අගෝස්තු 17 වැනිදා මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ අගමැති දිවුරුම්දී වැඩ බාර ගත්තේය. ඊට ටික දිනකට පසු මංගල සමරවීර, ඩී.ඇම්.ස්වාමිනාදන් හා විජයදාස රාජපක්ෂ මහත්වරු එතෙර වැදගත් සම්මන්ත්‍රණවලට සහභාගිවීම සඳහා දිවුරුම් දුන්හ.
සෙසු ඇමැතිවරු දිවුරුම් දීම වරින්වර කල් ගොස් සැප්තැම්බර් 4 වැනිදාට දින නියම කරගෙන ඇත.
ඒ අතර රජයේ සංස්ථාපිත මණ්ඩලයක් බල්ලාගේ හා බූරුවාගේ උපහැරණය සිහිගන්වන පත්වීමක් කර ඇත. 2015.8.28 වැනිදා එම පත්වීම කළ බව සාමූහික සන්නිවේදන කළමනාකරුවකුගේ අත්සනින් මෙතෙක් පත් නොකළ පුද්ගලයකු ඇමැතිකමට පත් කළ මේ මණ්ඩලය ඇමැතිවරුන් පත් කිරීමේ බලතල ලැබී ඇත්තේ කෙසේදැයි සොයා බැලීම වටී.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහින්ද කරපු දේම තම රනිලුත් කරන්නේ (අ)
මේ පාර රනිල්ගේ යාලුවෝ කීදෙනෙක් ඇමති වෙනවද දන්නේ නැහැ. මහින්දගේ පවුල වගේම තියෙයිද දන්නේ නැහැ. (බ)
දැනටමත් ඇමති මණ්ඩලය 20 ට අඩු වෙලා නැහැනේ. සුරංගනා කතා විතරයි. රාජ්‍ය ඇමති වරුනුත් ඉන්නවා,. නියෝජ්‍ය ඇමති වරුන් ඉන්නවා ඊට අමතරව ඇමතිවරුන් ඉන්නවා. විකාරයක් මහා (බ)
කරුණාකර ආ ගන්නනම් එපා.ජනතාවට ඡන්දය තිත්තම වෙයි. (බ)
යහපාලන පොරොන්දු පත්‍රයේ උඩින්ම තිබෙන එකක්නේ ඇමති මණ්ඩලය 20 ට අඩුකිරීම. ජාතික ආණ්ඩු සංකල්පය නිසා මේ පොරොන්දුව ඉටුකිරීමට නායකයන් දෙපළටම හොඳ අවස්ථාවක් ලැබිලා තියෙනවා. ඇමතිකම් නොලැබුණා කියලා මන්ත්‍රීලට වෙන යන්න තැනක් නැහැනේ. මේ 20 ට රාජ්‍ය, රාජ්‍ය නොවන, නියෝජ්‍ය සියල්ල ඇතුළත් වියයුතුයි. මේ පොරොන්දුව ඉෂ්ට කරාවි කියලා මුළු රටම නායක දෙපළ දිහා ඉතා ඕනෑකමින් බලාගෙන ඉන්නවා. ජය වේවා!! (නි)
අනේ අනිච්චන් ! කියනවා මිස වෙන මොනවා කියන්නද. (ම)
මහින්ද සිටි කාලේ රටක්වත් තිබුනා.දැන් මොකුත්ම නැහැ. (නි)
ජනතාවට කොසොල් රජ මතක් වෙන්නේ මෙන්න මේ වගේ වෙලාවට තමයි (නදී)
යහ පාලනය යටතේවත් ජනතාව නිවැරදිව දැනුවත් කල නොහැකි නම් එහි යහ පාලනයක් කොයින්ද?. (නදී)