පිසූ ආහාර සහ අමු මස් එකට ශීතකරණයක ගබඩා කර තැබු බවටත් සනීපාරක්ෂාවට අහිතකර අයුරින් ආහාර සකස් කළ බවටත් වරදකරු වු හෝටල්කරුවන් දෙදෙනකුට අනුරාධපුර අතිරේක මහේස්ත‍්‍රාත් නදීකා ඩී.පියරත්න මහත්මිය රුපියල් 15000 බැගින් දඩ නියම කළාය.
අනුරාධුපර ජයන්ති මාවතේ පේ‍්‍රඩි හවුස් හෝටලයේ අබ්දුල් කාදර් හා එස්. ආර්. එම්. රොෂාන්ට දඩ නියම විය.
අනුරාධපුර මහ නගර සභාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂක ජයම්පති බණ්ඩාර මහතා පැමිණිල්ල ගොනු කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මුළුතැන්ගෙයි භාණ්ඩ වලට වතුර රැගෙන වැසිකිලියට යන හෝටල් තවමත් ඇති මේ රටේ මේවත් ප්‍රශ්නද? (ර)
පිටිගල, ඔබ හරි. නමුත් ඔබ නොදන්නා දෙයක් මම කියන්නම්. මේ මාවත අසළ තිබෙන සමහර හෝටල් ගැන කියලා වැඩක් නැහැ. මේ හෝටල් පිටුපස තිබෙන කාණුවල දුර්ඝන්දය ඉවසන්න බැහැ. හැම කඩයකින්ම ඉතුරුවන අපවිත්‍ර දේ කාණු වලට දමනවා. මේ කුණු වතුර ගලාගොස් වැටෙන්නේ මල්වතු ඔයටයි. නමුත් අපවිත්‍ර දේවල් ගලායන්නේ නැතුව නවතිනවා. (නි)