අනුරාධපුර කඩ පනහේ රාත්‍රී සමාජශාලා හිමිකරු වසන්ත සොයිසා ඝාතන පැමිණිල්ල සම්බන්ධයෙන් අනුරාධපුර පොලිසියේ වග කිව යුතු නිලධරයකු අද නඩුවට නොපැමිණීම ගැන අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් උමේෂ් ෂානක කලංසූරිය මහතා දැඩි දෝෂ දර්ශනයට ලක් කළේය.
පැමිණිල්ල වෙනුවෙන් කොස්තාපල්වරු දෙදෙනෙක් පමණක් පැමිණ සිටියහ.
මෙවැනි නඩුවක පැමිණිල්ල වෙනුවෙන් මූලස්ථාන පොලිස් පරීක්ෂක හෝ වගකිව යුතු වෙනත් නිලධරයකු හෝ නොපැමිණියේ ඇයිදැයි ප්‍රශ්න කළ මහේස්ත්‍රාත් නඩුව පස්වරු 12 .45 දක්වා කල් තැබුවේ ය.
පොලිසියේ මෙම ක්‍රියාකලාපය නිසා සැකකරුවන් 38 දෙනා යළි රිමාන්ඩ් බන්ධනාගාරයට රැගෙන යෑමට බන්ධනාගාර නිලධරයනට සිදු විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd