අම්බලන්ගොඩදී පසුගියදා මත්කුඩු කිලෝ 20ක් සමග අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරු ඇතුළු දෙදෙනකු උසාවි ඉදිරිපත් කිරීමෙන් පසු දෙදෙනකු පෙබරවාරි 19 වැනිදා තෙක් රිමාන්ඩ් කිරීමට අද (15) බලපිටිය ප්‍රධාන මහේස්ත්‍රාත් ආර්.ජයසූරිය මෙනවිය නියෝග කළාය.
සැකකරුවන් දෙදෙනකු එසේ රිමාන්ඩ් කළ අතර උසාවියට ඉදිරිපත් කළ ප්‍රධාන සැකකරු රඳවාගෙන ප්‍රශ්න කිරීම සඳහා මහේස්ත්‍රාත්වරිය අවසර දුන්නාය.
මාදම්පේ ප්‍රදේශයේ පදිංචි කලුමින් සුමනසිරි නැමැත්තා සහ මීට පෙර පොලිස් අත්අඩංගුවට පත්වී රැදවුම් නියෝග මත පොලිස් භාරයේ සිට කලුමින් දීපසිරි සහ බැබිලවත්ත රංජිත් නැමැත්තන් අද බලපිටිය මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලදී.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කුඩු නැමැති ත්‍රස්ත වාදියව රටෙන් නැතිකිරීමට ආසාවක් රටේ පාලකයන්ට ඇත්නම් කරුණාකර ඒ අංශය ජෙනරාල් සරත් ෆොන්සේකා මැති තුමාට බාරදෙන්න. රට නිදහස් කරන විදිය එතුමා පෙන්නාවි(ර)