රජය නිදහස් කිරීමට සැරසෙන කොටි සැකකරුවන් අතර දඬුවම් විඳින කොටි සාමාජිකයන් ද ඇතැයි වාර්තා වී ඇති බව පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පැවසීය.
මේ නිදහස් කිරීමට යන්නේ අවසන් සටනේ දී අත්අඩංගුවට පත් වූ සැකකරුවන් නොව, පොලිසිය හා ත්‍රවිධ හමුදා විසින් අපරාධවලට සැකපිට අත්අඩංගුවට ගත් අය බව ද ගම්මන්පිල මහතා කීවේය.
දෙමළ ජාතික සංධානයේ බලපෑම් මත මෙවැනි සැකකරුවන් 217 දෙනෙකු නිදහස් කිරීමට රජය තීරණය කර ඇති බව ද ගම්මන්පිල මහතා සඳහන් කළේය.
එම් ඒ සුමන්තිරන් මන්ත්‍රීවරයා කොටි සැකකරුවන් දේශපාලන සැකකරුවන් ලෙස හඳුන්වන නමුත්, දේශපාලන සැකකරුවන් යනු අපරාධවලට හවුල් වූවන් නොව, යම් දේශපාලන මතයක් දැරීම හේතුවෙන් අත්අඩංගුවට පත්වූවන් වන බවත් ඔහු කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයාලගේ නඩුත් කලින්ම අසා නිමකළා නම් අද මෙසේ ප්‍රශ්නයක් පැනනඟින්නේ නැත. (නි)
කේ.පී. සහ කරුණට කරදරයක් නැතිව ඉන්න පුලුවන්නම් මොවුන්ව නිදහස් කලාම මොකද ? ඔය මිනීමරපු රජයේ දේපල විනාශ කළ ජේවීපී එක යස අගේට දැන් දුෂකයන්ට විරුද්ධව කෑගහන්නේ. (අ)
එතකොට ගම්මන්පිල මහත්තයෝ, අර කරුණා අම්මාන් මහත්තයා අපරාධ නොකළ කෙනෙක්ද? අපිට නම් මේ කතා වලට ලැජ්ජයි. (නි)
කොටි කොහෙද ගම්මන්පිල මහත්තයෝ ලංකාවේ හිටියේ .ඒ අර ඒ මිස්ටර් ප්‍රභාකරන් කියලා එක්කෙනෙක් හුරතලේට හදපු අහිංසක පුස් පැටව් ටිකක් අල්ලාගෙන අපේ අය හිර කරලා තියෙන්නේ . (අ)
ත්‍රස්තවාදී වැළැක්වීමේ පනතේ මරණීය දඩුවම් නෑ. ත්‍රස්තවාදීන් යනු පොදු අරමුණක් උදෙසා ත්‍රාසය ඇති කරන අයයි. මොවුන්ද දේශපාලන සිරකරුවන්ය. වෛර සහගත අදහස් පැතිරවීමෙන් හා ජනතාව නොමග යැවීමෙන් වළකිමු. බුද්ධිමත්ව හා පුළුල්ව සිතන්න අපි පුරුදු වෙමු. මේ නිදහස් කරන අයට විවෘතීය පුහුණුවක් දී කිට්ටු අධික්ෂණයක් කිරීමේ ක්‍රම වේදයක් ගැන හිතන්න. (අ)
උපුල්, බණ්ඩා, ඩිලාන්ලා වගේ අය අතීතයේත් සිටියා (නි)
උපුල්, බණ්ඩා, ඩිලාන්ලා වගේ අය නිසා තමයි මේ රටට මෙහෙම වෙලා තිබෙන්නේ. (නි)
උපුල්,බණ්ඩා,ඩිලාන්, මට කියන්න අවශ්‍ය දේ මෙතන සඳහන් කරන්න අපහසු නිසා මම ඒක ලිව්වා කියලා හිත හදාගන්නවා. (නි)
මෙතුමා කියන කතා ගැන එච්චර හිතන්න එපා (නි)
කොටි මරන්නෙත් සාමාන්‍ය වැසියන් නේ. ඉතින් කොටි නිදහස් කරලා ගානක් අතට ලැබෙනවා නම් යහ පාලන ආණ්ඩුව ඒකට සපෝට්. (අ)
සත්‍යය පෙනෙනකොට සමහරුන්ට නම් හරි අමාරුයි වගේ (නි)
අනේ අපි ඕවා දන්නෙ නැහැ මහත්තයෝ (නි)
දේශපාලකයන්ගේ බලපෙරේතකම නිසා අන්තිමේදී වරදින්නේ අපිට! (නි)
කිංග්ස්ලි හරියටම හරි. අපේ රටේ කොහෙද කොටි ප්‍රශ්න තිබුනේ! සිංහල ජාතියට අමතකවෙන විදිය මේ සමහර අදහස් වලින් පේනවා. (නි)
බණ්ඩා , උපුල් යන දෙන්නම හරි. (ස)
යමක් වෙන්න තිබෙනවා නම් ඒක වළක්වන්න බැහැ මහත්තයෝ (නි)
පවසන පරිදි මෙම සැකකරුවන් නිදහස් කිරීමට රජය තීරණය කර ඇත්තේ මෙතෙක් කලක් ඔවුන්ට විරුද්ධව චෝදනා ඉදිරිපත් කිරීමට කිසිවෙකුත් අසමත්වූ බැවින් නේද? (නි)
කොටින් ඔවුන්ගේ අමනකම්, කෘර කම් හෙලිවිම්ට ලෙහෙසියෙන් සාක්ෂි ඉතිරි කලේ නැහැ. කොටින්ට ,ඔවුන්ගේ වැඩවලට ආවඩන ,සියල්ල කර්මයට බාර දෙන උතුමන්ගේ කව්රුවත් කොටි සහිකම වලට අසුවෙලා නැතිව ඇති.. (ම)
ලක්මාල් ,මනෝජ් වගේ මන්ද බුද්ධිකයින්ට ඕනේ මේ රට නැවතත් ලේ විලක් කරන්න.මිසක් රටට ඇති ආදරයක් නෙවෙයි. ඇසළගේ අපහසුතාව ගැන කණගාටුයි බලන්න (බ)