනාවක් නැනේ.අනිත් එක විභාගයට ලියන ළමයෙක්නේ මේ.(දිල්)
අනිවාර්යෙන්ම කොල්ලට එල්ලා දඬුවම් කරයි. අපේ රටට කුඩු කොපමණ ගෙනාවත් අවුලක් නැහැ. නමුත් මේ වගේ වැඩ වලට අපේ පොලිසිය හොඳින් ක්‍රියා කරන බව අපට විශ්වාසයි. ජය වේවා සිරි ලංකා පොලිසිය! (නදී)
අද විභාගෙට ඉංග්‍රීසි තිබුනේ. අමාරු නිසා මග අරින්න කළ උප්පරවැට්ටියක්ද මන්දා.(නදී)
කළිනුත් ඔය පොලිසියටම ඉස්කෝලේ යන කොල්ලෙක් ඔය වගේම බොරු චෝදනාවක් කළා(දිල්)
හොරාගේ අම්මගෙන් පේන අහනවා වගේ පොලිසියෙන් පහර දුන්නද අහන එක.(දිල්)
මහත්වරුනේ ඔය ගැන ඔච්චරටම විවාද කරන්න දෙයක් නැහැ. මේ ළමයා පොලිසිය ගහන්න කලින් තමන්ටම ගහගෙන.(නදී)
ඔය වගේ වැඩ කළා නම් ගුටිකෑවත් කමක් නැහැ. මෙවැනි අය තමයි මේ රටේ අනාගතය කන්නේ.(නදී)
අපෝ නෑ පිස්සුද අපේ පොලීසියේ මාමලා එහෙම ගහන්නේ නෑ(දිල්)
ලංකාවේ පොලිසිය ඔය වගේ තමා....(අ)
නුවන් හරියටම හරි නියපොත්තෙන් කඩන්න ඕනදේ පොරවෙන් කපන්න තියන්න හොඳ නැහැ, ළමුන් ඉගෙනගන්න පාසලට මෙහෙම අලාබයක් කලානම් තව ටිකක් ලොකුවෙනකොට මෙයා මොනවගේ කෙනෙක් වෙයිද දන්නේ නැහැ, (අ)
කියන්නා කෙසේ කීවත් අසන්නා සිහිබුද්ධියෙන් ඇසිය යුතුයි. විභාගයට දිනක් තියා මේ සිසුවා මෙවැනි දෙයක් කරයිද? (අ)