අනුරාධපුර කඩ පනහ අසල රාත්‍රී සමාජ ශාලාවකට කඩා වැදුණු දාමරිකයන් පිරිසක් එහි හිමිකරු බව කියන පුද්ගලයා කපා කොටා මරා කළමනාකරුට පිහියෙන් ඇන වාහන 10 - 15 ක් පමණ පොඩි පට්ටම් කර ඇතැයි පොලිසියට පැමිණිලි කර ඇත.
වෙඩි හඬ වැනි හඬක් ඇසුණු බව අසල්වැසියෝ කියති.නමැති මෙම සමාජ ශාලාවේ මීට පෙරද ගැටුම් ඇතිවී ඇතැයි පොලිසියට පැමිණිලි ලැබී ඇත.
කිසිවකු මේ වන තෙක් අත්අඩංගුවට ගෙන නැති අතර මීට පෙරද පොලිස් නිලධරයකු බව කියන පුද්ගලයකු සාදයකට සහභාගීවී සිටියදී මියගිය බව කියති.
ඝාතනයට ලක්ව ඇති වසන්ත සොයිසා නමැති සමාජ ශාලා හිමිකරු දක්ෂ කරාටේ ශූරයකු බව කියති. ඔහු කොන්ක්‍රීට් තම නළලෙන් කඩා ගිනස් වාර්තාවක්ද පිහිටුවා ඇත.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනුරාධපුර පැත්තට අපලයි වගේ මේ දවස් වල (නි)
කර්මය තමන් පසුපස හඹා එනවා. කාටත් එහෙමයි (නි)
ඉපැරණි ශුද්ධ භූමියක්,,.. දරිද්‍රතාවයෙන් පෙලෙන ජනතාවක් සිටින අනුරපුරට සමාජශාලා කුමටද .පහුගිය ආණ්ඩුව කලේ අදික මිල ගණන් වලට කෑම බීම විකුනපු සුදෙකුට ලයිසන් දීපු සමාජශාලාව ඕකද.....(රේ)
මේකත් අර ඉස්ස්ස්ර දැම්ම වගේ ඒ ගිණුමටම දමන්න. ...(රේ)
ඕනාවට වඩා නිදහස දුන්නමත් ප්‍රශ්න. හිට්ලර්ගේ පාලනයක් නැතුව බැහැ දැන්නම් අපේ රටට. (රේ)
පූජා නගරයේ මෙවැනි තැනුත් තිබේද? (නි)
කට්ටියක් මේකට විරුද්ද උනා නේද කලින් ....(රේ)
මහින්දගේ කට්ටියක්ද දන්නේ නැහැ... නාමල් එහෙම ඉඳල නැද්ද..? (රේ)
මිනී මෑරීම අනුමත නොකලාට පුජනීය ස්තානවල ඉදිකල සමාජශාලාවටනම් එකහෙලාම විරුද්ධයි මම....(රේ)
රටට ලැබුණු අපමණ අගය..ගෝඨාභය වගේ කෙනක් අවශ්‍ය කාලයයි මේ..නැතුව හරියන්නේ නැහැ..යහ පාලනය කියා කියා හිටියාම සේරම හරි.....(රේ)
ඩිංගි රාල, අපි රාජපක්ෂලාට විරුද්ධ වුනාට, නාමල් ක්ලබ් ගානේ ගිහින් මිනිස්සුන්ට තැලුවා කියලා කතා ගියේ නැහැනේ මෙච්චර කල්. ඕවට පහුගිය කාලේ නම ගියේ මාලක සිල්වා ගැනයි. 90 ගණන්වලදී එස් බී දිසානායක සහ මහින්ද විජේසේකරගේ පුත්තු තමයි වැඩ පෙන්නුවේ. ඒ නිසා බොරුවට මිනිස්සුන්ට කතා නොහදා ඉම්මු නේද? (රේ)
වසන්ජය, ඔයා හරි. ඔය පැත්තේ සන්ධානයේ හිටපු ප්‍රබලයෝ තමයි ගිය ආණ්ඩුවේදී ඕව කෙරෙව්වේ. එයාලට නොදැනී අනුරාධපුරයේ මුකුත් කරන්න බැහැ. දැනුත් එතුමාලා දිනලා ඉන්නේ. මොනවා කියාවිද මොනවා කරාවිද දන්නේ නැහැ...(රේ)
බලාගෙන ගියාම රට එන්නම එන්නම විනාෂ වෙනවා වගේ ....(රේ)
ඕවා දැන් ආරම්භ කලා විතරයි පසුව හොඳ හොඳ සෙල්ලම් බලාගන්න පුළුවන් වෙනවා ....(රේ)
අනුරාධපුර සිටින ගරු සන්ධාන නායකයෙනි. ඔබතුමාලා එදත් දිනුවා අදත් ඇමතිලා සහ ඊටත් වඩා බලවත්තු. ඔබතුමාලාගේ පවුල්වල අඛණ්ඩ පාලන සමයේ අනුරපුර වැනි පුජනිය නගරයක් මේ තත්වයට ආවේ කොහොමද කියන එක අපිට ලොකු ප්‍රශ්නයක්. (රේ)
ප්‍රියාන්, ඉසුරන්දි ඔබලාට අනුව එක අපරාධයක් මැඩලීමට තව අපරාධයක් සිදුවිය යුතු බවද ඔබේ අදහස. අපරාධවලට වගකිව යුත්තේ නීතියේ දුර්වලකම සහ සමාජයම බව කෙනෙකුට කියන්නට පුළුවන....(රේ)
පුජනිය නගර වල සමාජ ශාලා පවත්වන්නේ කවුරු ඉලක්ක කර ගෙනද? වන්දනාකරුවන්ද අහිංසක ගැමියන්ද ? පුජනිය නගර ස්ථාන වල අපහාස වන විදියට කටයුතු කල හැමෝටම දෙවියන්ගෙන් අච්චු ලැබුනා. සමහරු බලය අහිමි වෙලා රේසින් කාර් ටිකත් ඔතාගෙන ගෙදර ගිය හැටි දැක්කානේ. මේ තවත් එවැනි සිද්ධියක් .(රේ)
අනුරාධපුරයේ සමාජ ශාලාවක් දාන්න ඉඩ දුන්න දේශපාලුවෝ රැළ ගැන දන්නවනම් දුටුගැමුණු රජතුමා විතරක් නෙවෙයි එළාර රජතුමාත් පිස්සු හැදිලා දුවයි....(රේ)
වින්සන්ට් මහතාණනි, මම හිට්ලර් පාලනයක් උවනායි කිව්වේ අපේ පාලන ක්ෂේත්‍රයේ(හැම අංශයක්ම) අස්සක් මුල්ලක් නැර තියෙන අඩුපාඩු හින්දයි.නැතුව කවදාවත් මේ යන විදිහය වෙනස් කරන්න බැහැ මෙලෝ යකෙකුටවත්.....(රේ)
මේවාට වගකිවයුත්තේ කවුද? (නි)
මිනිස් ජීවිත බිල්ලට ගන්නේ බල්ලෝ බළල්ලු ගාණට.... (නි)
අස රට පුරාම අපරාධ! (නි)
කවුරු වුණත් අපරාදේ වටිනා ජීවිතයක්! (නි)