අම්පාර නගරය ආසන්නයේ කොණ්ඩවටුවාන වැව වාන් දැමීම නිසා අම්පාර ඉගිණියාගල මාර්ගයේ ගමනාගමනයට බාධා ඇති විය. නගරයේ ඔරලෝසු කණුව අසල පෙදෙස ද ගංවතුරෙන් යට විය. අද (06) පෙරවරුවේ සිට අම්පාර නගරයට මහ වැසි ලැබේ.
ඉගිණියාගල සේනානායක සමුද්‍රයේ ජල මට්ටම 108 අඟල් 4 ක් දක්වා ඉහළ ගොස් ඇත. තවත් අඟල් 8 කින් ජලය වැඩි වුවහොත් වාන් දොරටු ඇරීමට සිදු වේ.




![rain_160106.jpg(4])](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/01/rain_160106.jpg4_.jpg)
![rain_160106.jpg(5])](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/01/rain_160106.jpg5_.jpg)
![rain_160106.jpg(6])](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/01/rain_160106.jpg6_.jpg)
![rain_160106.jpg(7])](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/01/rain_160106.jpg7_.jpg)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේකට කවුද වගකියන්න ඕනෑ? සේනානායක සමුද්‍රයේ පිටවානේ ස්ථාන දෙකක කාන්දුවීම් තිබෙනවා. ඒ නිසා පිටවානේ යටින් තිබෙන ගේට්ටු ඇරලා තමයි වතුර පිටකරන්නේ. ඒ ගේට්ටු අරින්න යනකොට මළකඩ කා තිබී බොහොම අමාරුවෙන් තමා ඇරලා තියෙන්නේ. දැන් මාසෙක ඉඳලා සේනානායක සමුද්‍රය වාන් දමන්න දුන්නා නම් මේ වගේ ජලය එකතුවෙන්නේ නැහැ. සේනානායක සමුද්‍රය මේ වගේ එකපාරක් පිරුනහම ඊටපස්සේ මුළු අවුරුද්දම වැස්සේ නැතත් ගල්ඔය මිටියාවතේ ගොවියන්ට කන්න දෙක වගා කරන්න වතුර තිබෙනවා. අවුරුදු පහළොවක් තිස්සේ වරාය, ගුවන් තොටුපොළවල් හැදුවට වර්ග සැතපුම් 341 ක් පෝෂිත ප්‍රදේශයකට බත සපයන සේනානායක සමුද්‍රයේ නඩත්තු කටයුතු කර නැහැ . (නි)
ඊයේ කොළඹත් ඔය වගේ තමයි (නි)