ශ්‍රී ලංකාවේ පස්වෙනි ගොල්ෆ් ක්‍රීඩාංගනය ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් හර්ෂ අබේවික්‍රම මහතා අද අනුරාධපුර ගුවන් හමුදා මුලික කඳවුරේදී විවෘත කළේය.
‘ඊගල් හෙරිටේජ‘ ගෝල්ෆ් පිටිය ලෙස නම් කර ඇති මෙය ශ්‍රී ලංකාවේ පස්වන ගෝල්ෆ් ක්‍රීඩාංගණය සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ දෙවන ගෝල්ෆ් ක්‍රීඩාංගණය ලෙස ඉතිහාසයට එක්වේ.
මෙම ක්‍රීඩාංගණය අනුරාධපුර ගුවන් හමුදා කඳවුරේ සුන්දර පරිසරයක විදේශීකයින්ගේ ආකර්ෂනය ඇද ගැනීමට හැකිවන අයුරින් ඉතා අලංකාරව පිහිටා ඇති අතර එම ප්‍රදේශයේ පිහිටවූ පළමුවන ගෝල්ෆ් පිටිය මෙය වේ.
එහි ගෝල්ෆ් ක්‍රීඩාවට අවශ්‍ය සියලූම පහසුකම් සලසා ඇති අතර නවාතැන් පහසුකම්, ආහාර පාන, නාන තටාක, ආදි සියˆම පහසුකම් ලබාගත හැකිය.
ඹ්නෑම පුද්ගලයෙකුට මෙම ක්‍රීඩාංගනයට පිවිසීමටත් ක්‍රීඩා කිරීමටත් හැකියාව ඇති බව ශ්‍රී ලංකා ගුවන් හමුදාව කියයි.
මෙය විවෘත කිරීමේ අවස්ථාවට ගුවන් හමුදා මාන්ඩලික ප්‍රධානී එයාර් වයිස් මාර්ෂල් කෝලිත ගුණතිලක, ගුවන් මෙහෙයුම් අධ්‍යකෂක එයාර් වයිස් මාර්ෂල් ගගන් බුලත්සිංහල, ගුවන්යානා ඉංජිනේරු අධ්‍යකෂක එයාර් වයිස් මාර්ෂල් ජයනාත් කුමාරසිරි, විද්‍යුත් හා විදුලි සංදේශ ඉංජිනේරු අධ්‍යකෂ එයාර් වයිස් මාර්ෂල් රොහාන් පතිරගේ, ගුවන් කොමදෝරු සුදර්ෂණ පතිරණ, ගුවන් කොමදෝරු සාගර කොටකදෙණිය,ගුවන් හමුදා අනුරාධපුර මූලික කඳවඅරු අණදෙණ නිළධාරි ගෘප් කැප්ටන් සම්පත් තුයියකොන්තා ඇතුළු විශේෂ ආරාධිතයෝ රැසක් සහභාගී වූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔයා පිට්ටනියේ රැදී තියෙන සමහර ගොල්ෆ් බෝල ,කිකිළි බිත්තරි කියලා ගොවියෝ අහුලාගෙන ගිහින් තම්බන්නත් පුලුවන්.(නදී)
අපුර ජනතාවට අඩුවක් වී තිබුණු එකම දෙය මෙය තමයි. හවසට කුඹුරු කොටලා ගෙදර ඇවිත් වැවේ වතුරබීල වකුගඩු නරක් උනහම ගොල්ෆ් ගහන්න යන්න පුළුවනි. තවත් මේවගේ වැඩ කරන්න ශක්තිය ලැබේවා. (නදී)
මේ ගොල්ෆ් පිටියත් ලස්සනයි. පිටරට ගොල්ෆ් පිටි හරිම ලස්සනයි. තණකොළ කපලා තියෙන්නේ කොලපාට පලසක් එළුවා වගේ. දුබුරු පාට වේලිච්ච එක තණකොළ ගහක් දකින්න නැහැ.නඩත්තුව ඒ තරම් ඉහලයි. (නදී)
ගයාන් මහතාණනි. පුවතේ සඳහන් ආකාරයට ඕනෑම කෙනෙකුට මේ පිටියේ ගොල්ෆ් ක්‍රීඩාවේ යෙදිය හැකිලු නේද.? එහෙම නම් ගයාන් හුරෝ !ආදී වාසි ඇත්තන්ට උනත් දුරුකතර ගෙවාගෙන අනුරාධපුරේට මන්ගච්චන්ට තහංචි පොජ්ජක් ඇටවිලා නැහැ නේද.? (අ)
රටක් දියුණු වෙනකොට මෙවකේ සුඛෝපභෝගී දේවල් ඇතිකල යුතුයි. නමුත් අනුරාධපුරය වැනි වියලි උණුසුම් පලාතක ගොල්ෆ් පිටියක් නඩත්තු කරන්න යන ජල ප්‍රමාණය සහ අනිකුත් වියදම් බැලුවාම පළාතේ දියුණුව සඳහා ප්‍රමුඛතාවය ගොල්ෆ් පිටියක් නොවේ. විදේශ සංචාරකයෝ මේ පළාතේ සාමාන්‍ය උෂ්ණත්වය ගැන දැනූවත් වූ ගමන් මෙහි සෙල්ලම් කරන්න කැමති වෙන්නේ නැහැ, හොඳින් වියදම් කරන්න හැකි විදේශ සංචාරකයන් සංචාරයට පෙර සියලුම දේවල් හොඳින් සොයා බලනවා. කෙසේ උනත් මේ ව්‍යපෘතියට සුබ පතමි. (නදී)
ගොවි මහතුන්ට නිවාඩු ඇති වෙලාවට ගොල්ෆ් ගහන්න පුළුවන් දවල් වෙනකොට ගම හාමිනෙලා ගොල්ෆ් පිටියට කයිය අරගෙන ඒවි නේද? (නදී)
නියමයි! (නදී)
අනුරපුරට තවත් ආලෝකයක්.(නදී)
මේකට ගිය වියදම කියද.? කෝටි ගානක් වියදම් වෙන්ට ඇතිනේ. ඕනෙම පුද්ගලයෙකුට මේකේ ක්‍රීඩා කරන්ට පුළුවන් කියල කීවට ගොල්ෆ් උපකරණ කිට් එක්ක මිලදී ගන්ට කියක් යනවා කියලද හිතන්නේ.? මිළ අඩුම වර්ගය රුපියල් 35,000 සිට 90,000 වෙනවා. අනික ගොල්ෆ් ගහන්ට ඉගෙනගනට කොච්චර කාලයකුයි වියදමකුයි යනවද.? මේවා කරනවා වගේම දුප්පත් පාසැලක ළමයිට අඩුපාඩු ටිකකුත් හදන්නකෝ.(නදී)
ගොල්ෆ් පිට්ටනි දාල විතරක් මදි. සර්ව ආගමික පල්ලියක් හා කාර් රේස් යන්න නව නගරයේ නව ධාවන පථයක්. හිඟන්නන්ට ප්‍රේමදාස විසඳුම දුන්නහම අනුරාධපුරය ඉබේටම ශුද්ධ (නගරයක්) වෙනවා. (නදී)
අනුරපුරයට ගොල්ෆ් පිටියක් කුමටද? අපේ ගොවි ජනතාවට සෙල්ලම් කරන්නද? තද හිරු රැසින් ගත දහදියෙන් නැහැවෙද්දී අඹුඩ පිටින් ගොල්ෆ් ගහන ගොවි මහත්තුරත් මහියංගන පැත්තෙන් එන ඌරුවරිගේ ඇත්තො කෙටේරි පොජ්ජ ඉනේ පටලාන ගොල්ෆ් ගහන චිත්ත රුපත් මැවුනා. අනේ සාදු. සාදු. සාදු. (නදී)
අල්විස් ඔයා දන්නේ නැද්ද ගුවන් හමුදාවෙන් පාසල් කීයක් නඩත්තු කරනවද කීයලා.(නදී)
හැම දෙයම අනිත් පැත්තට බලන කට්ටිය නිසා ලංකාව දියුණු කරන්න බැහැ. (නි)
උපුල්, එහෙම හිතුවත් කමක් නෑ කියමුකෝ. සොනාලිලා වගේ අනුරාධපුරේ ගොල්ෆ් ගහන්න මහියංගනෙන් එන වැද්දෝ ගැනත් දොඩවන කට්ටිය ඉන්නවා. මේ අය එක්කෝ වැද්දෝ. එහෙම නැත්තන් කොළඹ සීත කාමර වලින් ජීවිතේට එලියට නොබැහැපු අය. (නදී)
ඕකනම් හොඳ වැඩක්. නැත්නම් කවද්ද අපේ ගොවියෝ ගොල්ෆ් ගහන්න ඉගෙන ගන්නේ, හැමදාම බදානාගෙන ඉන්නව මිසක්. දැන් ඉතින් හැදිලා එයි. (අ)
අනුරාධපුර ඉන්න මිනිස්සුන්ට අවශ්‍ය ගොල්ෆ් පිට්ටනියකද එහෙම නැත්නම් වකුගඩු රෝහලක්ද? වකුගඩු නරක්කරගෙන වගා කරපු වී ටික එළවලු ටික විකුණා ගන්න බැරුව, ළමයිට උගන්න ගන්න සල්ලි නැතුව ගොවියෝ දගලනවා. ළමා අපචාර ස්ත්‍රී දුෂණ වැඩිම පළාතක් උන අනුරාධපුරට තිබ්බ එකම අඩුවත් දැන් සම්පුර්ණ උනා. ඕක හදන්නයි නඩත්තු කරන්නයි යන සල්ලි වලින් පළාතට වැඩක් කරා නම් ඉවරයි.(නදී)
ප්‍ර: අනුරපුරයට ගොල්ෆ් පිටියක් කුමටද? පි: මෙම ක්‍රීඩාවට ඉතාම සුදුසු දේශගුණය, අඹුඩ පිටින් පහසුවෙන් ක්‍රීඩා කළ හැකිවීම, උදැල්ල වෙනුවට ගොල්ෆ් පිත්තේ තාක්ෂණය භාව්තා කළ හැකි වීම, පානීය ජලය ගොල්ෆ් පිටි නඩත්තු කරන්න යොදා ගැනීමෙන් වකුගඩු රෝග නැතිම කළ හැකි වීම, ජල පෙරහණක මිළටම (රුපියල් 35,000 සිට 90,000) ගොල්ෆ් උපකරණ කිට් එක්ක මිලදී ගත හැකි වීම, අනුරපුරට තවත් ආලෝකයක් වීම වැනි දේ. (නදී)
ගොල්ෆ් ක්‍රීඩාව ලෝකේ සල්ලි කාරයන්ගේත් සල්ලිකාරයන් සෙල්ලන් කරන ක්‍රීඩාවක්. ලොව වඩාත් ප්‍රචලික සහ සල්ලි දෝරේ ගලන පාපන්දු, රගර්,ටෙනිස් වගේ ක්‍රීඩාත් තියෙන්නේ ගොල්ෆ් වලට පිටිපස්සෙන්. අහරේ රජරට එළවලු කිලෝ හතලිස්දාහක් ඊයේ පෙරේදත් හරක්ට කන්ට දාල විකුණා ගන්ට බැරි උනයි කියල තියෙනවා. මෙහෙ ගොල්ෆ් ගහනවා.(නදී)
ගොල්ෆ් තණකොළ වලට සෞම්‍ය දේශගුණයක් ඕනා කියලයි මන් නම් දන්නේ. තණ කොලත් පිට රටින් ගේනවා ඇතැම් පුද්ගලික ගොල්ෆ් පිට්ටනි අයිති සමාගම්. තවත් අසාර්ථක ව්‍යාපෘතියක් නොවේවා.... අහිංසක මිනිස්සුන්ගේ සල්ලි.(නදී)
සොනාලි, මහියංගනේ කොහෙද අනුරාධපුරේ කොහෙද. ඔයාගේ ඔලුවේ ගොල්ෆ් බෝලයක් වැදුනද ලඟදි? (නදී)
රන්ගිරි දඹුල්ල ක්‍රිකට් පිට්ටනිය, හම්බන්තොට ක්‍රිකට් පිට්ටනිය, හම්බන්තොට වරාය, හම්බන්තොට ගුවන්තොටු පොළ, නොරොච්චෝලේ විදුලිබලාගාරේ,නෙලුම් පොකුණ ඒ ලැයිස්තුවට ගොල්ෆ් පිට්ටනියකුත් ලියාගනින් මල්ලි. නැගලා යන ලැයිස්තුවට හයි වේ එකත් ලියා ගනින්. (නදී)
අනේ අම්මප කුමාර අයියා. මං ඔහොම එකක් දැනං හිටියේ නැහැනේ. (නදී)
ප්‍රතිචාර දාලා තියෙන්නේ මෙලෝ හසරක් නොදන්නා කට්ටියක් . මේ අය හිතාගෙන ඉන්නේ අනුරාධපුරය කියන්නේ අමුඩ ගහගෙන ඉහින් කනින් දාඩිය පෙරාගෙන වැඩකරන ගොවියෝ ඉන්න නගරයක් කියලා. මෙය ඉතා සීග්‍රයෙන් දියුණුවෙන විවිධ පළාත් වලින් පැමිණ විවිධ රැකියා කරන මිනිසුන්ගෙන් යුක්ත නගරයක්. අධ්‍යාපන මට්ටම ඉහල තලයක තිබෙන මිනිසුන් මේ අය. පාරම්පරික ගොවියන් ඉන්නේ නගරයෙන් තරමක් ඈත. ඉතින් සංචාරක ව්‍යාපාරය ඉලක්ක කරගෙන මේ වගේ ව්‍යාප්‍රති අත්‍යවශයයි. පටු විදිහට හැම දේටම ගරහන්න ලෑස්ති වෙන්න එපා . (නදී)