අම්පාර දිස්ත්‍රික්කයේ වී මිලදී ගැනීමේ කටයුතු නිසි පරිදි ඉටු නොවෙතියි අම්පාර ගොවීහු වී අලෙවි මණ්ඩලයට චෝදනා කැර සිටිති.
වී මිළට ගැනීම ආරම්භ කැර තිබුණද හදිසියේම ඊයේ (10) එය නවතා දැමීම නිසා තමන් දැඩි අපහසුතාවට ලක්ව සිටිතියි ඔවුහු කියති.
මෙසේ වී අලෙවි කැර ගැනීමට පැමිණි ගොවීහු රැසක් සමන්තුරේ අම්පාර දමන වැනි පෙදෙස්හි වී ගබඩා අසල තම වී තබාගෙන තබාගෙන සිටිති.
මේ පිළිබඳව වී අලෙවි මණ්ඩලයෙන් වීමසීමේදී කියා සිටියේ වී මිලදී ගැනීමේදි අම්පාර දිස්ත්‍රික්කයෙන් පමණක් වී මෙට්‍රික් ටොන් 20000 ගන්නා බවයි.
ඒ සඳහා ගබඩා 22ක් හා ජංගම රථ 25 ක් යොදවා ඇතැයිද පොතුවිල් ලාහුගලින් එය ආරම්භ කැර ඇතැයිද වී අලෙවි මණ්ඩලය කියා සිටී.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දුක් මහන්සි වෙලා ගොවිතැන් කරලා අපොයි මේ මිනිස්සු ඒක විකුණා ගන්න විඳින දුකක්.(අ)
නිශ ඔයා දැනුමක් නැතුව කතා කරෙන්නේ රණා කියපු දේ හරි. ඇමරිකාවේ තිරිඟු නිෂ්පාදනය වැඩි වුනහම මුහුදට හලනවා . විකල්ප නිෂ්පාදන වලටත් යාමට කාලය හරි.(නදී)
වී මෝල් අයිතිකාරයෝ දේශපාලන බලය පාවිචි කරලා මොකක හරි දහන් ගැටයක් දමලා මේ කාලෙට වී මිල බස්සනවා. ඊට පස්සේ ගොවියෝ වහ බොනවා නය ගෙවා ගන්න බැරුව. ඡන්දෙ කිට්ටු උනහම මොකක් හරි බොරු පොරෝන්දු ටිකක් දීලා ඡන්දය ගන්නවා.(නදී)
ඔන්න අපේ රටේ හැටි (දී)
ඕනෙම දෙයක අතිරික්තයක් ඇති වෙන විට ..ඔය වැනි ගැටළු එනවා. අපනයනය හෝ නිෂ්පාදනය සීමාකර. වෙනත් විකල්ප නිෂ්පාදනයකට යනවා නම් හොඳ වෙලාව. (ස)
මොන වැඩේ කරන්න ගියත් අනාගන්නවනේ. (දී)
ලෝකේ උතුම් රට ලංකාවයි…. ලංකාවයි, සිරි ලංකාවයි…. (දී)
දඹුල්ල ලොකු ලුණු ගොවිවෝ ගොඩ! අම්පාරෙත් ජන්දයක් තිබ්බොත් (දී)
හාල් කරලා දෙනවා නම් රුපියල් 60ට ගන්නවා.. (ස)
අර පොඩි දේටත් මාධ්‍ය සාකච්ඡා තියන රතු මල්ලිලා කෝ ? (අ)
වී තිබෙන්නේ ගබඩාකොට තබා, අවශ්‍ය විටදී ප්‍රයෝජනයට ගැනීමටයි. (නි)
අනේ රනා, ඔයා පටු විදිහට හිතන්න එපා. අපේ ලංකාවේ ඔය ප්‍රශ්නේ ආවේ අද විතරද? (නි)