අනුරාධපුර බන්ධනාගාරයේ වහළ උඩ නැග සිරකරුවෙකු (45) තම දියණිය බැලීමට යෑම සඳහා තමා නිදහස් කරන්නැයි ඉල්ලා උපවාසයක් අද (11) ආරම්භ කර ඇති බව බන්ධනාගාර නිලධාරීහු කියති.
ඔහු සොරකම් හා මංකොල්ලකෑම් කිහිපයකටම වරදකරු වී 2020 දක්වාසිර දඩුවම් නියම වී ඇති බවත් මෙම පුද්ගලයා හැකි ඉක්මනින් පහළට ගැනීමට කටයුතු කරන බවත් නිලධාරීහු කියති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සමහර දුප්පත් මිනිස්සු දුප්පත්කම නිසාම සුළු දේවල් හොරකම් කරලා හිරේ තපිනවා. එහෙම වුණත් පාර්ලිමේන්තුවේ ඉන්න සමහරු කෝටි ගණන් හොරකම් කරලා තවමත් හොඳින් ඉන්නවා. ඔවුන්ට තමන්ගේ දරුවන් පිටරට යවන්නත් සල්ලි කොහෙන්ද ලැබෙන්නේ? මේවා තමයි නැවැත්විය යුතු හොරකම්. (නි)
සමහරවිට මොහු සොරකමේ යන්න ඇත්තේ තමන්ගේ පවුල නඩත්තු කරන්න වෙන්න ඇති (නි)
දුව කියනවා ඇති යුතුකම් කරන්න කලින් හොරකම් නවත්තන එක යහපත් කියලා (නි)
පුර්වාදර්ශයක් වුණොත් ලංකාවේ ඔක්කොම සිරකරුවෝ කියයි, අපිටත් දරුවෝ බලන්න යන්න ඕනෑ, දෙමවුපියෝ බලන්න යන්න ඕනෑ ආදී වශයෙන්. ඒවා හිතන්න ඕනෑ අපරාධයක් කරන්න කලින් නේද? (නි)
මංකොල්ල නොකා හිටියා නම් හැමදාම දුව බලන්න තිබුනනේ..(හේ)
එළියේ ඉන්න ලේසිම ක්‍රමය තමයි ඇමතිකමක් හෝ මන්ත්‍රීකමක් ලබාගන්න එක. මොන වැරදි වැඩේ කළත් එළියට වෙලා ඉන්න පුළුවන් (නි)