මෛත්‍රිපාල සිරිසේන ජනපති සමග ජර්මනියේ සංචාරයට එක්වූ විදේශ ඇමැති මංගල සමරවීර බොන් නුවර ශ්‍රී ලංකා තානාපති කරුණාතිලක අමුණුගමට තරවටුවක් කළාලු.
ජනපති තුන්දින චාරිකාව හරියට සංවිධානය නොකළැයි දොස් කීවාලු. මේ චාරිකාව හරියට සංවිධානය නොකිරීම ඊට හේතුවලු. එක් අවස්ථාවක ජර්මන් චාන්ස්ලර් ඇන්ජෙලා මාර්කෙල් ශ්‍රී ලංකා ජනපති සමග ගමන් කරද්දී ජනපති මාධ්‍ය කණ්ඩායමේ නිල ඡායාරූප ශිල්පියකු ඒ දෙන්නා ඉදිරියෙන් පැන්නාලු.
එම පුද්ගලයා ගේ ඒ ගමන වැළැක්වීමට මාර්කෙල් ජර්මන් චාන්ස්ලර්වරියට සිදුවුණාලු.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොන්ගොරිල්ලට අහස් යාත්‍රා උන හැදිලා නිතරම අහසේ ඉන්න නිසා? ලංකාවේ කැමරා කාරයොන්ට පුරුදු කොහොමත් මූණටම තියලා පින්තුරේ ගැනීම නේ. (කෞ)
මාලක, හොඳට ගැඹුරින් අධ්‍යයනය කරලා වගේ. චරිත සහතික ජනතාව දෙයි (බ)
කරුණාතිලක අමුණුගම කියන්නේ තම රාජකාරීය වගකීමෙන් ඉටුකරන අත්දැකීම් බහුල ඉතා දක්ෂ නිලධාරියෙක්. (හේ)
මංගලට තරහ යන්න ඇත්තේ වෙන දෙයක් නිසා වෙන්න ඕනෑ (නි)
මාලක, ඒ කියන්නේ ඔයා වැඩිය යමක් නොදන්නා බවනේ. (නි)
දක්ෂ ඇමතිවරු කරන්නේ වැඩේ වැරැද්දුවම බැන අඬගහන එකවත් රජයේ නිලධාරීන් සමඟ ගිය ගිය තැන වාදවලට පැටලීමවත් නොවෙයි. එම වැරදි වීමට පෙර වළක්වා ගැනීමට අවශ්‍ය උපදෙස් දීම පුහුණුව දීම ඇතුළු මනා කළමනාකරණයක් ඇති කිරීමයි. (නි)
මම දන්නා තරමින් මංගල ඉතාම හොඳ ඇමතිවරයෙක්. ඔහු අතීතයේදීත් තම අමාත්‍යංශ මැනවින් පවත්වාගෙන ගියා. සෑම තානාපතිවරයෙක්ම තම රාජ්‍ය නායක ගමන් ඉතාම සැළකිලිමත්ව කළයුතු වෙනවා. මොකද අඩුපාඩු දකින්නේ තානාපතිවරයාගේ පුද්ගලික වැරදි ලෙස නොව රාජ්‍ය තාන්ත්‍රික වැරදි ලෙසයි. (නි)
තානාපති කාර්යාලය තියෙන්නේ බර්ලිනයේ. තානාපති අමුණුගම කියන්නේ පැරෂුට් තානාපති කෙනෙක් නොවෙයි. මනා පළපුරුද්දක් ඇති වෘත්තිමය තානාපතිවරයෙක්. එම සංචාරය සංවිධාන කටයුතු වල කොටසකට මා සහයෝගය දුන් නිසා තානාපති අමුණුගම සහ ඔහුගේ කාර්ය මණ්ඩලය ඉතාමත් කැපවීමකින් ජනපති සංචාරය ඉතා හොඳින් සංවිධානය කළ බව මට සනාථ කළහැකියි. මා ජීවත්වන්නේ බර්ලින් නගරයේයි. (නි)
අනේ අපි දන්නෙ නැහැ ඕවා (නි)
ඒක හොදයි.(හේ)
නිලන්ති ඔයා හරි(කෞ)
කුරුදු පොල්ලකින් තමයි තලන්න ඕන.(බ)
එයා සමහරවිට " පරණ යුගයේ ", ඒ කියන්නේ ඉස්සර කාලෙ පත්කරපු අයෙක් වෙන්න බැරිද? (නි)
නොදන්න දේවල් නොකියා හිටියා නම් තමයි වඩා හොඳ (හේ)
අනේ අපේ රටට වෙච්ච විපතක තරම! (නි)
විදේශ ඇමති පොඩ්ඩක් අවවාදයක් දුන්නට වේගවත්ව කතා කළාට කමක් නැහැ, තානාපති ඔහුගේ සේවය හරියට කළේ නැත්නම්. එහෙත් අපි දැක්කා පසුගිය රජය කාලයේ තානාපතිවරුන්ට ඇමතිලා සළකන හැටි (නි)
නිහාල්, කුලමල ඇදලා ගන්න එපා. ලැජ්ජයි (නි)
ඕවා ටික කලකින් නැතිවෙලා යාවි (නි)
මට නම් මේක විශ්වාස කරන්න බැහැ. මොකද මේ තානාපතිතුමා හරි දක්ෂ කෙනෙක්. හිටපු විදේශ කටයුතු අමාත්‍යංශයේ ලේකම්වරයෙක්. වගකීමක් ඇතුව දක්ෂව කටයුතු කරන කෙනෙක්. (නි)
ප්‍රංශයේ නන්දලාල්, මේ අදහස් ලියන එක එක්තරා අන්දමකට කිවුවොත් ඔබටත් පුළුවන් පුවත්පත් වාර්තාකරුවකු වීමට තබා අඩුම ගන්නේ නිවැරදිව ලියන්න ඉගෙන ගන්නවත්. ලිවීම කලාවකි. (නි)