(අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලංකා ආරක්ෂක හමුදාව ලෝකයේ ඉහලම වෘත්තීයභාවයක් සහිත හමුදාවක් බවට පත් කිරීමට අවශ්‍ය පහසුකම් සහ පුහුණුව ලබාදෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
අදාල පහසුකම් සැලසීම වෙනුවෙන් අවශ්‍ය ප්‍රතිපාදන නිසි පරිදි යොදවන ලෙසද ජනාධිපතිවරයා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.
ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබා දුන්නේ අද (26) ජනාධිපති කාර්යාලයේ පැවති ආරක්ෂක අමාත්‍යාංශයේ 2026 වසරේ පූර්ව අයවැය සාකච්ඡාවට එක් වෙමිනි.
ආරක්ෂක අමාත්‍යාංශයට අදාළව 2025 වසරේ වෙන් කෙරුණු අයවැය ප්‍රතිපාදනවලින් එක් එක් අංශ විසින් ක්‍රියාත්මක කර ඇති ව්‍යාපෘතිවල ප්‍රගතිය සහ ශ්‍රී ලංකා යුද හමුදාව, ගුවන් හමුදාව, නාවික හමුදාව, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව සහ කැඩෙට් නිලධාරින් වෙනුවෙන් ක්‍රියාත්මක වන වැඩසටහන් පිළිබඳවද මෙහිදී විමසා බැලිණි.
ආරක්ෂක අංශ සාමාජිකයන් සඳහා ලබා දෙන විදෙස් පුහුණුවීම් පිළිබඳවද විශේෂ අවධානය යොමු කෙරුණු අතර එම පුහුණුවීම් අනෙකුත් රාජ්‍ය අංශවල නිලධාරීන්ට ලබා දෙන පුහුණුවීම්වලට වඩා සුවිශේෂී බැවින් ඒ පිළිබඳ වැඩි අවධානයෙන් කටයුතු කරන ලෙස ජනාධිපතිවරයා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.
යුද සමයේ මියගිය සිවිල් ආරක්ෂක සාමාජිකයන්ගේ පවුල් වෙනුවෙන්ද, අනෙකුත් ආරක්ෂක අංශ සාමාජිකයන්ගේ පවුල් වෙත ලබා දෙන වන්දි මුදල ලබා දීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනාධිපතිවරයා විසින් උපදෙස් දෙන ලදී.
එමෙන්ම ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල රෝහල වෙනුවෙන් දැනටමත් රජය විශාල පිරිවැයක් දරන බැවින් ඉන් ලබා දෙන සේවාව තවදුරටත් වඩා කාර්යක්ෂම සහ ඵලදායීව මහජනතාව වෙත ලබා දීමට කටයුතු කරන ලෙස ජනාධිපතිවරයා උපදෙස් දුන්නේය.
ආරක්ෂක අමාත්‍යාංශයට අදාළ ඉදිකිරීම්, ආරක්ෂක අංශ සාමාජිකයන්ගේ සුබසාධන කටයුතු ඇතුළු කරුණු රැසක් පිළිබඳවද මෙහිදී සාකච්ඡා කෙරිණි.
ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක, මුදල් අමාත්‍යංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් එච්.එස්. සම්පත් තුයියකොන්තා, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම්වරුන් වන රසල් අපොන්සු, කපිල ජනක බණ්ඩාර යන මහත්වරුද, ත්‍රිවිධ හමුදාපතිවරු සහ ආරක්ෂක අමාත්‍යාංශය යටතේ පවතින ආයතනවල නිලධාරීහු, මුදල් අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ
අපේ හමුදාව ලොව හොඳම හමුදාවක් කරනවා
Samare Tuesday, 26 August 2025 08:44 PM
මේ මොන ගොන් කතාවක්ද? එතකොට 2009 වෙනකොට ලෝකයේ තිබුණු දරුණුම ත්‍රස්තවාදී කණ්ඩායමක් පරාජය කරේ ලෝකයේ හොඳම හමුදාවක් නොවෙයිද?