බඩ ඉරිඟු වගාවක කොණ්ඩු මල්වල ඉරිඟු කරල් හටගෙන ඇතැයි එය දුර්ලබ සිද්ධියක් යැයිද අම්බලන්තොට වැටිය පාසල් මාවතේ ගොවියෙක් කියයි.
සාමාන්‍යයෙන් බඩ ඉරිඟු ගසක කරල් හට ගන්නේ ගසේ කඳිනි. කොණ්ඩු මල් පීදුණු පසු කඳෙන් කරල් හට ගනී. මෙම වගාවේද ඒ ආකාරයට කරල් හට ගෙන තිබෙන අතර, ගස් කිහිපයක ඉහළට ගිය මල් වල කරල් හටගෙන තිබේ. මෙම කරල්වල ඉරිඟු ඇට ද සාමන්‍ය කරල් වලට සමානය. ඉරිඟු කොලපු වලින් කරල් ආවරණය නොවීම විශේෂත්වයකි.
වගාවේ අයිති කරු එල්. සුනිල් ශාන්ත මහතා කියා සිටියේ, දිගින් දිගටම ඉරිගු වගාව කරන අතර මෙවන් කරල් හට ගැනීමක් නැත. බඩ ඉරිඟු වගාවේ කරල් හටගන්නේ කොණ්ඩු මල් පීදුනාට පස්සේ ඒ ගසේ කඳ ප්‍රදේශයෙන් මල්වල කරල් හටගන්නවා මීට පෙර අහලත් නැහැ දැකලත් නැහැ. මල්වල කරල් තිබෙන ගස්වල කඳෙත් කරල් තියනවා. ඒ කරල් ප්‍රයෝජනයට ගන්න බැහැ. කොලපු නැති නිසා සතුන් ආහාරයට ගන්නා නිසා .



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ප්‍රතිසංස්කරණය කළ ජාන වලින් නිපදවූ දෙමුහුම් බීජ වෙන්න ඇති මේ ගොවි මහතාට ලැබිල තියෙන්නේ. (ම)
මේ බව කෘෂිකර්ම පර්යේෂණ ඉහල නිලධාරියෙකුට දැනුම් දෙන්න, මෙම විශේෂය තුලින් නව ප්‍රභේධයක් හඳුන්වා දීමට හැකියාව තිබෙන්න පුළුවන් කම තිබිය හැකිය. (ම)
කොණ්ඩු මල්, කොලපු මේ වචන දෙකත් මම අද තමයි ඇහුවේ (නදී)
වසන්ත අහල තියනවද පොල්මලේ කේස් එක. එ්කටත් කියන්නේ සමහර පැතිවල(කොලපු) ඕකම තමා (නදී)
තිලක් හරි එහෙම තම වෙලා තියෙන්නේ (අ)