අනුරාධපුර රෝහලේ වෛද්‍ය කාර්ය මණ්ඩලයේ බරපතල හිගයක් නිසා 2014 දී වකුගඩු සියයක් බද්ධ කිරීමේ ඉලක්කය සපුරා ගත හැකි නොවෙතියි වකුගඩු ප්‍රතිකාර හා පර්යේෂණ ඒකකයේ ශල්‍ය වෛද්‍ය චරිත් වීරසිංහ හා වකුගඩු රෝග විශේෂඥ රජීව් දසනායක කියති.
රෝහලේ සාර්ථක වකුගඩු බද්ධ කිරීම් 17 ක් සිදු කැර ඇත.
මෙම ඒකකය සඳහා දැඩි සත්කාර සායනික හා නිද්‍රා අංශයට වෛද්‍යවරුන් 18 ක් අවශ්‍යය බවට ඉල්ලුම් කැර තිබුණද ලැබී තිබුණේ 3 දෙනකු පමණක් බවද,හෙද හෙදියන් 36 ක් ඉල්ලුම් කළද ලැබුණේ 4 දෙනකු පමණක්යැයිද වීරසිංහ මහතා කියයි.
වකුගඩු රෝගීන් සදහා දැනට ඇති ප්‍රතිකාරය වන රුධිර කාන්දුකරණය වෙනුවට සාර්ථකම ක්‍රමය වකුගඩු බද්ධ කිරීම බැවින් ඊට දායක වන ඥාතීන් හඳුනාගෙන ඔවුන්ගේ වකුගඩු ලබා ගැනීමත් මිය ගිය අයගේ වකුගඩු ලබා ගැනීමත් සඳහා විශාල කැප කිරීමක් කළ යුතු බැවින් වෛද්‍ය හා හෙද කාර්ය මණ්ඩලයේ දැඩි අවශ්‍යතාවක් පවතින බවද වෛද්‍යවරු අවධාරණය කරති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මිනිසුන් දැනුම්වත් කිරිම මදි මෙයින් බේරෙන්න.(නදී)
අපේ මිනිස්සුත් කියන දේ අහනවා අඩු ගතියක් තියෙනවනේ , මේකෙන් බේරෙන්න මැටි බඳුන් පාවිච්චිය බොහොම හොඳයි .එළඟට වතුර උතුරාවල නිවල බොන එක . වසවිස දාල පෙරන මත්පැන් බාවිතයෙන් ඇත් උනොත් මේ හැමදේටම වඩා හොඳයි (අ)
අනවශ්‍ය මුදල් නාස්තිය නතරකරලා රටට බත දෙන මේ මිනිසුන්ගේ ජිවිත රැකල දෙන්න .(අ)