විශේෂ ව්‍යාපෘති කැබිනට් ඇමැතිවරයා ලෙස ආචාර්ය සරත් අමුණුගම මහතා ජනපති ඉදිරියේ දිවුරුම් දුන්නේය.
ඔහු ද සමග කැබිනට් ඇමැතිවරුන් සංඛ්‍යාව 48කි.
විශේෂ ව්‍යාපෘති කැබිනට් ඇමැතිවරයා ලෙස ආචාර්ය සරත් අමුණුගම මහතා ජනපති ඉදිරියේ දිවුරුම් දුන්නේය.
ඔහු ද සමග කැබිනට් ඇමැතිවරුන් සංඛ්‍යාව 48කි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තමන්ගේම මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය අමු අමුවේ උල්ලංගනය කරන එකම ජනාධිපති (බ)
එහෙනම් ඒකත් එහෙම වුණා.ඔහොම යමුකෝ (නි)
අනේ මටත් ඇමතිකමක් දෙනවද? (බ)
වෙන රටවල් වල නම් විශේෂ ව්‍යාපෘතියක් කරනකොට එකට ව්‍යාපෘති කළමනාකර වරයෙක්වයි දන්නේ. නමුත් ලංකාවේ ඇමති කෙනෙක්. කවදානම් ගොඩ එයිද?(ම)
ඕක කරන්න බැරි නම් ළමයෙකුට දෙන්න (අ)
යමු යමු ඉදිරියට යමු ප්‍රේමියේ (ම)
ලාභ-බාල ඇමතිකම් සෙල්,,,සෙල්....(ම)
ඇමතිකම් දී රට පාවාදීම දැවැන්ත ප්‍රයෝගයක් (බ)
පල්ලෙවත්තෙ ගමරාළ රටම කනවා කෝ කියපුවද මේ.... කරන්නෙ (බ)
මේ අබ ඇටයක් විතර පුංචි, දුප්පත් රට ඇමතිවරු 10 දෙනෙකුගෙන් යුත් පාර්ලිමේන්තුවකින් පාලනය කරන්න බැරි හේතුව මටනම් තේරෙන්නේ නැහැ.අනේ මන්දා ...කවදාවත් හැදෙන රටක් නම් නොවයි මේක(රේ)
යහපාලන පොරෝන්දු බොලව් (බ)
සීනි පොල්තෙල් ලුණු මිළ වැඩි කලේ එයාව ගන්නද?(රේ)
ඇමතිවරුන්ට සමාජය විසින්ම දීල තිබෙන ගෞරවය නිසා පාර්ලිමේන්තු යන හැම මන්ත්‍රිවරයෙක්ම ඇමැති පට්ටමක් ගන්න පොර කනවා. කළ යුතුව තිබෙන්නේ තුට්ටුවකට ගණන් නොගෙන සිටීමය. එතකොට ඇමති පට්ටම් ගන්න තියෙන උනන්දුව ඉබේටම නැතිව යාවි. අන්තිමට මොළේ තියෙන ඇමතිවරු 20 ක් විතර ඉතිරි වුනහම රටට ලොකු වාසනාවක්. දැන් පඳුරකට ගැහුවහම 20 ක් 30 ක් විසිවෙන්න ඇමතිවරු ඉන්නවා. නමුත් රටට වැඩක් නැහැ. ඕක තමා කියන්නේ " මොළේ තියෙනකොට බලේ නැහැ, බලේ තියෙනකොට මොළේ නැහැ" කියල. (බ)
මම මේ දැනගන්න අහන්නේ. එතකොට විශේෂ නැති ව්‍යපෘතිත් තියෙනවද? (රේ
වී රබර් තේ මිනිස්සුන්ට විකුණගන්න විදියක් නැ. බඩු මිල එන්න එන්න වැඩියි. දැන් කන්නේ ඇමැතිවරුද ? (බ)
ඔය ඉන්න 225 ටම මැති ඇමති පට්ටම් දුන්න නම් ඉවරයිිනේ ...අර ගිය සැරේ සීනි ඇමති කෙනෙකුත් හිටියේ, 225 ටම දෙන්න විෂය පත තියනවනි..විමල්ටද දෙන්න පුළුවන් මල අපද්‍රව්‍ය කළමණා කරන ඇමති, කුණු කසල ටික ගෙම්බන්පිලට, වාසු ටත්ඔය මොකක් හරි දෙන්න ( රේ)
සරත් අමුණුගම මැතිතුමා ලංකාවේ හිටපු දක්ෂ සිවිල් නිලධාරියෙක්, සාහිත්‍යධරයෙක්, උගතෙක් වගේම පරිණත දේශපාලනඥයෙක්, එතුමාගේ සේවය රටට ලබාගත යුතුයි.(ම)
දැන්නම් අපිට අසූචි ගදක්වත් තේරෙන්නේ නෑ. නහය උඩින් වතුර ගියාට පස්සේ කොච්චර ගියත් මක්කෙයි .කොහොම උනත් ඉතින් "අපි අහන" ඒවත් දැන් කණපිට පෙරලෙයි (රේ්)
වෙනසක මහිම................ (රේ)
එතකොට ගීතාට මොනවාද දෙන්නේ? (ම)
ස්මිත්, ආණ්ඩුවට කියන්නකෝ මෙහෙම කරන්න එපා කියල, තවත් විමල්ල, ගම්මන්පිලල එකටත් අල්ලගන්න හදන්නේ?(ම)
අනේ මන්දා මොනවා කියන්නද කියලා (නි)