අම්පාර දයා ඇඟළුම් ආයතනයට එරෙහිව පවරා ඇති නඩුවක තීන්දුව අද අම්පාර අධිකරණයෙන් දීමට නියමිතය.
මෙම තීන්දුව දැන ගැනීම සඳහා එම ආයතනයේ 4000කට ආසනන් ඇඟළුම් සේවක සේවිකාවෝ අම්පාර නගර සභාව හා උසාවිය අසළ ප්‍රදේශයේ රැස්ව සිටිති.
තම රැකියා සුරක්ෂිත කර දෙන්නැයි ඔවුන් ඇතැමෙක් අත දැන්වීම් පුවරුද ඇත.
දයා ඇඟළුම් කම්හල එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක දයා ගමගේ මහතාගේ පාලනය යටතේ පවතී
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අද රටේ ආර්ථිකයට උර දෙන ජනතාවගෙන් අඩුම වේතනයකට ශ්‍රමය කැප කරන පිරිසක් තමයි මේ අහිංසක යුවතියන් ....මේ අහිංසකයන් ගැන වගකිව යුත්තන් වැඩි අවධානයක් යොමු කල යුතුය. (දී)
දේවා, මෝඩ කතා කියන්න එපා. ගිය වසරේ පමණක් රාජ්‍යය අංශයේ ආයතන 5 පමණක් පාඩුව කෝටි 18500. ඕවා ගෙවන්නේ ඔයාද? පුගොඩ,තුල්හිරියට වෙච්ච දේ කරන්නද හදන්නේ? (නි)
අපේ ලංකාවේ මිනිස්සුන්ට කවදාවත් දියුනු වෙන්න බැරි ඊර්ෂ්‍යාව කුහකකම හින්දා. (නි)
මිනිසුන් 4000 රැකියා දීම අද කාලේ ලංකාවේ වගේ රටක කරන්න පුළුවන් පහසු දෙයක් නොවේ.මේ දේ පාලකයෝ අගය කරන්න ඕනෑ. මේ 4000 රස්සා නොමැති වුනා නම් කීදෙනෙක් අනාතයිද.අනික තමා ලංකාවේ පුද්ගලික අංශයේ සේවකයන් දරුණු හුරා කෑමකට ලක්වෙනවා.තමන්ට අයිති නිවාඩුව ලබගැන්මටත් දනින් වැටෙන්න ඕනෑ.අපේ සංස්කෘතියේ ඇති පන්ති බේදේ, නිලදාරිවාදෙත් මේවට වග කියන්න ඕනෑ.පාලකයෝ හරි නම් මේවට වෙන රටවල වගේ කම්කරු නීති හදලා සේවකයා මෙන්ම සමාගමද රකිනවා.මේක ලංකාවනේ. (නි)
හොද තීන්දුවක් ලැබේවි. (නි)
මේක මොකක් සම්බන්ධව දාපු නඩුවක් ද නොදැන කට්ටිය ඔහේ හිතෙන හිතෙන දේවල් දානවා. (නි)
ඔන්න හොඳ තුරුම්පුවක් ආණ්ඩුවට බනින්න. (නි)
මමත් ඇඟලුම් ආයතනයක මානව සම්පත් අංශයේ තමයි වැඩ කරන්නේ. ඇඟලුම් ක්ෂේත්‍රයට රජයේ අවදානය හුගක්ම මදි. (නි)
රට හදන්න ඉල්ලන අයගේ කෙරුවාව තම මේක..(අ)
නඩු තීන්දුව දවසේම මෙහෙම කට්ටිය ගෙන ඒම \අධිකරනයට අනිසි ලෙස බලපෑම් කිරීමක්. (අ)
කමල් , ඔය මේ ගැන හොදට දන්නවා වගේ ,, (අ)
දැත් ශක්තිමත් කරන්න ගියානම් කිසිම ප්‍රශ්නයක්ඇති නොවේ . (අ)
ආණ්ඩුව මේ වගේ වැඩ කළොත් නම් කවදාවත් දේශීය ආර්ථිකය ගොඩ ගන්න බෑ. මේක මහ පුදුම රටක්.(නදී)
මේක මොකක් සම්බන්ධව දාපු නඩුවක් ද නොදැන කට්ටිය ඔහේ හිතෙන හිතෙන දේවල් දානවා.(නදී)
අරුණ වගේ හිතන මිනිසු නිසා අපි යන්තන් පාරේ බැහැල යනවා. ලංකාව ටිකක් හරි ගොඩ ආවේ මොන කාලේද කියලා අපිට කියන්න ඕනේ නැහැ අපි මේ රටේ එදා ඉදන් ඉන්නවා.(නදී)
මේ නඩුව ගැන විස්තර මදි. මොකක්ද මේකේ තේරුම.(නදී)
සාදාරන තීන්දුවක් ගෙන බලාපොරොත්තු නොවී වෙන ජොබ් එකක් හොයා ගන්න එක තමා හොඳම වැඩේ..(නි)
අම්පාර වැනි දුෂ්කර ප්‍රදේශයක කර්මාන්ත ශාලාවක් බිහිකොට රැකියා 4000 ක් ලබා දෙනවා කියන්නේ ලොකු පිනක්.කෝටා කප්පාදුව හා විදේශ වෙළඳපලේ ඉල්ලුම අඩුවීම නිසා මේ වනවිට ගාර්මන්ට් ගණනාවක්ම දිවයිනේ වැසී ගිහින්.සේවක හා පාලක පක්ෂය සමගියෙන් ප්‍රශ්න නිරාකරණය කර ගැනීම ඉතා වටිනවා. (නි)
සීනි කම්හලට වෙච්ච සන්තෑසියම වෙන්න යනවද කොහෙද මේ ගාමන්ට් එකටත්?(නි)
මිනිස්සු හම්බකරන් කන බොන කිසිම කම්හලක් නොවැසිය යුතුයි.(නදී)
මේක රජයට පවරාගෙන රජය මගින් පාලනය කළා නම් හොඳ නැද්ද? එතකොට සේවක අයිතිවාසිකම් සුරාකිය හැකියි. මේ සේවකයෝ මොනවද ඉල්ලනේ? (නි)
නඩුව මොකක්ද දන්නෙත් නැහැ. අඩමානෙට දැම්මා ප්‍රතිචාරයක්. ඇගලුම් සේවකයින්ට කොහෙවත් හොඳට පඩි ගෙවන්නේ නැහැ. රජය ඒ ගැන තීන්දුවක් ගතහොත් ඇඟලුම් වැහුනත් කමක් නැහැ. අපිට සල්ලි මදි.(නදී)
කමල් වගේ මිනිස්සු ඉන්නකම් ලංකාවට ගොඩ ඒමක් නැහැ. මේ මිස්සුන්ගේ රස්සාව නැති උනොත් කමල්ගේ මොනවද කන්න දෙන්නේ එයාලට.(නදී)
පුද්ගලික අංශය මේ විදියට අඩපන කරන්නේ හරියට ඇති තරම් රැකියා රටේ උත්පාදනය කරලා වගේ. අනික ලෝකේ ඉස්සරහට යන රටවල් නම් පුද්ගලික අංශයට උදව් කරනවා. (නි)
දෑත් ශක්තිමත් නොකිරීමේ වරද. තේරෙනවද දැන්? (නි)
මෙහෙම ගියොත් අපේ ගෙවල් වලිනුත් එළියට දායි. (නි)
ඕකත් අහවලාගේ වැඩක් තමයි ඉතින් (නි)
මහලොකු දකුණේ සිංහලකම කියන පිරිස සිංහල බෞද්ධ ව්‍යාපාරිකයෙක් තැනකට එනකොට කකුලෙන් අදිනවා. දයා ගමගේට තියෙන්නේ පොඩි වැඩයි.පොඩ්ඩක් කල්පනා කරලා බලන්නකෝ (නි)
දිගු කලක සිට අම්පාර දිස්ත්රික්කයේ ජනතාව ගෙන් ඉතා විශාල ප්‍රමාණයක් දය ඇඟලුම් කම්හහල තම ජීවිතයේ එක අංගයක් කොට ගෙන ජීවත්අ විය . මෙම ඇඟලුම් කම්හල වසර ගණනාවක් දුප්පත් අම්පාර වැසියන්ගේ බඩගිනි නිවාලන්නට සමත් විය . එදා සිට අද වන තුරු ඒ මත යැපුන ජනතාව ට එය අමතක කල හැකිද..? දුර නොදකින . අදුරදර්ශී දේශ පාලකයන්ගේ බොරු බන අසා ඔබගේ එදා වේල රැක දුන් ආයතනයට එරෙහි නොවෙනු මැනවි . පාලකයනි .... ඔබගේ දේශපාලන අභිමතර්තයන් ඉටු කර ගනීම සඳහා අහිංසක ගැමි ජීවිත බිලි නොදෙනු .....(අ) ජනක
දන්නා කෙනෙක් මට කරුණාවෙන් කියන්න මේ නඩුව මොකක් සම්බන්ධවද කියලා. මට හිතෙන විදියට මේ සේවකයන් පෙනී ඉන්නේ ආයතනය රැක ගන්නද ? (නි)
වරද කුමක්දැයි තේරෙනවද දැන්වත්? (නි)
වරුණ හරියටම හරි. (නි)
මිනිසුන් 4000 රැකියා දීම අද කාලේ ලංකාවේ වගේ රටක කරන්න පුළුවන් පහසු දෙයක් නොවේ.මේ දේශපාලඥයෝ අගය කරන්න ඕනෑ. මේ 4000 රස්සා නොමැති වුනා නම් කීදෙනෙක් අනාථයිද? (නි)
ජනක ,කරුණාකර සේවකයන්ට කරපු අසාදාරනයට යහපත් තීන්දුවක් ලැබෙන්න ඉඩ හරින්න. (නි)
සේවකයන්ව සුරන් කෑවා නම් ඉතින් හොදක් වෙන්න එපා (නි)
ලංකාවේ මිනිස්සු මෝඩ බව අපි දන්නවා. මේ රටේ දේශපාලන පලිගැනීම් කොහෙද නැත්තේ? (නි)
අර කොලඹ අවට ජාත්‍යන්තර පාසැල් තියෙන මහත්තයෙක් එයාගේ පාසල් නිසා කොලඹ අවට ඇතිවන රථවාහන තද බදය නිසා පොලිසියෙන් ආපු පීඩනයෙන් බේරෙන්න ආණ්ඩුවට පැන්නලු. දයා මහත්තයට තියෙන්නෙත් දෙපාරක් නොහිතා එහා පැත්තට පනින්න්න. එතකොට නඩුත් නැහැ මුකුත් නෑ. දැක්කනේ යුද්ද කාලේ තහනම් කරපු ඒ බි සි අයියා ගහපු ප්ලෑන. දෙපාරක් නොහිතා මල්ලිව එහා පැත්තට පැන්නුවා දැන් සේරම ගොඩ.(නදී)
අපේ ගෙවල් ගන්න පටන් ගත්තම ඔක්කොම හරි.(නදී)