(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
පසුගිය ඔක්තොබර් 19 වැනිදා පාර්ලිමේන්තුවේදී සම්මත වූ විෂ වර්ග, අබිං සහ අන්තරායදායක ඖෂධ වර්ග (සංශෝධන) යන පනත් කෙටුම්පත අද (23) සිට 2022 අංක 41 දරන විෂ වර්ග, අබිං සහ අන්තරායදායක ඖෂධ වර්ග (සංශෝධන) පනත ලෙස බලාත්මක වේ.
ඒ, අදාළ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද (23) සිය සහතිකය සටහන් කිරීමත් සමගයි.
අධිකරණ බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යවරයා විසින් සැප්තැම්බර් මස 9 වැනි දින විෂ වර්ග අබිං සහ අන්තරායදායක ඖෂධ වර්ග ආඥා පනත සංශෝධනය කිරීම සඳහා උක්ත පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී.
COMMENTS
පනතේ තියෙන්නේ මොනවද කියලා වචනයක් වත් කියන්නේ නැතුව මොනවද මේ ලියන්නේ
මෙරටට කෝටි ගණනින් ආදායම් ලබා ගත හැකියැයි කියන කන්සා සම්බන්ධවත් සංශෝධන එහෙම තියනවද ?
ඒ කියන්නේ අද ඉඳලා හිතේ හැටියට අබිං ගහන්න විකුනන්න පුලුවන්ද ලංකාවේ ?