IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


‘අභූත චෝදනා එපා’

මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය තම අමාත්‍යංශය යටතේ ඇති නිසා එහි චෝදනා ලැබ ඇති එජනිස හිටපු මැති ඇමතිවරුන් තමන්ට අභූත චෝදනා එල්ල කරමින් සිටින බව මහජන සාමය පිළිබඳ අමාත්‍ය ජෝන් අමරතුංග මහතා සිරිකොත පක්ෂ මුලස්ථානයේ අද (14) පැවසුවේය.

තමන් පාතාලයට සම්බන්ධ බවට ආදී වශයෙන් චෝදනා කරන විමල් වීරවංශ, ඩිලාන් පෙරේරා, තිලංග සුමතිපාල, ප්‍රසන්න රණතුංග, ඇතුළු හිටපු මැති ඇමතිවරුන් සියලූ දෙනාට එරෙහිව මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශයේ පැමිණිලි විභාග වෙමින් තිබෙන බව ද ඇමතිවරයා කීවේය.

මොවුන් කුමන චෝදනා කළත් ලබන 17 වැනිදාව එජාපය අනිවාර්යයෙන් ජයගන්නා බව කී ඇමතිවරයා රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධුරයට පත්වීම කිසිවෙකුටත් වැළැක්විය නොහැකි බව ද ප්‍රකාශ කළේය.

මෙවර ගම්පහ දිස්ත්‍රික්කයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානයට ආසන 5කට වඩා හිමි නොවන බව කී ඇමතිවරයා එක්සත් ජාතික පෙරමුණට ආසන 10ත් 11ත් අතර ප්‍රමාණයක් ලැබෙනු ඇති බව සමීක්ෂණවලින් අනාවරණය වී ඇතැයි ද කියා සිටියේය.



අදහස් (0)

‘අභූත චෝදනා එපා’

හේමන්ත Saturday, 15 August 2015 10:17 AM

නොදන්නා කමටයි අහන්නේ. මුල්‍ය අපරාද විමර්ශන කොට්ටාශයට නොවෙයිද මහා බැංකු බැදුම්කර වංචාව පිළිබද විමර්ශන කටයුතු බාර වෙන්නේ ?. (නදී)

:       0       0

ශානක Saturday, 15 August 2015 10:49 AM

අනේ ඉතින් මොනවා කියන්නද ? (නදී)

:       0       0

පෙරේරා Saturday, 15 August 2015 05:31 AM

මෙතුමා නම කැත කරගත්තු කෙනෙක් නෙවෙයි (නදී)

:       0       0

අන්තෝනි Friday, 14 August 2015 05:40 PM

අපි දන්නවා ඔයා ගැන (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 249 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 181 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 987 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site