රාජාංගණය හැරෙන්නට අනුරාධපුරයේ ගංවතුර තත්ත්වයේ වෙනසක් ඇතිවී නැතැයි නිලධරයෝ කියති. මල්වතුඔය පිටාර ගැලීමෙන් අනුරාධපුර පූජා නගරයේ බොහෝ ස්ථානද මාර්ග රැසක්ද යටවී ගොසිනි.
නුවර වැව වාං ඇළ සමීපයේ පිහිටි වීරසේකරාරාමයේ කොටසක් සේදී ගොස් පැරණි ගොඩනැගිල්ලක් අවදානමට පත්වී ඇත. එම ගොඩනැගිල්ල අසල වාං ඇලේ අඩි 50ක් පමණ සේදීගොස් තිබේ.
රාජාංගණය වැවේ වාන් දොරටු 16ක් පෙරදින විවෘත කළත් අද උදේ වනවිට ජල මට්ටම අඩුවීම නිසා එම ප්‍රමාණය 8 දක්වා අඩුකර ඇත.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇතුවත් බැරි නැතුවත් බැරි වැස්ස! (ම)