(දයාරත්න ඇඹෝගම)
අනුරාධපුර ශික්ෂණ රෝහලේ පිලිකා වාට්ටුවේ ඉඩකඩ ප්‍රමාණවත් නොවිම නිසා තමන් දැඩි අපහසුතාවයකට පත්ව සිටින බව රෝගිහු පවසති.
පොලොන්නරුව,ත්‍රිකුණාමලය සහ පුත්තලම යන ප්‍රදේශවල පදිංචි රෝගිහු ප්‍රතිකාර සඳහා අනුරාධපුර ශික්ෂණ රෝහලට දුරකතර ගෙවා පැමිණෙති.
දිනකට පිලිකා රෝගිහු ප්‍රතිකාර සදහා 700 කට අධික ප්‍රමාණයක් පැමිණෙති. මෙම හේතුවෙන් පිලිකා වාට්ටුවේ පවතින්නේ දැඩි තදබදයකි.
රෝගීන් තිදෙනෙකුට ඇත්තේ එකම ඇදකි.තවත් රෝගින් විශාල ප්‍රමාණයක් වැතිර සිටින්නේ පොලොව මත එලාගත් රෙද්දක් මතය.
සේලයින් පවා රෝගින්ට ලබාදෙන්නේ පුටුවක වාඩිකරමිණි.
මෙම පිලිකා වාට්ටුවේ පවතින තදබදයට පිලියමක් ලෙස පිලිකා වාට්ටු සංකිර්ණයක් මිට වසර දහයකට පෙර සැළසුම් කර තිබුනද එහි ඉදිකිරිම් කටයුතුද ඇණහිට තිබේ.
අනුරාධපුර ශික්ෂණ රෝහලේ පිලිකා වාට්ටුවේ ඇතිවි තිබෙන මෙම තදබදය අවම කිරිම සදහා කඩිනමින් පියවර ගන්නා ලෙස පිලිකා රෝගින් හා ඔවුන්ගේ බාරකරැවන් වගකිව යුත්තන්ගෙන් ඉල්ලා සිටිති.
මේ සම්බන්ධයෙන් අනුරාධපුර ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය දුලාන් සමරවීර මහතා ගෙන් සිදුකළ විමසුමේදි ඒ මහතා මෙසේ පැවසිය.
‘දිනකට රෝගින් 700 ක් පමණ ප්‍රතිකාර සදහා රෝහලට පැමිණෙනවා.පසුගිය වසර දෙකක කාලයක් තිස්සේ පිලිකා රෝගින් ගේ ප්‍රමාණය වැඩිවි තිබෙනවා.වාට්ටුවේ තිබෙන ඇදන් ප්‍රමාණයට වඩා රෝගීන් 60%ක්70% වැඩිවෙලා. මේ සදහා පිලියමක් විදියට දැනට වසර දහයකට පෙර පිලිකා වාට්ටු සංකීර්ණයක් ඉදිකිරිම සෞඛ්‍ය අමාත්‍යංශයෙන් ආරම්භ කර තිබුණත් එහි ඉදිකිරිම් කටයුතුද අතර මග ඇණහිට ඇතැයි අධ්‍යක්ෂකවරයා පැවසිය.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
‘අ‘පුර රෝහලේ පිළිකා වාට්ටුවේ ඉඩ නෑ‘
Gulliver Monday, 15 May 2023 12:32 PM
රට අරාජිකත්වයට පත්කරපු රාජපක්ෂ මුළු පවුලටම හෙණ හතම වැදියන්...!!! පවුල් පිටින්ම මකබෑවිලා යන්න!!! රට විනාශ කරපු, රට කොල්ල කාපු අයට සහ ඔවුන්ට කඩේයන වහල් බයියන්ට හෙණ හතම වැදීයන්.... ශාප වේවා...!