උතුරු මැද පළාත් සභාවේ ගිලන් රථ ඇතුළු වාහන පැදවීමට යුද හමුදා රියදුරන් අද සිට යොදවන බව පළාත් ප්‍රධාන ලේකම් කේ.ඒ.තිලකරත්න මහතා කියයි.
එම පළාත් සභා රියදුරන් 9 වැනිදා සිට වර්ජනයේ යෙදෙන අතර පළාත් සෞඛ්‍ය සේවාව සඳහා ඔවුහු වෙනම රියදුරු සේවාවක් ද ඉල්ලති.
පළාත් සභා නීතිය අනුව එය ඉටු කළ නොහැකි බව තිලකරත්න මහතා පවසයි.
හමුදා රියදුරන් එනතුරු කුලී පදනම මත පෞද්ගලික වාහන යොදාගන්නා බවද ඔහු කියයි.
13.44 අ’පුර සුව රියදුරන්ට සුවයක් නැතිලු
උතුරු මැද පළාතේ සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තවේ සෞඛ්‍ය රියදුරු තනතුරු අහිමි කිරිමට යතියි විරෝධය පළකරමින් රියදුරන් 162 දෙනෙක් අනුරාධපුර පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂක කාර්යාලය ඉදිරිපිට අද (10) වැඩ වර්ජනයක් ඇරඹුහ.
උතුරු මැද රජයේ සෞඛ්‍ය දෙපාර්තමේන්තු රියදුරු සංගමයේ සභාපති ආර්.ජි.වසන්ත කුමාර මහතා පැවසුවේ සෞඛ්‍ය රියදුරන් බදවා ගැනිමේ පටිපාටිය අනුමත නොකිරිම නිසා මේ ක‍්‍රියාමාර්ගයට පිවිසි බවයි.
සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් කිර්ති ගමගේ මහතා ගෙන් කළ විමසිමේදි කියා සිටියේ මේ සදහා උතුරු මැද පළාතේ අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය මෙතෙක් හිමිවි නොමැති බවයි.
![DRIVER_04[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/05/DRIVER_041.jpg)
![DRIVER_02[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/05/DRIVER_021.jpg)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නියමයි. යුද හමුදා රියදුරන්ට එම කාර්යය හොඳින් කිරීමට හැකිවේවා! (නි)
පළාත් ප්‍රධාන ලේකම් කේ.ඒ.තිලකරත්න මහතා ගත් මෙම තීරණය අගය කල යුතු වෙනවා.රටේ හැම හොඳ දෙයක්ම කඩා කප්පල් කිරීමට ඉදිරියට එන දේශපාලුවන්ට දිය හැකි මෙවැනි පාඩම් අනෙකුත් ආයතන ප්‍රධානින් විසිනුත් ගන්නවානම් ඉතා කෙටි කලකින් මෙරට දියුණු කල හැකි වෙනවා.රටක් පාලනය කරන්නේ රජයක්ද, වෘත්තිය සමිති පිටුපස සිටින අතරමං වුන දේශපාලුවන්ද කියා රජය මහජනතාවට පෙන්වා දිය යුතු වෙනවා.(හේ)