අප්‍රේල් 15 වැනි දා රජයේ සහ බැංකු නිවාඩු දිනයක් බවට රජයෙන් ප්‍රකාශයට පත් කර ඇත.මෙවර සිංහල හා හින්දු අලුත් අවුරුද්ද යෙදී ඇත්තේ අප්‍රේල් 13 ඉරිදා හා 14 සඳුදා යෙදී ඇත.
අප්‍රේල් 15 වැනි දා රජයේ සහ බැංකු නිවාඩු දිනයක් බවට රජයෙන් ප්‍රකාශයට පත් කර ඇත.මෙවර සිංහල හා හින්දු අලුත් අවුරුද්ද යෙදී ඇත්තේ අප්‍රේල් 13 ඉරිදා හා 14 සඳුදා යෙදී ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ මදුෂානි නංගි මගේ හිතට එන අදහස් මෙතන ලිව්වොත් මේ අදහස ඇතුළත් කරන්නෑ. (ස)
නිවාඩුව අපට නම් හොඳයි. නමුත් ආරක්ෂක අංශයට සහ පොලිසියේ අයට කවදා නම් නිවාඩු ද? (ස)
නිවාඩු දෙනවා නම් තව කොහෙන් හරි කපලා දෙන්න.(නදී)
මදුෂානි සෙව්වන්දි- මතුගම, ඔයාට එපා වුණත් අපිට නම් අපේ ගෙවල් වල තීන්ත ටිකක් ගාලා එළි පෙහෙළි කර ගන්න ඕනා. නෑදෑයෙකුගේ ගෙදරක යන්න ඕනා. කැවුම් කිරි බත් කන්න ඕනා.. ඔයා ඕස්ට්‍රේලියාවේ නිසා ඒවා මතක නැතුව ඇති. ෆේස්බුක් මතකද? හි හි... (ස)
අනේ අපිට නිවාඩු නැද්ද? වෙළඳ නිවාඩු නැද්ද ? ඒ කියන්නේ අපිට අවුරුදු නැහැ. මදුෂානි එහෙ ඔච්චර හොඳ නම් මොකද මෙහෙට ආවේ. එහෙට වෙලා ඉන්න එපායැ වැඩ කරගෙන හැමදාම. (ස)
මදුෂානි ඉල්ලගෙන කනවා හොඳට (නි)
ඇද්ද මදුෂානි අහගත්තා? (නි)
ලෝකයේ නිවාඩු අඩුම රට තමයි අපේ රට.ඒක තමයි මේ තරම් දියුණු. (නි)
ඒක නම් හොඳයි නේද? (නි)
හරිම සතුටුදායක ආරංචියක් (නි)
අනේ පවු මදුෂානි නංගි (නි)
මෙන්න මගෙන් මනාපයක්. (ස)
අපිට නිවාඩු එපා. අපට නිවාඩු එපාමයි. අපිට වැඩ කරන්න ඕනෑ, මේ රට තව දියුණු කරන්න. මම "සිඩ්නි" වල වැඩකරනකොට අපට වසරටම නිවාඩු දවස් 2, 3 කට වඩා තිබුනේ නැහැ. ඒකට මේ රටේ හැමදාම නිවාඩු. (නි)
අපේ රට තමයි ලෝකයෙන්ම නිවාඩු වැඩිපුරම තිබෙන රට. තවත් නිවාඩු වැඩි වෙනවානේ මෙහෙම ගියොත් (නි)
එහෙත් බැංකු සහ ෆිනෑන්ස් ආයතන වල වැඩකරන අපිට අවුරුද්දකට සැරයක්වත් ගෙදර ඉන්න නැති හැටි? ජනාධිපතිතුමනි, ඔබතුමාවත් ඉදිරිපත් වෙලා 14 වෙනිදාට බැංකු ටික නිවාඩු දෙන්න පුළුවන් නම් කොච්චර හොඳද? පින් සිද්ධ වෙනවා (නි)
ශාන්ත මහත්මයා ඔස්ට්‍රේලියාවට දෙසැම්බර් සිට පෙබරවාරි දක්වා තදට ඉර පායනවාද? මොකද ඔබතුමා සමර් වැකේෂන් කියල ලියල තිබුන නිසයි මම එහෙම ඇහැවුවේ. මම හිතන්නේ මදුශානිට නම් ඒ කාලය වින්ට(ර්) විය යුතුයි. (දී)
පෞද්ගලික ආයතන වලට නැති එකයි ප්‍රශ්නය (නි)
අපි ඉරිදා, පෝයදා, සිකුරාදා, බැංකුදා සියල්ලම දින සති අන්ත කරමු. හැමදාම ගෙදර ඉන්න පුළුවන් වෙයි. (නි)
15 දා නිවාඩුව හොඳයි. ලංකාව සිංහල බොදු රටක්. බොහෝ දෙනා අවුරුදු සමරනවා. ඉතින් 13/14 අවුරුදු සමරලා 15 නිදහසේ ගෙදර ඉන්න ලැබීම සතුටක්. මදුෂානි ගේ කතාව ටිකක් වැරදියි. ඕස්ට්‍රේලියා වලට නිවාඩු 9/10 විතර තියෙනවා වසරකට. ඒකත් ප්‍රාන්තයෙන් ප්‍රාන්තයට ටිකක් වෙනස් වෙන්න පුළුවනි. මුළු ඕස්ට්‍රේලියාවටම පොදු නිවාඩු දවස් කීපයක් තිබෙනවා. මාත් අවුරුදු 31 ක් ලංකාවේ ජීවත් වුණ කෙනෙක්. ඇත්තම කතාව ලංකාවේ නිවාඩු වැඩියි. එහෙත් ලංකාවේ අය ගන්න වැටුප, රැකියාවට යන එන ගමන් අපහසුව, කරන සේවයට නොසරිලන වැටුප්, වැටුප් විෂමතා, සේවය නිසි ලෙස නොඇඟයීම වගේ දේවල් නිසා ලංකාවේ අය වැඩිපුර නිවාඩු ගන්න කැමති ඇති. සමහර අය නොදන්නා දේවල් දන්නා විදිහට ලියලා තිබෙනවා. ලිවුවා වැඩි නම් සමාවෙන්න. (නි)
වැඩ කරන්න කම්මැලි අලසයෝ ටික මට චෝදනා කරලා තියෙන බව පේනවා හොඳට. ඔස්ට්‍රේලියාවට ගිහිල්ලා තියෙන එහෙ වැඩ කරලා තියෙන උදවිය දන්නවා කොච්චර අඩු නිවාඩු ප්‍රමාණයක්ද තියන්නේ කියලා. වසරටම නිල නිවාඩුවකට දෙන්නේ "රැජිනගේ උපන්දිනයට " දෙන නිවාඩුව. මට වසරකට ලක්ෂ 5 ලැබුණා "කොමන්වෙල්ත් බෑන්ක්" එකේ ජොබ් එක දාල ආවේ මගේ අම්මගේ අසනීප තත්වය නිසා. ඔය අදහස් දාන කාට හරි "පර්මනන්ට් රෙසිදන්ස්යි " වීසා තිබේ නම් මට පුළුවන් සිඩ්නි වල ජොබ් හොයා ගන්න උදව් කරන්න. (ස)
නිවාඩු එපා කියන අය හිතාගෙන ඉන්නේ ජීවත් වෙන්නේ වැඩ කරන්න කියලා. නැහැ. වැඩ කරන්නේ ජීවත් වෙන්න. සිංහල අපිට ගෙවල් වල මිනිස්සු, නෑදෑයෝ, යාලුවෝ කට්ටියත් එක්ක ඉන්න,සන්තෝෂ වෙන්න ලැබෙන්නේ මේ කාලෙට. නිවාඩු නැතුව වැඩ කරන්න ඕනෑ නම් ඕස්ට්‍රේලියාවට යන්න.අපේ සිංහල දෙමළ මිනිසුන්ට තිබෙන මේ දවස් ටික නැති කරන්න හදන්න එපා.අපේ දියුණුව මනසේ තිබෙන නිදහසයි. (නි)
අපිට කොයින්ද අවුරුදු නිවාඩු? ලංකාවේ හැමෝටම සතුටින් ප්‍රීතියෙන් අවුරුදු නිවාඩුව ගත කරන්න ලැබේවා! සැමට සුබ අලුත් අවුරුද්දක් වේවා !! (නි)
මදුෂානි, මේ ඕස්ට්‍රේලියාව නෙමෙයි.සිඩ්නි වල ගෙවන පඩියෙන් කීයෙන් පංගුවද මෙහෙ ගෙවන්නේ? ඒ නිසා තමයි නිවාඩු වැඩි. (නි)
මේ නිව්ස් එක දැක්කම මට නම් ඇති වුනේ හරිම කණගාටුවක්. ලෝකේ වැඩියෙන්ම නිවාඩු තියෙන්නේ අපේ රටේ. දැන් කාලය ඇවිත් තියෙන්නේ අඩුම ගානේ ඊළඟ පරපුරටවත් කම්මැලිකම දායාද නොකර ආකල්පමය වෙනසකට යන්න. ශ්‍රී ලංකාවට ජය වේවා .......!!!!!! (ස)
ලංකාවේ වෙළඳ නිවාඩු සහ රජයේ නිවාඩු සමාන විය යුතුයි. (ස)
මදුෂානි නංගි ඔයා ඔස්ට්‍රේලියා රැකියාව එපා කියලා මෙහෙ අවේ අම්මා බලා ගන්න නේද ? එහෙනම් ඔය දවස් දෙක තුනේ වත් ගෙදර ඉදල අම්මා හොදට බලාගන්න. ඔයා දවස් 365 රැකියාවට ගිහාම කොහොමද අම්මා බලාගන්නේ. මිනිස්සු ජීවත් වෙන්නේ සල්ලි හොයන්නම නෙමෙයි නේද ?(නදී)
රජයේ අපිට හරියට බැලුවහොත් එක නිවාඩුවක් වත් නෑ.ගන්න අය ගන්නවා. එහෙම නිවාඩු ගන්න බැරි අය ඕන තරම් ඉන්නවා. ගුරුවරු නම් නිවාඩු කාල වලටවත් නිවාඩු තියෙනවා. මෙහෙමවත් නිවාඩුවක් නැත්නම් අපිට නිවාඩු නැහැ. ජනාධිපති තුමනි, මේ පරණ රෙගුලාසි වෙනස් කරන්න. අවුරුද්දකට දෙතුන් පාරක්වත් අනිවාර්ය නිවාඩු 10ක් වත් රජයේ සේවකයන්ට දෙන්න. ඒක හැමෝටම ගන්න පුලුවන් වෙන්න. නැත්නම් නිකන් ඉන්න අය නිවාඩු 40ම ගන්නවා බැරි අය එක නිවාඩුවක් ගන්න ගියත් බැනුම් අහනවා. (ස)
ෂාහ්! මදුෂානි සිඩ්නි වලත් වැඩ කරලා තියෙනවා.(නදී)
නිවාඩු දුන්න එක නම් වටිනවා. ඒ උනාට වැඩ කරන දවසටවත් රජයේ සේවකයෝ හරියට වැඩ කරන්නේ නෑනේ. උදේ එන්නේ 9 ට විතර. උදේට කලා වැඩ පටන් ගන්නේ 9.45 ට විතර. දවල්ට ෂොපින් යනවා. තව කියන්න තියනවා. වෙලාව නෑ. කාර්මික විද්‍යාලයෙන් ඉගනගත්තට පස්සේ මම පුහුණු උනේ විදුලි බල මණ්ඩලේ. මේ මගේ අත්දැකීමක්.(නදී)
ඕස්ට්‍රේලියාවේ දෙසැම්බර් අන්තිම ඉදල ෆෙබරවාරි අන්තිම වෙනකම් සමර් වැකේෂන් එක. ඔයාට නැද්ද මදුෂානි.(නදී)
සිඩ්නි කියන්නේ අර මාළු ලෑල්ලක් දා ගෙන ඉන්න එක්කෙනාද මධු ෂානි?(දී)
මදුෂානි, ඔයා ඕස්ට්‍රේලියා ගිහින් තියෙනවද ? (ස)
මෙතන සමහරු ඕස්ට්‍රේලියාවේ ඇති නිවාඩු පිළිබඳව විවිධ අදහස් පළ කර තිබුනා.ඉතින් මගේ අදහසත් දැක්වුවා නම් හොඳයි කියලා හිතුනා.ඕස්ට්‍රේලියාවේ සේවය ස්ථිර සේවකයෙකුට අවුරුද්දකට දින 20 ක නිවාඩු හිමියි. වෛද්‍ය නිවාඩු අවුරුද්දකට දින 8 යි. ඊට අමතරව රජය අනුමත රජයේ නිවාඩු අවුරුද්දකට දින 9යි.ඒ දින මොනවද කියලා විස්තර කරන්න ගියොත් අදහස දික් වෙනවා. සියල්ල එකතු වුනහම දින 37 යි. මේ නිවාඩු සෙනසුරාදා,ඉරිදා හැරුනහමයි.ඕස්ට්‍රේලියාවේ රැකියාව ස්ථිර නැති අයට මේ කිසිම නිවාඩුවකට හිමිකම් ලැබෙන්නේ නැහැ.වැඩ කළොත් පමණයි වැටුප් ලැබෙන්නේ.අනෙක් කාරණාව බැංකු වල වැඩ කරන සියල්ලෝම ස්ථිර සේවකයන් නොවේ.යුරෝපයට 2009 අවුරුද්දේ වුණ දේ වගේ දෙයක් තමයි දැන් ඕස්ට්‍රේලියාවටත් සිදු වේගෙන එන්නේ.අපේ රැකියාවත් කොයි වෙලේ නැති වේවිද කියලා අපිවත් දන්නේ නැහැ.මේක තමයි ඇත්ත කතාව. (නි)
මේ අහන්න මදුෂානි, අපිට වැඩ කරන්න බැරිකම නෙමෙයි, අපි ආසයි ලැබෙන නිවාඩුවෙන් ගෙදර අය එක්ක ටිකක් නිදහසේ ඉන්න. අනික මේක නිකම් දවසක් නෙමෙයිනේ. අපේ අවුරුද්ද. ඔන්න හැමදාම නිවාඩු ඉල්ලනවා නම් අපි වැරදියි (නි)
මදුෂානි, සිඩ්නි නගරය ලොකුද පොඩිද? (ස)
වෙළඳ නිවාඩු. අපිට බුදු සරණයි මේ පාර. (ස)
විහිලු කෙරුවට අපේ රටේ දවස් 365න් භාගයක්ම නිවාඩු. එහෙම නිවාඩු පිට වැඩි පඩි ඉල්ලලා හර්තාල් කරනවා සමහරු. (ස)
පොඩි වැරදීමක්. පෙබරවාරි අන්තිම නෙමේ. පෙබරවාරි මුල වෙනකම්. (ස)