නාරහේන්පිට ශ්‍රී අභයාරාම පුරාණ විහාරස්ථානයට අයත් තෙමහල් ගොඩනැගිල්ලේ දේශපාලන, මාධ්‍ය හා වෘත්තිය සමිති සාකච්ජා පැවැත්වීම සහ ගොඩනැගිල්ල බදුදීම වළකාලමින් ඉල්ලා එම විහාරස්ථානයේ විහාරාධිපති ගොනු කළ පැමිණිල්ල සම්බන්ධයෙන් විරෝධතා ගොනු කිරිමට මැයි 04 වැනි දා තෙක් කල් දීමට කොළඹ දිසා අධිකරණය අද (29) තීන්දු කළේය.
නාරහේන්පිට අභයාරාම විහාරය දේශපාලන කටයුතු හා මාධ්‍ය හමු පැවැත්වීමට යොදා ගැනීමෙන් එම විහාරයේ විනය පිරිහිමක් හා බෞද්ධ ධර්මය අපකීර්තියට පත්වී ඇතැයි කියමින් කොළඹ 05 කිරුළපන ශ්‍රී පුර්වාරාම විහාරයේ විහාරාධීපති පත්බේරියේ විමලඥාන හිමි විසින් ගොනු කොට තිබු පැමිණිල්ල අද (29) කැඳවමින් කොළඹ දිසා විනිසුරු ටී.ඩී.ගුණසේකර මහතා මෙම නියෝගය නිකුත් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නාග විහාරයට ප්‍රස්නයක් තිබුනද ගිය ආණ්ඩුව කාලේ ?(කෞ)
අපි බලමුකෝ මොකක්ද වෙන්නේ කියලා (නි)
අපේ කාලෙ නම් පන්සල්, විහාරස්ථාන පවත්වාගෙන ගියේ ආගමික කටයුතු වලට, ධර්මදේශනා පැවැත්වීමට මිස දේශපාලන කටයුතු, මාධ්‍ය හමු, වෘත්තිය සමිති වැඩවලට පාවිච්චි කිරීමට නොවෙයි කියල අපි හැමෝම දන්නා කරුණකි. දේශපාලුවන්ගේ පච මෝල් හැටියට විහාරස්ථාන "නොමිලේ බද්දට" ගත්තේ ඔවුන්ට ඒ රැස්වීම් ආදියට ශාලාවක් බදු ගැනීමටවත් මුදලක් නැති නිසා බව රහසක් නොවේ !!! ශ්‍රී පුර්වාරාම විහාරයේ විහාරාධීපති පත්බේරියේ විමලඥාන හිමි, ගොඩින් බේරා ගැනීමට නොහැකිවීම නිසා මේ ප්‍රශ්නය අධිකරණයට ගෙන යාම ඉතාමත් අගය කළයුතු දෙයක් වෙනවා. උන්වහසේගේ මේ ප්‍රයත්නයට ජයවේවා. (බ)
කතාව හරියට හරි! (බ)
පන්සල ආගමික කටයුතු සදහා යොදාගතයුතුයි. (ර)
විහාරාධිපති පුජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද නාහිමියන්ට උපහාර පුදමු. ආනන්ද හාමුදුරුවෝ අභයාරාමය බාරගන්නකොට එම විහාරය තිබුනේ අබලන් වෙලා. උන්වහන්සේ එය ගොඩනැඟුවා. (නි)