අම්පාර දමන තොට්ටම වැල්කැටිය වැව අද සවස කඩාගෙන ගොස් ඇතැයි ප්‍රදේශවාසීහු කියති.

වසර 60 ක් පමන පැරණි මෙම වැවේ සොරොව්ව අලූත්වැඩියා කරමින් තිබු අතර ඒ සදහා වැව් බැමිම හාරා තිබී ඇත. ඒ වෙනුවට තාවකාලික බැම්මක් දමා තිබුණු බවද ප‍්‍රදේශවාසින් පවසති.

පසුගිය සිකුරාදා සිට අම්පාර දිස්ති‍්‍රක්කයට ඇද හැලෙන වර්ෂාව නිසා මෙම වැව් බැමිම කඩාගෙන යන්නට ඇති බවත් ඒ හේතුවෙන් කුඹුරු අක්කර 250 කට පමණ වතුර ගැනිමට නොහැකිවන බවත් ගොවිහු පවසති.

Ampara_201510251 Ampara_201510251-2 Ampara_2015102513-2 Ampara_20151025134