
( තිලකරත්න දිසානායක)
ශ්‍රේණිගත වෛද්‍යවරුන්හට ලබාදී ඇති 2021 වර්ෂය සදහා වන ස්ථාන මාරුවීම් අනුප්‍රාප්තික වෛද්‍යවරුන් නොමැතිව ක්‍රියාත්මක කළහොත් එම රෝහල්වල ප්‍රතිකාර කටයුතු අඩාලවිය හැකි බවත් එසේ තිබියදී රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඉදිරිපත් කළ යෝජනාවලිය නොසලකා හරිමින් මාරුවීම් නොලබන වෛද්‍යවරුන් සේවය අතහැර ගියා සේ සලකන බවට ලිපියක් නිකුත් කිරීමට දැඩි විරෝධය පළ කරන බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ගම්පහ දිස්ත්‍රික් ශාඛා එකමුතුව සදහන් කරයි.
මෙම ස්ථාන මාරුවීම් සදහා නම් කොට ඇති ඇතැම් අනුප්‍රාප්තික වෛද්‍යවරුන් විදේශගතව සිටීම සහ සේවයෙන් ඉවත්ව ගොස් ඇති බැවින් වෛද්‍ය ඒකකයන්හි වෛද්‍යවරුන් නොමැතිව මාරුවීම් ලබා ගතහොත් ඒකක පවත්වා ගෙන යා නොහැකිව රෝගීන් දැඩි පීඩාවට පත් වන බවත් වගකිවයුතු සංගමයක් වශයෙන් මෙම මාරුවීම් අනුමත කළ නොහැකි බවත්ය.
මෙහිදී අදහස් දැක්වූ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ වතුපිටිවල රෝහල් ශාඛාවෙහි උප සභාපති සංජීව තල්ගහගොඩ මහතා :- " සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන්ගේ අකාර්යක්ෂමතාවය හේතුවෙන් 2019 වර්ෂයේ සිට වෛද්‍යවරුන්ගේ ස්ථාන මාරුවීම් සිදු නොකොට 2021 වර්ෂයේ ස්ථාන මාරුවීම් ලබා සිටින වෛද්‍යවරුන්ට , සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ලිපියක් නිකුත් කර තිබෙනව 2023 අගෝස්තු මස 31 දින වනවිට 2021 ස්ථාන මාරුවීම් ලැබීමට නියමිත වෛද්‍යවරුන් එම රෝහල්වලින් ඉවත් නොවුනහොත්, එම වෛද්‍යවරුන් 2023 සැප්තැම්බර් මස 15 වෙනි දින සිට සේවය අතහැර ගියා සේ සලකන බවට බවට ලිපියක් නිකුත් කර තිබෙනව. මෙම ලිපියෙන් වෛද්‍යවරුන් දැඩි අපහසුතාවයකට පත්ව සිටිනව. මාරුවීම් ලබා නොගැනීම මත මෙවන් ලිපියක් කිසියම් වෛද්‍යවරයකුට ලැබුනහොත් දැඩි වෘත්තීය ක්‍රියාමාර්ග ගනු ලබනව. "
2025 දෙසැම්බර් මස 18
300
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
198
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
996
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අමාත්‍යංශ ලිපියට දොස්තර විරෝධය
City Wednesday, 13 September 2023 05:01 PM
ඔවුන් දොස්තරලා වගේ බලන්නේ නැහැ. GMOA ඇඳගත්තු පිරිසක් විතරයි...