
(අංජුල මහික වීරරත්න)
අමාත්‍යාංශ කිහිපයක ලේකම්වරුන්ගේ සංශෝධනයක් කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ අවධානය යොමුව ඇතැයි රජයේ ආරංචි මාර්ග පවසයි.
මෙම සංශෝධනය යටතේ ඇතැම් අමාත්‍යාංශ ලේකම්වරුන් මාරු කිරීමටද මහජන සුබසාධන ප්‍රතිපත්ති නිසියාකාරව ක්‍රියාත්මක කිරීමට අපොහොසත් වී ඇති අමාත්‍යංශ ලේකම්වරුන් කිහිප දෙනෙකු ඉවත් කිරීමටද නියමිත බව එම ආරංචි මාර්ග සඳහන් කරයි.
බංකොලොත් රට ක්‍රම ක්‍රමයෙන් ගොඩ නැගීමට රජය ගෙන යන ආර්ථික සහ සමාජ සුභසාධන ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම සඳහා සහයක් නොදී මන්දගාමී පිළිවෙතක් අනුගමනය කරන අමාත්‍යංශ ලේකම්වරුන් පිළිබඳව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට පැමිණිලි ලැබී ඇතැයි රජයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් පැවසීය.
ජනතාවට නිසි සේවයක් නොලැබෙන බවට මහජන පැමිණිලි ලැබී ඇති අමාත්‍යංශ ලේකම්වරුන් සම්බන්ධයෙන් මේ වනවිට සමාලෝචනයක් කර ඇතැයිද එම ප්‍රකාශකයා වැඩිදුරටත් කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතකොට ජනතාවට නිසි සේවයක් නොලැබෙන බවට මුලු රටම පැමිණිලි කරන ඇමැතිලා, මන්ත්‍රීලා, හොර ජනාධිපතිලා ගැන මුකුත් පියවරක් ගන්නේ නැතිද?
ජනාධිපතිතුමා කොහොම හරි විශ්‍රාමිකයින්ට අසාධාරණ ආකාරයට කටයුතු කරන එම දෙපාර්තමේන්තුවේ ලොක්කත් ඉවත්කරනවා නම් ලොකුම පිනක් කරගත්තා වෙනවා එහිම දෙවැනි පෙළත් එවැනිම කෙනෙක් ඉන්නවා..
මෙහිදී විශේෂයෙන් සැලකිල්ලට ගතයුතු කාරණාව වෙන්නේ සමහරුන් දේශපාලකයන්ගේ පස්සෙන් ගිහින් පත්වීම් ලබාගත්තු උදවිය. සමහරු හට දේශපාලුවන්ගේ දැඩි බලපෑම් මධ්‍යයේ හරිහැටි රාජකාරි කරගෙන යාමට ඇති බාධා හා සමහරුන් දේශපාලකයන්ගෙන් හොඳහැටි බැටකා ඇති උදවිය යන මූලික කරුණු කාරණා වේ..
රට බංකොලොත් කළේ අමාත්‍යාංශ ලේකම්වරුන්ට වඩා කාලකණ්ණි දේශපාලකයෝ. ඔවුන් ටිකයි, අයින් කරන්න ඕනෑ... ඒකට අවස්ථාව දෙන්න.
සහයක් නොදී මන්දගාමී පිළිවෙතක් අනුගමනය කරන අමාත්‍යංශ ලේකම්වරුන්.... මේ වට කොහෙන් හිනාවෙන්නද? මේ මිනිස්සු හොඳට ඉගෙනගෙන කැම්පස් ගිහින් උපාධි අරන් සාමාන්‍ය පෙළවත් පාස්වෙලා නැති මී හරක් ටිකකට සර් කියන්න වුණාම එහෙම වෙනවා. අට පාස් එකාගේ මොලේ වැඩ කරන්නේ හොරා කන්න විතරයි. ඒවා මාට්ටු වුණාම මෙයාලා ගස්...!
එතෙර රැකියාවල නියුතු ශ්‍රී ලාංකිකයින් විසින් තම විදේශ විනිමය ඉපැයීම් මෙරටට ප්‍රේෂණය කිරීම මගින් ජාතික ආර්ථිකයට ලබාදෙන දායකත්වය ඇගයීම අරමුණු කරගෙන හඳුන්වාදුන් විද්‍යුත් වාහන ගෙන්වීමේ වැඩසටහන කම්කරු සහ විදේශ රැකියා අමාත්‍යාංශයේ දේශපාලන බලවතුන්ගේ ඉල්ලමක් බවට පත්ව තියෙනවා. ව්‍යාජ ලිපිලේඛන කරගෙනයි වාහන බලපත්‍ර නිකුත් කරලා තියෙන්නේ. මේ සම්බන්ධයෙන් අමාත්‍ය පෞද්ගලික කාර්ය මණ්ඩලයේ දෙදෙනෙකුද සම්බන්ධව සිට තියෙනවාලු මෙම විෂය භාරව කටයුතු කළ අතිරේක ලේකම්වරු දෙදෙනෙක්ම මෙම ඉදිරිපත්වන ලිපි ලේඛනවලට තමන්ට අත්සන් කළ නොහැකි බව පවසා එම විෂයෙන් ඉවත් වුණා. දැන් එම විෂය අමාත්‍යවරයාට ඉතාම හිතවත් අමාත්‍යාංශ ලේකම්වරයා යටතේමයි ක්‍රියාත්මක කරන්නේ. සිද්ධියට අදාල තොරතුරු එලියට යාම හේතුවෙන් මේ වනවිට අමාත්‍ය කාර්යාලයට සහ ලේකම්වරයාගේ කාර්යාලයට යන එන අය ගැන දැඩි විමසිල්ලෙන් පසුවෙනවාලු. ජනාධිපතිතුමනි, මේ පිස්සු ලේකම් සහ නීලකාස හොර ඇමතියා වහාම ඉවත් කරන්න. කියන්නේ බොරු ද කියලා හොයලා බලන්න...!